Featured

පාක්ෂිකයන්ට හවසට හවසට… ගල් පෙන්න යයි ….

සජිත් පාර්ශවයට සහය දෙන ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් එක්සත් ජාතික පක්ෂය නිර්දය ලෙස විවේචනය කරමින් විවිධ කණ්ඩායම් හරහා මුදල් වැයකරමින් පක්ෂයට විරුද්ධ කටයුතු කිරිමත්, පාක්ෂිකයන් ලවා සිරිකොත පක්ෂ මුලස්ථානය වටලා නැවතත් කලබලයක් ඇති කිරිමේ උත්සහයක් ඇති බවටත් එජාපයේ රනිල් පාර්ශවයේ මන්ත්‍රිවරුන් අගමැති වරයාට පෙන්වා දිමෙන් පසුව සමාජිකයන්ගේ පීධනය අධුකිරිම සදහා ලිංගික අල්ලස් ලබා දිමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ටෙනිස් පිටියක් හා Club එකක් ඉදි කිරීමට යෝජනා කර ඇති අතර ඊට අමතරව පාර්ලිමේන්තුවේ සහ අමාත්‍යංශවල කටයුතු නිම වී සන්ධ්‍යාවේ පැමිණෙන එ.ජා.ප මහජන නියෝජිතයන්ගේ ශරීර සුවතාව වැඩීම සදහා වෙනම ස්ථානයක් සකස් කිරිමටත් එම ස්ථානයේදි ඔහුන්ට පක්ෂ සමාජිකයන් හමුවිමට අවස්ථාව හිමිවන බවද පෙන්ව දි තිබේ.

මේ සම්බන්ධයෙන් එජාප නායකයා ඇතුලු පිරිස හමුවේ සුදත් චන්ද්‍රසේකර පවසා ඇත්තේ…”හවසට හවසට….ඔය ගල් පෙන්න කෙල්ලෝ දෙතුන් දෙනෙකු මෙතන ටෙනිස් ගහන කොට හැමොටම ප්‍රශ්ණ අමතක වෙලා යයි…”යනුවෙනි…

පසුව මෙහි මූලික අරමුණ පැහැදිලි කිරිමෙන් අනතුරුව වගකිවයුත්තන්ගේ අනුමැතිය ද හිමි වී ඇති අතර වංචා දුෂණ එල්ල වි ඇති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනිමට තමන්ට හැකි බවද සුදත් පෙන්වා දි තිබේ.

Top