Featured

ප්‍රගීත් ඝාතක මෙගා පොලිසී “ප්‍රා”නායක පාඨ්ළී ගැලවෙන්න බුද්ධි අංශ හා හමුදාව පාවාදෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා මාලිගාවත්තේ පාතාල කල්ලියක දින 3 ක් රඳවාගෙන චම්පික සහ නිර්මලා සම්බන්ධයෙන් ඔහු ලියූ ලිපිය ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ මාලිගාවත්තේ දී අත් අඩංගුවට ගත් කුඩුසුද්දා නමැති පාතාල සාමාජිකයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබියදිත් ඒ සම්බන්ධයෙන් වාර ගණනාවකදි අප සාක්ෂි සහිතව අනාවරණයන් කර තිබියදිත් මෛත්‍රීපාල සිරිසේන නැමති බෙදුම්වාදී මස්තබාල්දු නායකයා රටේ අවසනාවන්ත නායකයා බවට පත්කිරිමට කඩේ යෑමේ ප්‍රතිපලයක් ලෙස “ප්‍රා”නායක පාඨ්ළී ගලවා ගැනිම සදහා බුද්ධි අංශ හා හමුදාව පාවාදෙමින් සිටින බව අද තවත් තහවුරු වුනා.

කියවන්න –එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

වත්මන් ආණ්ඩුව ලැජ්ජා සහගත ලෙස බුද්ධි අංශ හා හමුදාව පාවාදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි .අද (21) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල , 

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම පිටුපස සිටින ආණ්ඩුවේ ප්‍රභලයා කවුද?

මේ ආණ්ඩුව ඉතාමත් ලැඡ්ජාසහගත ලෙස අපේ බුද්ධි අංශ හා හමුදාව පාවාදෙන ආකාරය පිළිබද හෙළිදරවු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මම නීතිඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහටත් මට හිමි වරප්‍රසාද අනුව දැනට බන්ධනාගාර ගතකර සිටින ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදහන් වීමට සම්බන්ධයැයි චෝදනා ලබන බුද්ධි අංශ නිළධාරීන් හමු වුනා. දැනට ඒ චෝදනාව යටතේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න‍, ලුතිනන් කර්නල් ප්‍රබෝධ වීරසේකර, සාජන් මේජර් උපසේන, ක්‍රෝප්‍රල් රූපසේන යන රණවිරුව්න සිව්දෙනා රදවාගෙන ඉන්නවා.
ඉතා වගකීමෙන් කියන්න ඕනි මේ නිලධාරීන් හතර දෙනාම ප්‍රගීත් එක්නැලිගොඩ කියන පුද්ගලය ඇස් දෙකෙන්වත් දැකල නෑ. මේ අයගෙ කතාව ඉතාම දුක්බරයි. කොටින්ගේ බුද්ධි අංශය වන ටොසී බුද්ධි අංශයේ සිංහල කොටින් අතර සම්බන්ධීකරනය භාරව සිටිය තවෙන්ද්‍රන් නැමැත්තා හමුදාවට භාර වුනාට පස්සේ ඔහු පිළිබදව කටයුතු කරන්න ඔහුගෙන් තොරතුරු ලබාගෙන කොටි බුද්ධි අංශයයේ අනික් අය ගැන අනාවරණය කරගන්නට භාරව තිබ්බේ බුද්ධි අංශ නිලධාරීන්ට. මේ සිංහල කොටින් අතර හිටිය රංජිත් නැමැත්තා ප්‍රගීත් එක්නැළිගොඩ විදිහට පිලිගන්න ලෙස මේ නිලධාරීන්ට අද පොලිසියෙන් දැවැන්ත බලපෑමක් එල්ල වෙනවා.

මේ අය හදාගෙන තියෙනව ලස්සන කතාවක් . අර පින්තූර ප්‍රෙහ්ලිකාවල වගේ . මේ එක එක නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට වෙන වෙනම කතා හදල දීල තියෙනවා. මේ කතා හතර එකතු කලාම කියවෙන්නේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්නගේ නියෝගය මත අනික් නිලධාරීන් එකතුවෙලා ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය කලා කියන්න ඕනි. එතකොට ශම්මි කරුණාරත්න කියන්න ඕනි ගොඨාභය රාජපක්ෂ මහතා මට දුරකතනයෙන් දුන්නු උපදෙසක් මත තමයි මම මේ දේ කලේ කියල.

ලුතිනන් කර්නල් ප්‍රබෝධය විරසේකර එක්නැලි ගොඩ අතුරුදහන් වුනා කියල කාලය පුරාම කුකුලේ ගග නේවාසික පුහුණුවක ඉදලා තියෙන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීමේ කිසිම පදනමක් නෑ. මේ නිලධාරියාට සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර කියනවා. ඔබ කිසි වරදක් කරලා නෑ ඔබව අපිට රදවා ගෙන ඉන්නට බෑ. ඔබගේ ප්‍රකාශය අපි හදලයි තියෙන්නේ ඔයා තියෙන්නේ අත්සන ගහන්න හෙට ගෙදර මේ වගේ සැම නිලධාරියෙකුගේම ප්‍රකාශයන් හදලා තියෙන්නේ. ඔයගොල්ල මේ අත්සන ගහල ගෙදර යන්න. මේ අපේ ප්‍රකාශයට අත්සන් නොකලොත් කවදාවත් ගෙදර යන්න වෙන්නේ නෑ. කවුද මේ කියන්නේ සහකාර පොලිස් අධිකාරිනී ශානි අබේසේකර.

එතකොට මේ ප්‍රකාශයට අත්සන් කරන් කැමති වේච්ච සජන් මේජර් රන්බණ්ඩා අද නිදහස් වෙලා ගෙදර ගිහින් තියෙනවා. මේ රටේ ජනතාවගේ හිතේ ජාතික විරයෙක් විදිහට සනිහිටුවන් වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කරලා එතුමාව විනාශ කරන එක ජාති ජාතිත් පඩිසන් දෙන පාප කර්මයක්ය කියලා මේ නිලධාරින්ට හිතෙන නිසා අනන්ත දුක් විදිමින් තමත් හිරකුඩුවේ ඉන්නවා මේ ප්‍රකාශය අත්සන් නොකර.

Sandya

ආරක්ෂක අංශ පාවාදෙමින් ලෝකේ පුරා ගොස් සල්ලි හිඟාකන පට්ටන්දරි

දැන් මොකද වේලා තියෙන්නේ පොලිසියේ උප පොලිස් පරික්ෂක ප්‍රේමතිලකත් සැරයන් මෙන්ඩිස් කියන දෙදෙනා සාජන් මේජර් උපසෙන, ක්‍රෝප්රල් රුපසේන, ගොල්‍ෆොස් ගිරින් කැබින් (Golface green cabin) එකට අරන් ගිහිල්ලා හොදටම බොන්න දිලා මොකටද හිරේ දුක් විදින්නේ කියලා බලපැම් කරලා මේ ප්‍රකාශයට අත්සන් කරන්න කියලා බලපැම් කලා. මේ නිලධාරින් මත් වුනත් තමන්ගේ දේශප්‍රේමිත්වයත් අවංක භාවයත් පවා දුන්නේ නෑ. ඊට පස්සේ හිරේ ඉන්න නිලධාරින්ගේ බිරින්දැවරුන්ට බලපැම් කරනවා. ඔයාගේ මහත්තයාට පිස්සු මෙහෙම හිටියොත් ඩි.අයි.ජි වාස් ගුණවර්ධන එල්ලුම් ගහට යැවුවා වගේ ඔයගෙ මහත්තයත් අපි එල්ලුම් ගස් යවනවා. ඔයාගේ මහත්තයා ඔයාට දරුවන්ට ආදරේ නැද්ද? මෙන්න මේක අත්සන් කරලා ගෙදර එන්න කියන්න. මේ වගේ දේ කියලා රැට රැට දුරකථනයෙන් කතා කරලා බලපැම් කරනවා. පැහැදිලි වෙන මේ ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණු දෙකක් එළියට එනවා. එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශ්‍ය ජනප්‍රියතාව මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් සේ දැනුනු නිසා එතුමාගේ චරිත ඝාතනයක පොලිසිය යොදා ගෙන මේ ආණ්ඩුව යෙදනවා. අනිත් එක තමයි එක්නැලිගොඩගේ සැබැ ඝාතකයා සගවා තැබිමට මේ ආණ්ඩුව උත්සහ කරනවා කියලා මේ බොරු ලියන්න කියන්න කරන මේ බලපැම් වලින් පෙනවා. එක නිසා ප්‍රගිත් එක්නැලිගොඩගේ සැබැ ඝාතකයා මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ද කියලා අපිට හිතෙනවා. අපි මේ ආණ්ඩුවට කියන්නේ රණවිරුවන් තමන්ගේ ජිවිත පරදුවට තියලා අපේ ජිවිත බේරා ගන්න. එනි අපි ඉහලම ගෞරවයෙන් සලකන්න ඔනේ නැතුව තිරිසන් සතුන්ට වගේ සලකන්න එපා කියලා අපි කියන්න කැමතියි. රණවිරුවන් බිල්ලට දිලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න එපා. මේ රණවිරුවන්ට කරන අපරාධයට මේ රටේ ජනතාව කවමදාවත් සමාව දෙන්නේ නෑ කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා.
අපිට මතකයි චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතිතුමා ඝාතනය පිටුපස විජය විමලරත්න සෙන්පතිතුමා හිටියා කියලා ඔය වගේම කතාවක් ගොඩනගලා, කොමිසමක්දලා දේශප්‍රේමි කියලා ජනතාව හිතාගෙන හිටිය විජය විමලරත්න සෙන්පතිතුමා කිරිබත්ගොඩ තිබුණු පිලිමයත් කඩලා දැම්මා. අවසානයේ පාපෝච්චාරනයෙන් ඔප්පු වුණා මේ ඔක්කොම ගොතපු කතාවක් කියලා. එදා චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ කරපු ජාතික අපරාධය නැවත කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ රණවිරුවන් අද මානසිකව හොදටම කඩාගෙන වැටිලා. කෙසග වෙලා. හඩා වැටෙමින් කියුවා අනේ සර් අපි ජිවිතය පරදුවට තිබ්බේ ත්‍රස්ථවාදවට එරෙහිව සටන් කරන්න. අද අපි අත්අඩංගුවට අරන් තියෙන්නේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ත්‍රස්තවාදයට සහය දුන්නා කියලා. රණවිරුවෙකුට මිට වඩා අපහසයක් කරන්න පුළුවන්ද? අපි අහන්නේ ජනවාරි 08 අපිට පොරොන්දු වුණේ මේ වගේ යහපාලනයක්ද? මෛත්‍රී යුගය මේක ද? මේ වගේ තුච්ච පාලනයක් ලොකයේ කොහෙවත් බිහිවෙලි නෑ. මම වගකීමෙන් කියනවා ඉඩියමින් මිට වඩා හොදයි කියලා. ඉඩියමින් තමන්ගේ හමුදාව මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගන්න පාවිච්චි කළේ නෑ. අපි මේ ආණ්ඩුවට කියන්න කැමතියි රණවිරුවන්ට අත තියනවා කියන්නේ පනයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා.

Top