Featured

පටන්ගත්තු ගමන් ඇනගත් UNP App

රට ඉදිරියට ගෙන යන එජාපය සමග අත්වැල් බැඳ ගැනීමට එක්වන ලෙසට රුපියල් 20ක් හිඟාකමින් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙරට තරුණ තරුණියන්ට සිය ජංගම දුරකතන් හරහා පක්ෂයේ සාමාජිකත්වය ලබාගන්න ලෙසට ආයචනය කරමින් පෙරේදා (23 වැනිදා ) හදුන්වාදුන් UNP App නැමති සාමාජිකයන් බිලිබා ගැනිමේ මෙහෙයුම සම්පුර්ණයෙන් අසාර්ථක වි ඇති අතර එය නිර්මාණ්‍ය කිරිමට මුලිකත්වය ගත් එජාපයේ රනිල් පිළේ ලපටි කොලු ගැටයන්ට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ දෝෂාරෝපණයද එල්ල වි ඇති බව අප එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු සදහන්කළා.

UNP App හදුන්වාදි පැය 48ක් පමණ ගතවි ඇතත් මේ දක්වා ඒ හරහාස් මාජිකත්වය රැගෙන ඇත්තේ 1000කටත් අඩු පිරිසක් වන අතර ඒ හරහා පක්ෂයේ නොහැකියාව පෙන්නුම් කරන ඇති බවත් එය රහසිගතව පවත්වා ගන්නවා වෙනුවට මේ හරහා එජාපයේ පිරිස් බලය සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත විමට ඉඩ ඇති බවයි එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු සමග අදහස් දක්වමින් එජාපයේ ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කර ඇත්තේ…. බලය ලබාගැනිමෙන් පසුව විවිධ පුද්ගලයන් පක්ෂයට එකතුවි ඇති බවත් ඔහුන් මුදල් ඉපැයිම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති පක්ෂය සදහා රැගෙන එන බවත් ඒ හරහා පක්ෂයට සිදුවන හානිය සම්බන්ධයෙන් ඔහුන්ට කිසිදු වගවිමක් නොමැති බවයි.

UNP App නැමැති ඊ සාමාජික කාඩ්පත සම්බන්ධයෙන් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් සිදු නොවුනු බවත් එකවරම පක්ෂයේ මාධ්‍ය එකකයේ කණ්ඩායමක් විසින් අදාළ මෙහෙයුම දියත් කර ඇති බවද මේ යන අකාරයට ඉතා ඉක්මනින්ම අදාල ව්‍යාපෘතිය නතර කර දැමිම හැර වෙන කිරිමට කිසිවක් නැති බවද එජාප ජ්‍යෙෂ්ඨයා සදහන් කර තිබේ.

ඉස්සරහට යන්න ගිය කබර අලියාගේ UNP App එකට දාලා තියෙන REVIEWS වලින් ටිකක් බලන්න 

AAA

Top