LNN SPY

පසුපෙල ෆොන්සේකා ඉල්ලයි.. ජ්‍යෙෂ්ඨයෝ එපා කියයි… ජනපති දෙලෝවක් අතර…. ෆොන්සේකා නිසා ආණ්ඩුව දෙදරයි?

රටේ පවතින ජාතිවාදී කලහකාරීන් මර්දණය කිරිම සදහා වහාම රටේ නීතිය හා සාමය ස්ථාපිත කලයුතු බවත් එ සදහා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරය ලබාදිය යුතු බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ පසුපෙල මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බලපෑම් කර තිබෙන බව වාර්තා වේ.

අම්පාර,තෙල්දෙණිය සහ රට පුරාම ජාතිවාදී ගැටුම් ඇති විමට ආසන්නතම හේතුව නීතිය සාමය පිළිබඳව වගකියන ආයතන නීසිලෙස කටයුතු නොකර නිසා බවත් විශේෂයෙන්ම පොලිස්පතිවරයා නීතිය අත්තනෝමතිකව භාවිතයේ යේදවිම බවත් පෙන්වා දි ඇති ශ්‍රිලනිප පසුපෙල මන්ත්‍රීන් පවතින අයහපත් තත්ත්වය ආණ්ඩුවට බරපතල ලෙස මරාන්තීක වි ඇති බවද පෙන්වා දි තිබේ.ඒ අනුව සරත් ෆොන්සේකා වැනි දැඩි මතධාරී අයෙකුට නීතිය හා සාමය වැනි අමාත්‍යාංශයක් ලබාදිය යුතු බවටද ඔහුන් යෝජනා කර තිබේ.

එම ඉල්ලිම් හමුවේ ජනපති නිහඩව සිටිම හේතුවෙන් මන්ත්‍රීවරුන් ජනපතිගෙන් දිගින් දිගටම් ෆොන්සේකාගේ ඇමතිකම සම්බන්ධයෙන් විමසා ඇති අතර අවසානයේ ජනපති එම මන්ත්‍රී කණ්ඩායමට පවසා ඇත්තේ තමන් ෆොන්සේකාට ඇමතිකම ලබා දිමට කටයුතු කලහොත් එය ආණ්ඩුව දෙදරවීමට ලක්වන කරුණක් විය හැකි බවයි.

සරත් ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරය ලබා දුනහොත් ආණ්ඩුව තුළ පිපිරීමක් සිදු වනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ ද සාකච්ඡා වී ඇති අතර, ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුම එම තීරණය සම්බන්ධයෙන් සිය විරෝධතාවය දක්වා තිබේ.

එසේම සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති ධුරය ලබා දුනහොත් ඊට පසුවදාම ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමති කණ්ඩායම විරුද්ධ පක්ෂයේ වාඩි වේ යැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

“සති දෙකකට ඇමතිකම් දෙනවද කියලා අපෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. තවත් සමහරුන්ට මේවා ගැන අවබෝධයක් නැහැ. කටට එන ඒවා කියලා දානවා. ආණ්ඩුව වැරදි තීන්දු ගත්තොත් සිදු වෙන්නේ ජනතාව පාරට බහින එක යැ”යි සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය වෙත අදහහස් දක්වමින් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලබා දීමට යෝජනා වීම ගැන අප්‍රසාදයකින් සිටින බව වාර්තා වේ.

ඔවුන් පවසන්නේ එවැනි තීරණයක් ගතහොත්, ඒ මොහොතේම ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. එසේම ගෝඨභය රාපක්ෂ ඇතුලූ පසුගිය ආණ්ඩුවේ දූෂණ චෝදනා එල්ල වූ කණ්ඩායම් ද ෆොන්සේකාට නීතිය හා සාමය ඇමතිධුරය ලබා දීම සම්බන්ධයෙන් දැඩි කලබලයකට පත් වී සිටින බව සඳහන්ය.

ඒ ඔහුට එම ඇමතිධුරය ෆොන්සේකාට ලබා දුනහොත් පසුගිය ආණ්ඩු සමයේ ෆොන්සේකාට සිදු කළ ආකාරයෙන්ම පෞද්ගලිකව තමන්ගෙන් පළි ගනු ඇති බවත් ඒ සඳහා ඔවුන් සිදු කළ වංචා පාරා වළල්ලක් වනු ඇති බවත් ඔවුන් දන්නා නිසාය.

කෙසේ වෙතත් මේ හේතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයෙන් ද ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබඳ ඇමතිධුරය ලබා දීම වලක්වන ලෙස බලපෑම් එල්ල වෙමින් තිඛෙන බව වාර්තා වේ.

http://198.211.112.164/archives/17633

 

Top