Breaking
24 Feb 2025, Mon

නුවර මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවති,සටන අවසන් නෑ

මහනුවර ඇහැළේපොල කුමාරිහාමි මාවතේ (මුස්ලිම් පල්ලිය පාර) සිටි ප්ලාසා ගොඩනැගිල්ලේ අනවසරයෙන් ඉදිකරමින් පැවති මුස්ලිම් පල්ලියේ කුළුණ ඉදිකිරීම නවත්වන ලෙස මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා විසින් පල්ලියේ භාරකරුවන් වෙත ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගයේ ගෞරවය ආරක්ෂා කිරීම සදහා ඊට ඉහළින් පිහිටන සේ ඉදිකිරීම් නොකිරීමට මහනුවර නගර සභාව විසින් අනුගමනය කළ නීතිමය සම්ප්‍රධාය බිද දමමින් අනවසරයෙන් මෙම පල්ලියේ කුළුණ ඉදිකර ඇත. ශ්‍රී දළදා මාලිගාවට වඩා උසින් පිහිටන පරිදි රන් ආලේපිත මුදුන් හිස එහි සවීකිරීමට සෙනසුරාදා රාත්‍රියේ සූදානම්ව සිටි අතර පසුව රවූෆ් හකීම් ඇමතිවරා විසින් ඊයේ (ඉරිදා) දිනයේ එය විවෘත කිරීමට නියමිතව තිබුණා. මතුවූ විරෝධය හේතුවෙන් එය තාවකාලිකව අකුලා ගැනීමට පල්ලිය විසින් කටයුතු කර තිබෙනවා.

මෙලෙස බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේගේ ගෞරවයට හානි කරමින් සිදු කරන්නට ගිය අන්තවාදී ක්‍රියාවට එරෙහිව භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ ‘සිංහලේ ජාතික බලමුළුව’ ඊයේ එම පල්ලිය අසලදී විරෝධතාවක නියැළුණු අතර ඔවුන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස නාගරික කොමසාරිස්වරයා විසින් තහනම් නියෝගය පණවා තිබෙනවා.

අදාල පල්ලිය ඉදිකර තිබෙන්නේද මල්වතු මහා විහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකයි.

KANDY_LETTER

පාලකයිනි, ලෝක උරුම මහනුවර බෞද්ධ පුරවරයේ අන්‍යාගමික අන්තවාදී ක‍්‍රියාවන්ට එරෙහිව ස්ථිරසාර විසඳුම් ලබා දෙනු.

Sinhale_galgamuwa (7)හෙළ ඉතිහාසයේ වීර කාන්තා රත්නයක් වූ ඇහලේපොළ කුමාරිහාමි මාවත. (මීට දස වසරකට පෙර) වර්තමානයේදී නිවට නියාලූ අවස්ථාවාදී දේශපාලූවන්ගේ බඩගෝස්තරය රැුක ගැනීම පිණිස මුස්ලිම් අන්තවාදය උදෙසා මහා පවාදීමකට ලක්ව මුස්ලිම් පල්ලිය පාර යන නාමයෙන් හැඳින්වෙන මාවතේ කූට හා වංචනික මෙන්ම සදාචාර විරෝධී ක‍්‍රමෝපායන් මගින් ඉදිකොට ඇති මුස්ලිම් ආගමික ඉදිකිරීම වඩාත් පුළුල් කරමින් සිංහල බෞද්ධයන්ගේ ඉවසීම නිවට කමක් සේ සලකමින් සදාචාර විරෝධී අන්දමින් බෙද්ධයාගේ මුදුන් මල්කඩ වූ දළඳා වහන්සේට හිතාමතා අගෞරව කරමින් දළඳා මැඳුරත් අභිබවා යමින් සිදුකිරීමට ගිය ඉදිකිරීම් විටින් විට ඇති වූ විරෝධතා හමුවේ නතර වී තිබිණ. වත්මන් ආණ්ඩුව යටතේ හදිසියේම සිය ආත්මයම පාවාදුන් සිංහල බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලූවන්ගේ අනුහස හා ආශිර්වාදය මධ්‍යයේ මුස්ලිම් දේශපාලන අධිකාරිය විසින් යළිත් එම ඉදිකිරීම් ක‍්‍රියාත්මක කිරීමේ උච්චතම අවස්ථාව ලෙස 2016.06.05 දිනයේදී ක්‍ෂණිකව ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට කටයුතු යොදා තිබිණ.

එහෙත් ක්‍ෂණිකව ක‍්‍රියාත්මක වූ සිංහලේ ජාතික බලමුළුව අද දවසේදී මහනුවරට යමින් ඊට විරෝධාතවය පලකරන්නටත් කෙසේ හෝ මෙම අන්තවාදී බෞද්ධ විරෝධී ක‍්‍රියාව නතර කරන්නටත් කටයුතු යොදන්නට වූයේ සිය බලපරාක‍්‍රමය කේන්ද්‍රව ඇති දළ\ වහන්සේට සිදුවන නිගාව දෙස මුනිවත රකිමින් පසු වූ වගකිවයුතු බොහෝ ඇත්තන් පවා සිටින මොහොතකය. තත්වය මෙසේ තිබියදී රැුස් වූ ශාසනහිතකාමී මහා ස`ගරුවන හා ගිහි පිිරිස දැක් වූ සාමකාමී විරෝධතාවය හේතුවෙන් සිංහල බෞද්ධ වේශයෙන් සිටින බලකාමී දේශපාලූවන්ගේ බලපෑම්වලටවත් යටහත් නොවී මහනුවර නාගරික කොමසාරිස්තුමා ලිඛිතව දන්වන්නට වූයේ එම ඉදිකිරීම් වහාම නතර කරන ලෙසටය.

ඉතිහාසය පුරාවට සිදු වූයේ සිංහල බෞද්ධ උරුමය හොර රහසේම මංකොල්ල කෑමයි. එනිසා ඉදිරියේදී දේශපාලන අධිකාරියේ ප‍්‍රබල මැදිහත්වීම් තුළින් මෙම අනතුර යළිත් ඉස්මතුවීමට ඉඩ ඇත. ඒ පිළිබඳව දිවි හිමියෙන් සිංහලේ ජාතික බලමුළුව ඇතුළු කොටගත් ශාසනහිතකාමී සැම අවධියෙන් සිටින බව අවධාරණයෙන් සිහිපත්කොට සිටින අතර පාලකයන්ට දැඩිව සිහිපත්කර සිටින්නේ සිංහල බෞද්ධයන්ගේ ඉවසීමේ සීමාව අතිශයින් ඉක්මවා ගොස් ඇති බවටයි. එනිසා වහාම මෙම ගැටළුවට වගේම ඇහළේපොල කුමාරිහාමි මාවත යළි ස්ථාපිත කරන්නටත් සමස්ථයක් ලෙස අන්තවාදී අන්‍යාගමික ව්‍යාප්තවාදය සෑම අන්දමකින්ම නවතා ස්ථිරසාර විසඳුම් ලබාදීමටත් කටයුතු කරන මෙන් සිහිපත්කර සිටිමු.
තෙරුවන් සරණයි.
මේ වගට,
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,
මහ ලේකම් – සිංහලේ ජාතික බලමුළුව.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.