Breaking
25 Jan 2025, Sat

පළාත් පාලන ඡන්දයට අලියා තනියම-සිරිසේන කුජීත වෙයි-මහනුවර මහින්ද පිළේ 4ක් දොට්ට

පළාත් පාලන ඡන්දය ඉක්මනින් පවත්වන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොනු කළ පෙත්සම ලබන සැප්තැම්බර් 19 වන දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරිමත් සමග පසුගියදා ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනීප මෛත්‍රී පිළේ බත් බැලයන් පැය ගණනක් සාකච්ඡාවක් පවත්වා ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කළ හෝ දැනට කල් ඉකුත් පළාත් පාලන ආයතන වල මැතිවරණය වහාම පවත්වන ලෙස මැතිවරණ කොමිසම ඇතුළු බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය සිය පෙත්සම යොමුකර ඇති අතර ඒ අනුව සැප්තැම්බර් 19 වන දින අදාළ පෙත්සම විභාගයට ගැනිමට නියමිතව තිබේ. අදාළ පෙත්සම දැමිම පසුපස එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක වි ඇති බවත් ශ්‍රීලනීප බත් බැලයන් මෛත්‍රී ඉදිරියේ අනාවරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය පළාත් පාළන මැතිවරණය සදහා ඔනෑවටත් වඩා සුදානම් වි සිටින බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව පළාත් පාලන මැතිවරණයට තරග කිරිමට මුලදි සාකච්ඡාවක් තිබුනද මේ වනවිට එම සාකච්ඡා නතර වි ඇති බවත් එජාපය තනිවම තරග කිරිමට තින්දුවක් ගෙන තිබේන බවත් ඊට එජාප නායකත්වය අකමැති වුවත් කෘත්‍යාධිකාරි මණ්ඩලය බහුතරයක් කැමැත්ත පලකර තිබේන බවද එම සාකච්ඡාවේදි අනාවරණය වි තිබේ.

පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ ගේමක් ගැසිමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර සිදුවු අතීශය රහසිගත සාකච්ඡාව

පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයට වඩාත් වාසිදායක ප්‍රදේශයන් ජයග්‍රහණය කිරිමට ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ සහය ලබාදිමට ඒ ආකාරයට දිනාගන්නා පලාත් පාලන ආයතන වල උප සභාපතිකම හෝ උප නගරාධිපති කම ශ්‍රීලනීපයටත්,ශ්‍රිලනිප වාසිදායක පලාත් පාලන ආයතන වන උප සභාපතිකම හෝ උප නගරාධිපති කම එජාපයටත් ලබාදිමට මෙම සාකච්ඡා වලදි තින්දු කරගෙන තිබේ.එවැනි ක්‍රියාවලියක් හරහා පමණක් මහින්ද සමග ගම් මට්ටමේ ඇතිවෙමින් තිබේන බලය මර්දණය කල හැකි බවයි දෙපාර්ශවයේම අදහස වි ඇත්තේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නව ආසන සංවිධායකවරුන් 4දෙනෙකු පත්කර කිරීමටද සූදානමක් ඇතිබව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. වැඩිදුරටත් සඳහන් වන්නේ නව ආසන සංවිධායවරුන් ලෙස පත් කිරීමට නම් 4 ක් යෝජනා වී ඇති බව ය.

ඒ අනුව දැනට සංවිධායකවරුන් ලෙස කටයුතු කරන මහින්දානන්ද අලුත්ගමගේ,කෙහෙලිය රඹුක්වැල්ල,දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ ඉවත් කිරිමට තිරණය කර ඇති අතර හිටපු පාර්ලිමේතු මන්ත්‍රිවරයෙක් ඇතුලු පලාත් සභා මංත්‍රිවරුන් වන මොවුන් කලක් ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, ලිබරල් පක්ෂය නියෝජනය කළ අතර අනික් පුද්ගලයා පලාත් සභාව නියෝජනය කරන සන්ධාන මංත්‍රිවරයෙකු බව ද වාර්තා වේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.