Breaking
24 Feb 2025, Mon

පරගැති හවුලෙන් මාතෘභූමිය ගලවා ගැනීමේ පුළුල් සටනට ජවය සපයන දිනය බවට මෙවර මැයි දිනය පත්කර ගනිමු!

130 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය උදාවන්නේ ලෝකයේ බොහෝ රටවල බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන අභියෝග රැසක් මතුව තිබෙන මොහොතකය. සමස්තයක් ලෙස ගතහොත් ලෝක ආර්ථිකයේ බිඳ වැටෙන යුගයක් අපි ගෙවමින් සිටින්නෙමු. ඒ නිසා ලොව පුරා රටවල වෙසෙන වැඩකරන ජනතාව ප්න‍රමුඛ සමාජයේ පහළ ස්තරය බලවත් පීඩාවට පත්ව සිටිති.

අනෙක් පසෙන් අද පිරිහුණු අධිරාජ්‍යවාදය තමන් වෙතින් ගිලීහි යන ලෝක බලය යළි තහවුරු කර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටිති. ඔවුන් අලූත් දඩබිම් සොයමින් සිටිති. සිරියාව, ලිබියාව එසේ ඔවුන් අත්පත්කර ගත් නව දඩබිම්වලට නිදසුන්ය. ශ්බ‍රී ලංකාව ද අනාගතයේදී එවැනි දඩබිමක් බවට පත්කර ගැනීමේ ඔවුන්ගේ මෙහෙයුම 2015 ජනවාරි 08 වැනිදායින් පසු වේගවත් වී තිබේ.

අද දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ‘සංහිඳියාවේ’ නාමයෙන් යළි තහවුරු වන්නේ ඒ මෙහෙයුමේ එක් පියවරක් වශයෙනි. තේ, රබර්, වී වගාවන් වනසා දමා, දේශීය ආර්ථිකය බිඳ වට්ටවා, මේ රට යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුලේ පටලවා පරගැති ආර්ථිකයකට පාර කපන්නේ ද ඒ අනුවය. නුදුරේදීම මේ ආණ්ඩුව යුද අපරාධ අධිකරණ පිහිටුවන්නේ ද ත්ට‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ ද එට්කා ගිවිසුම අත්සන් තබන්නේ ද තම ජාත්‍යන්තර හාම්පුතුන්ගේ ඉහත කී නින්දිත අභිලාෂය ඉටුකර දීමටය.

ඒ නිසා අන් කවරදාකටත් වඩා වැඩ කරන ජනතාවට තම අයිතීන් දිනා ගැනීමේ සටන සමග ඒකාබද්ධව මේ පරගැති හවුලෙන් අපගේ මාතෘභූමිය ගලවා ගැනීමේ සටනට දායක වීමට බලකෙරී ඇත. එබැවින් ඒ පුළුල් සටනට ජවය සපයන දිනය බවට මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය පත්කර ගැනීමට අදිටන්කර ගැන්නා ලෙස මෙරට සමස්ත වැඩකරන ජනතාව වෙතින් අපි ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2016.05.01

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.