Featured

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල තවත් බිල්ලක් ගනී…

යහපාලකයන්ට හිසරදයක් වු “සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ” බරකරට ගත් මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කිරිම සදහා සහය දුන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද ශල්‍යකර්මයකට භාජනය කළ විවාහක කාන්තාවක් එම ශල්‍යකර්මය අතරතුර ජීවිතක්ෂයට පත් කර තිබේ.

රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවට ඥානීත් චෝදනා කරන අතර වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවද මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් රෝහලේ නොසැලකිල්ල මත මෙය සිදුව ඇති බවට චෝදනා කරයි.මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික උපාධි ප්‍රධාන කිරීමේ නීතිවිරෝධී ආයතනයේ ශීක්ෂණ රෝහල ලෙසද භාවිතා කරන අතර එය ප්‍රමිතියෙන් තොර ශීක්ෂණ රෝහලක් බව වෛද්‍ය සභාව විසින්ද තහවුරු කර ඇත.
මීට පෙරද මෙම රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත රෝගීන් කිහිපදෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෛත‍්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිව හිටපු කාලයේ සයිටම් ආයතනය පිළිබඳව වාර්තාවක් 2012 මාර්තු 22 රාජපක්ෂ ජනාධිපතිවරයාට ලබාදුන්නා. එයින් ඔහු අවධාරණය කර තිබුනේ සයිටම් ආයතනයට නීත්‍යනුකූලභාවය ලබා නොදිය යුතුය යන්නයි. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයා සයිටම් එක නීති විරෝධී බව පිළිගන්නවා. නමුත් ගැටලූව තිබෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව තවමත් පවත්වාගෙන යෑමයි.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදි 2015 සැප්තැම්බර් 26 වැනිදා සෝභිත හිමියන්ට සංවිධානාත්මකව හෘද සැත්කම් දෙකක් සිදු කළ අතර පසුව එය අසාර්ථක විම හේතුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් මරණයට පත්වුනා.


නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල… by lnwtoday

Top