Breaking
25 Feb 2025, Tue

පළාත් පාලන මැතිවරණ හරහා මෛත්‍රී දුර්වල කිරිමේ රනිල් මෙහෙයුම සහ රනිල් මෛත්‍රී ගැටුම

කවුරුන්වත් කලබල වෙන්න එපා මේ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රී වික්‍රමසිංහ අතර ගැටුමක් කියලා. ඒ දෙන්න බොහොම සුහදත්වයෙන් රට රටවල ඇවිදිනවා. මේ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර ගැටුමක්. කොළඹ රාජකීය හා පොළොන්නරුවේ රාජකීය අතර ගැටුමක්. එක අතකින් සුපිරි ටොයියන් හා ටොයියන් වෙන්න හදන බයියන් අතර ගැටුමක්. ඒකාබද්ධ විපක්‍ෂෙත් වැඩිය ඉන්නෙ ටොයියන් වෙන්න හදන බයියන්. අටවැනිදයින් පස්සෙවත් බයියන්ගෙ බලවේගයක් ගොඩනැගෙනවා නම් හොඳයි. ජාතියෙ වැඩිය ඉන්නෙ බයියන්. ඒත් දැන් ටොයියන් වෙන්න හදන බයියනුත් බයි තරුණයනුත් ඉන්නවා. ඔවුන් අන්තර්ජාලයේත් ඉන්නවා. ටොයියකු බයියකු වෙන්නෙ කලාතුරකින්. ලෝක අධ්‍යාපනය අපට උරුම කරලා තියෙන ක්‍රමය එහෙමයි.

පහුගිය දා ෆයිසර් මුස්තාෆා වටකරගෙන පාර්ලිමේන්තුවේ දී එ ජා ප මැති ඇමතිවරුන් පහර ගැහුවා. අතින් පයින් නොවුනත් මුස්තාෆාට තදින් වේදනාව දැනෙන්න ඇති. ඒකාබද්ධ විපක්‍ෂයත් මුස්තාෆාට ගැහුවා. මුස්තාෆා තනි වුනා. එයට දවස් දෙකකට පස්සෙ රාජිත මාධ්‍ය සාකච්ඡාවක දී මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාශයට හෙවත් කවුරුත් දන්න විධියට එෆ්සීඅයිඩිය කෙනිත්තුවා. ඔහු කෙලින් ම පහර දුන්නෙ නැති වුනාට කොට්ඨාශය වැඩ කරන ආකාරය ගැන සතුටට පත්නොවන බව කිවුවා. රාජිතයි මුස්තාෆයි රනිල්ගෙ මිනිසුන් නොවෙයි. රනිල්ගෙ මිනිසුන් හා මෛත්‍රිපාලගෙ මිනිසුන් අතර වචන හුවමාරු වෙනවා. ආණ්ඩුවට ගිය මරා දැමුණු ශී්‍ර ල නි ප ඇමතිවරුන් ගැන මෛත්‍රිපාලට එතරම් විශ්වාසයක් නැහැ. ඔවුන් ගැන කාටත් වඩා මෛත්‍රිපාල දන්නවා. දයාසිරි දැනට දෙපැත්ත ම විවේචනය කරනවා.

මුස්තාෆා පළාත් පාලන මැතිවරණ කල්දැමීමට විවිධ හේතු ගෙනෙනවා. දැන් බලාගෙන යනකොට පනතේ අඩුපාඩුකම් පනස්හතක් තියෙනවලු. සීමා නීර්ණය කළත් මැතිවරණ තියන්න බැහැ කියන එකයි එයින් කියන්නෙ. මීට පෙර පළාත් පාලන මැතිවරණ තිබ්බෙ මොන පනත යටතෙ ද කියලා කබීර් හෂීම්වත් කිවුවොත් හොඳයි. මුස්තාෆා එක්ක හැප්පෙන කබීර් රනිල්ගෙ හොඳ හිතවතෙක්. මෛත්‍රිපාලට පළාත් පාලන මැතිවරණ කල්දාන්න වුවමනාවක් තියෙනවා. හේතුව ඉතා පැහැදිලියි. ඔහුගේ හිතවතුන්ට දිනන්න බැරි නිසා. සමුපකාර ඡන්දවලින් පස්සෙ පළාත් පාලන මැතිවරණ පවත්වන්න තියෙන වුවමනාව බිිංදුවට ම බහින්නත් පුළුවන්. රනිල්ට පළාත් පාලන මැතිවරණ තියලා මෛත්‍රිපාල තවත් දුර්වල කරන්න ඕන.

දින සීයේ ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් නොවෙයි. ඒක ත්‍රස්තවාදී ආණ්ඩුවක්. රනිල් අගමැති වුනේ මෛත්‍රිගෙ බලතල පාවිච්චි කරල දි මු අගමැතිවෙලා ඉන්න කොටමයි. ඒ ත්‍රස්තවාදයක්. ඒ්කට ප්‍රජාතන්ත්‍රවාදය කියලත් කියනවා. දැන් ඒක පූර්වාදර්ශයක්. මෛත්‍රිපාලට ඒ අනුව ඕන නම් මහින්ද අගමැති කරන්න පුළුවන්. ඒත් එහෙම කරන්නෙ නැහැ. අද මෛත්‍රිිපාල ජනාධිපති වුනාට ඉන්නෙ ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී කියන තත්වයක. ඒකාබද්ධ විපක්‍ෂයත් මෛත්‍රිපාලට පහර ගහනවා. රනිලුත් ගහනවා. රාජිත, චම්පක, ආදීන්ට මෛත්‍රී බේරාගන්න බැහැ.

දින සියේ ආණ්ඩුව යටතේ තමයි දහනවවැනි සංශෝධනය ගෙනාවෙ ඒ දවස්වල මෛත්‍රිපාලටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනකමක් තියෙන්න ඇති. දැන් නම් නැති බව පැහැදිලියි. රනිල්ට සම්ම ජාතියේ මහජන ඡන්දයෙන් ජනාධිපති වෙන්න බැහැ. ඒ නිසා ඔහුට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍යයි. දහනවවැනි ව්‍යවස්ථාවෙ අරමුණු තුනක්් තිබුණා. එකක් මහින්දට නැවත ජනාධදපති ඡන්දෙට ඉදිරිපත් වෙන්න බැරි විධියට නීති පැනවීම. දෙවැනුව මෛත්‍රිපාලගෙ බලතල කපා ඒවා රනිල්ට පවරා ගැනීම. තුන්වැනුව ඊනියා ජාතික ආණ්ඩුවක් ඇති කිරීම. ඒකෙ වෙන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණෙ නැහැ. ව්‍යස්ථාව අනුව දැන් තියෙන්නෙ ඊනියා ජාතික ආණ්ඩුවක්. දහනවවැනි ව්‍යවස්ථාවට ඡන්දෙ දිලා කවදාවත් උසාවි නොගිය මහාචාර්යවරුන් ඇතුළු ගොඩ පෙරකදෝරුවන්ගෙ කතා අහල දැන් ඊනියා ජාතික ආණ්ඩුවට විරුද්ධව උසාවි යන එකේ තේරුමක් නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුනේ සරත් වීරසේකර පමණයි. ජානක බණ්ඩාර ඡන්දය දීමෙන් වැළකී සබාගැබෙන් පිටවුනා. ඒ දෙන්නම අද මන්ත්‍රීවරුන් නොවෙයි. මේ රටේ දේශපාලනය එහෙමයි. ඒක ගැන දිග කතාවක් කියන්න තියෙනවා.

දින සීයෙන් කරනව කිව්ව දේවල් අවුරුදු දෙකකට කල්දැම්මා. දැන් දින 1500 කට කල්දානවා. රනිල් තමයි දින 1500 නියමුවා. මෛත්‍රිපාලට දින 3000ක් ගැනවත් කතාකරන්න වේවි. ඒ 2020ටත් එහා ගිහින්. බටහිරයන්ට අවශ්‍ය වෙනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා රනිල් අගමැති කරන්න. මෛත්‍රිපාල ඒකට කැමති නැහැ. මෛත්‍රිපාල ජනාධිපතිකම දාල ගෙදර යන කෙනෙකු නොවෙයි. රනිල් මෛත්‍රී ගැටුම තවත් වැඩිවෙන්න පුළුවන්. ඉන්දියාවෙදි දෙන්න සමගි කරවන්න අණ ලැබේවි. ඒත් අටවැනිදාට පසු ජාතික බලවේගය ගොනුවීම මේ ගැටුම උග්‍ර කරන්නත් පුළුවන්. ගොඩ පෙරකදෝරුවන් මොනව කිවුවත් ජාතික බලවේගය මේ ගැටුමෙදි එක් පැත්තක් ගන්න ඕන නැහැ. ඒත් අප බුද්ධිමත් දේශපාලන විචාරකයන් නොවෙයි.
නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 06

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.