LNN SPY

පළාත් සභා බලය අල්ලන්න පොහොට්ටුවෙන් අලූත් සති අන්ත මෙහෙයුමක්….

පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයේ උණුසුම සමග අලූත් ආසන සම්මන්ත‍්‍රණ මාලාවක් මෙහෙයවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. දැනට නිල කාලය අවසන් වී ඇති නමුත්, මැතිවරණය කල් දමා තිබෙන උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් 03 ක් එළැඹෙන ඔක්තෝම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත වයඹ, උතුර සහ මධ්‍යම යන පළාත් තුළ මෙම සම්මන්ත‍්‍රණ මාලාව පළමුව පැවැත් වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලසුම වි තිබේ.

මෙම සම්මන්ත‍්‍රණ මාලාවෙහි මෙහෙයුම් සැලසුම පිළිබද පූර්ව සාකච්ඡුාවක් අද (2018.06.21) නෙඵම් මාවත කාර්යාලයේදී පැවැත් උනා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්වඡාවට එම පළාත් නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මැති ඇමතිවරුන් සහ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සහභාගී විය.

මෙහිදී අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ ආණ්ඩුව විසින් දිගින් දිගටම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙසින් කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනා ගැනීමේ මහජන අරගලය ලෙස මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආසන මට්ටමින් ක‍්‍රියාත්මක කරන බවයි. මහජන අරගලයක් තුළින් පසුගිය පළාත් පාලන මැතිවරණය දිනාගත් පරිද්දෙන් ආණ්ඩුවට බලපෑම් කර පළාත් සභා මැතිවරණයද දිනාගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

ආසන සම්මන්ත‍්‍රණ මාලාවට සමගාමීව, ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ මාලාවක්ද රට පුරා මෙහෙයවීමට සූදානම් බවත් බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළා. මෙම ප‍්‍රයත්නයට අමතරව කල් දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට අවධාරණය කිරීම පිණිස පළාත් පාලන ආයතන තුළත්, පළාත් සභා තුළත් යෝජනා සම්මත කිරීමේ සූදානමක් පිළිබදවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී කරුණු අනාවරණය කළා.

යෝජිත ආසන සම්මන්ත‍්‍රණ මාලාව ජුලි 14, 15, 21, 22 සහ 28, 29 යන සති අන්තයන්හි පැවැත්වීමට නියමිතයි. සම්මන්ත‍්‍රණ මාලාව පිළිබද පූර්ව සාකච්ඡුාවට මහාචාර්ය ජී.එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, පවිත‍්‍රා වන්නිආරච්චි, ප‍්‍රියංකර ජයරත්න, රංජිත් සොයිසා, එස්.සී. මුතුකුමාරණ, කනක හේරත්, ජානක වක්කුඹුර, ශේහාන් සේමසිංහ, අරුන්දික ප‍්‍රනාන්දු සහ එස්.එම්. රංජිත්, මහීපාල හේරත් යන හිටපු ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා.

Top