Breaking
26 Feb 2025, Wed

නුල් සුත්තර වෛද්‍ය ක‍්‍රිස් නෝනිස්ට මරණ තර්ජනලු -ලෙඩා නොමරා එම්බාම් කරන්න හදයි

සියලූම සිවිල් නඩු වලින් පරාජිත වී සිටින වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතා, එම නඩු ජයග‍්‍රහණය කළ මැක්වුඞ්ස් හී බහුතර කොටස් හිමියන්ට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කර ඇත.සිවිල් අධිකරණය නඩු පහකින් පරාජ වී සිටින මැක්වුඞ්ස් සමාගම් සමූහයේ සභාපති වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතා, 60% ක් වූ බහුතර කොටස් හිමියන්ගේ කැමැත්තට එරෙහිව කටයුතු කිරීමට අපොහොසත් ව, ඔහුගේ අවසන් ප‍්‍රයත්නය ලෙස මැක්වුඞ්ස් හි බහුතර කොටස් හිමියන් වන 80-වියැති මේරි වර්මා මිය සහ එෆ්. ජී. එන්. මෙන්ඩිස් මහතා සහ ඔහුගේම සහෝදරිය වන නිර්මලා සමරතුංග මිය හට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර ඇති බවට මැක්වුඞ්ස් ආරංචි මාර්ග, 2016 ජූලි මස 14 වනදා පැවසීය.

මෙහිදී ඔහුගේ ජීවිතයට මරණ තර්ජන ඇති බවටත්, එමගින් ඔහුට ඔහුගේ ජීවිතය පිළිබඳව අනියත බියක් ඇති බවත්, පවසමින් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතා සාවද්‍ය සහ අසත්‍ය චෝදනා මවාපාමින් මෙම පැමිණිල්ල සිදුකොට ඇත. තවද නෝනිස් විසින් මෙම සිද්ධිය හා කිසිඳු සම්බන්ධයක් නොමැති පුද්ගලයන්ද මෙය චෝදනාවට හවුල් කරවීමට බොහෝ ප‍්‍රයත්න දරා ඇති නමුත් එමඟින් පොලීසියට ඒත්තු ගැන්වීම ඔහු දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඇත.

“නෝනිස්ට අනුව ඔහුගේ ජීවිතයට තර්ජන එල්ලවී ඇත්තේ 60% ක් වූ බහුතරයක කොටස් හිමියන් විසින් මැක්වුඞ්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂකවරු තිදෙනා පත් කළ 2016 ජූලි මස 07 වන දින පවත් වන ලද අති විශේෂ මහා සභා රැස්වීමේදීය. කෙසේ නමුදු පුදුමයට කරුණ නම් මේ සා යහපත් මනසක් ඇති වෛද්‍යවරයෙකු හට මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සතියක පමණ කාලයක් ගත වීමය. නැතහොත් සිවිල් අධිකරණය තුළ පස් වතාවක්ම අන්ත පරාජයකට ලක් වීමෙන් මංමුළාවී සිටින නෝනිස් හට නැවත බලය ලබා ගැනීමේ අරමුණින් ඔහු විසින් අතීශය අසාමන්‍ය අපරාධ ප‍්‍රබන්ධය ගොඩනැඟීමට සතියක් පමණ කාලයක් මිඩංගු කිරීමට සිදුවන්නට ඇත. තම සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදලෙන් හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදලෙන් රුපියල් මිලියන 300 මුදලක් සහ මැක්වුඞ්ස් ගෲප් ඔෆ් කම්පැනීස් (මැක්වුඞ්ස් සමාගම් සමූහය) සහ අගලවත්ත වැවිලි සමාගම යන ආයතන වලින් බිලියන 1.134 වැඩි මූල්‍යමය වංචාවක් සිදුකළ සුදු කරපටි අපරාධකරුවකු වන නෝනිස් නීතියට පිටු පෑමට සහ නැවත බලයට පැමිණීම තුළින් ඇති විය හැකි තත්වය බිහිසුණු සහගතය,” සමාගමේ සේවකයකු පැවසීය.

http://www.lankanewsweb.today/archives/11760

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.