Breaking
25 Feb 2025, Tue

පක්ෂය පාවාදුන් අමනයන්ගෙන් සමාව ගන්නේ නෑ ….

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පාවාදුන් මෛතී‍්‍රපාල සිරිසේන සභාපතිවරයාගෙන් හෝ දුමින්ද දිසානායක මහ ලේකම්වරයාගෙන් හෝ සමාව ගැනීමට තමන් කිසිසේත් සූදානම් නොමැති බව ගම්පහ පළාත් පාලන ප‍්‍රධානීහු අවධාරණය කරති. ඔවුන් පෙන්වා දෙන්නේ එලෙස සමාව ගෙන ජනතාව පාවා දීමට තරම් තමන් නිවටයන් නොවන බවයි. ගම්පහ දිස්ති‍්‍රක් පලාත් පාලන මන්තී‍්‍ර සංසදය අද උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ගම්පහ පලාත් පාලන හිටපු ප‍්‍රධානීහු මේ බව අවධාරණය කලහ.

මෙහිදී අදහස් දැක්වූ පළාත් පාලන ප‍්‍රධානීහු මෙසේද කීහ.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා

මේ පක්‍ෂය විනාශ කලේ වර්තමාන සභාපතිවරයා. ඔහු තමයි පක්‍ෂය දෙකඩ කලේ. ඔහුත් සමග පක්‍ෂය දෙකඩ කරන්න දුමින්ද දිසානායක ඇමතිවරයාත් අද යහපාලනයට මුක්කු ගහලා ඉන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුත් කටයුතු කලා. අද ඔවුන් කියනවා මහින්ද මහත්තය ඇතු`ඵ පිරිසට ඔවුන්ගෙන සමාව ගත්තොත් අපිට සමාව දෙන්න පු`ඵවන් කියලා. පක්‍ෂයේ තව දුරටත් තියාගන්න පුලූවන් කියලා. අපි මේ පක්‍ෂය පාවා දීපු නිවටුන්ගෙන් සමාව ගන්න සූදානම් නෑ. මහින්ද මහත්තයත් එක්ක ඉන්නේ කොන්ද පන තියෙන පිරිසක්. ඕන්නම් අපේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරන්න. ඕන්නම් අපිව පක්‍ෂයෙන් එලවන්න. එහෙමත් මදිනම් අපිව හිරේ දාන්න. හැබැයි අපි ඔය කිසිම කෙනෙක්ගෙන් සමාව අරගෙන ජනතාව පාවලා දෙන්න ලෑස්ති නෑ.

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා.

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද මාධ්‍ය හමුවක් තියලා කියලා තියෙනවා පාද යාත‍්‍රාව ගිය අයට විරුද්ධව විනය කි‍්‍රයාමාර්ග ගන්න ඕනේ කියලා. ඔය උප සභාපතිවරයා පක්‍ෂය පාවා දෙද්දී අපි තමයි ගම්පහ පක්‍ෂය රැුක ගත්තේ. එදා පාද යාත‍්‍රාවට ලක්‍ෂ පහලොවකට වැඩි පිරිසක් සම්බන්ධවෙලා හිටියා. උප සභාපතිවරයා ලිප්ටන් වට රවුමට ගිහින් මැනලා බැලූවලූ. අපි කියන්නේ එතුමට කොළඹ ඉදන් මහනුවරට ටේප් එකක් අරන් පාර මනින්න. කොච්චරක් සෙනග ආවදැයි එවිට බලන්න පුලූවන්. මේ අය අද හැසිරෙන්නේ අධ ගො`ඵ බිහිරි පුද්ගලයෝ වගේ. මේ හැමෝම දන්නවා පාද යාත‍්‍රාවට ලොකු ජනතා ආකර්ශනයක් ජනතා සහයෝගයක් තිබුණයි කියලා. ඇත්ත ශී‍්‍ර ලංකා කාරයෝ මහින්ද එක්කයි ඉන්නේ කියන එක මේ පාද යාත‍්‍රාවෙන් ඔප්පු වුණා.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන ආයතන නියෝජිතයන් බහුතරයක් ඉදිරයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කරන්නේ නෑ. අපි අඩුම තරමින් සම්මුඛ පරීක්‍ෂණවලටවත් සහභාගී වන්නේ නෑ. අපි පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පක්‍ෂයකින් පමණමයි.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රනී දර්ශිකා ගුණසේකර මහත්මිය.

පාද යාත‍්‍රාවට පෙර ඉදලත් පාද යාත‍්‍රාවට පසුවත් මෛතී‍්‍ර රනිල් ආණ්ඩුවට මුක්කු ගහන පිරිසකට රුදාව හැදිලා තියෙනවා. පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට හූ කිව්ව එක අම්මට හූ කිව්වා වගේ කියලයි සමහරු කියන්නේ . සිරිමාවො මැතිණිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අම්මා නම් බණ්ඩාරණායක මැතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තාත්තා නම් ඔවුන් හිටපු හොරගොල්ලේදී අපි ඔවුන්ට ගෞරවය දැක්වුවා. හිස් වැසුම් ගලවලා කොඩි පාත් කරලා සටන් පාඨ කියන එක නතර කරලා අපි ඔවුන්ට ගෞරව කලා. චන්ද්‍රිකා මැතිණිය හොරගොල්ල සමාධියට ඉබි යතුරු ාලා වහලා තිබුණා. අපේ පක්‍ෂයේ අම්මවයි, තාත්තවයි පාවලා දුන්නේ මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයයි. අම්මවයි, තාත්තවයි පාවලා දීලා අද යූ.එන්.පී.යට පක්‍ෂය උගස් කරපු අය කිඹුල් කදු`ඵ හෙළනවා. අපි ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කටයුතු කරන්නේ මහින්ද මහත්තයත් එක්ක මිසක් පක්‍ෂය පාවාදුන්න අයත් එක්ක නෙමේ.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පි‍්‍රයන්ත පුෂ්පකුමාර මහතා.

2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතා සමාධියට ගේන්න සමහරු උත්සහ කලා. අපි ඒකට විරුද්ධ වුනා. පාද යාත‍්‍රාවේ ගිය අයට විරුද්ධව විනය පරීක්‍ෂණ පවත්වන්න ඉස්සෙල්ලා මේ යූ.එන්.පී. ආණ්ඩුවට මුක්කු ගහපු උදවියට විරුද්ධව පියවර ගත යුතුයි. චන්ද්‍රිකා මැතිණිය අම්මවයි, තාත්තවයි, පාවලා දීලා පක්‍ෂයත්, පාක්‍ෂිකයවත්, එක්සත් ජාතික පක්‍ෂයට උගස් කලා. එතුමියගෙන අපිට අහන්න තියෙන්නේ යූ.එන්.පී ය සැපද කියලයි. පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයට උගස් කරන ගමන් අපිට චෝදනා කරනවා පක්‍ෂය කඩනවයි කියලා අත්තනගල්ලේ නෝනා කියන දේවල්වලට දැන් ජනතාව රැවටෙන්නේ නෑ.

ගම්පහ නාගරික මන්තී‍්‍ර තිස්ස ගුණවර්ධන මහතා.

මහාමාර්ග ඇමතිතුමා කියනවා පාද යාත‍්‍රාව උඩින් බලපුවාම එයාට පෙනුනේ යාර 500ක දුරක් විතරයි කියලා. එතුමා මහාමාර්ග ඇමති වුනාට දුර පෙනීමේ අවුලක් තියෙනවා කියලයි මට හිතෙන්නේ . මේ පාද යාත‍්‍රාව වලක්වගන්න අපේ පක්‍ෂයේ යැයි කියන සමහර උදවියත් උසාවි ගියා. එහෙම ගිහිල්ලා මේ පාද යාත‍්‍රාව නතර කර ගන්න බැරි වුනාම දැන් බොරුවට චෝදනා කරනවා. මේ චෝදනා කරන අයම තමයි පක්‍ෂය කඩන්නේ.

ප‍්‍රදීප් අනුර කුමාර.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.