Featured

පර සුද්දෝ උතුරේ පිනුම් ගහයි – විග්නෙෂ්වරන් ස්‌විස්‌ පාලන ක්‍රමය ලංකාවටත් ඉල්ලයි

ප්‍රධාන ජාතියට මෙන්ම සුළු ජාතියටත් බලය බෙදා හරිමින් සියලු දෙනා එකතු වී ස්‌විට්‌සර්ලන්තයේ ගෙන යන පාලන ක්‍රමය මෙන් පාලන ක්‍රමයක්‌ ශ්‍රී ලංකාවේද ස්‌ථාපිත විය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නෙෂ්වරන් මහතා ස්‌විට්‌සර්ලන්ත තානාපති හෙන්ස්‌ වෝකර් නෙඩුක්‌කූන් (Heinz Walker Nederkoorn )ට යාපනයේදී පවසා තිබේ.

ස්‌විට්‌සර්ලන්ත තානාපතිවරයා පෙරේදා (15 දා) යාපනයට පැමිණි අවස්‌ථාවේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා. සමග පැයක පමණ කාලයක්‌ සාකච්ඡා කළ අවස්‌ථාවේදී ඔහු මේ බැව් පවසා තිබේ.

ස්‌විට්‌සර්ලන්තයේ මෙන්ම ලංකාවේද සියලු ජනකොටස්‌වලට තමන්ගේ අභිමතය අනුව කටයුතු කළ හැකි වාතාවරණයක්‌ උදාවන්නේනම් සියලුම දෙනා ශ්‍රී ලාංකිකයින් යන අභිමානයෙන් යුතුව ජීවත් විය හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තානාපතිවරයාට පවසා තිබෙනවා.

දැනට ලංකාවේ සිදුවන්නේ බලය හිමිවිය යුත්තේ ප්‍රධාන ජාතියට පමණක්‌ යන සංකල්පයෙන් යුතුව කටයුතු කිරීම බව පෙන්වා දී ඇති ප්‍රධාන අමාත්‍යවරයා එම ක්‍රමය වැරදි බවත් එය වෙනස්‌ වී මේ රටේ දෙමළ ජනතාව අපේක්‌ෂා කරන වෙනස්‌කම් සිදු වුවහොත් ශ්‍රී ලංකාව පෙර තිබූ පරිදි ඉතා සුන්දර රටක්‌ වන බවත් විග්නේෂ්වරන් මහතා සදහන් කළේය.

පසුගිය දින කීපය පුරාම උතුරු පළාතට විවිධ රටවල තානාපතිවරුන් පැමිණියේ දැනට ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලය විසින් සිදු කරගෙන යන ක්‍රියාවලිය නිසා සුළු ජාතීන් අතර පවතින අෙන්‍යාන්‍ය විශ්වාසය හා සංහිඳියාව පිළිබඳව කරුණු සොයා බැලීමටත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටත් බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය, දිනසේන රතුගමගේ

55cae05f-b580-4479-8c7b-3c9f57cfca42-670x402

Top