Featured

පාකිස්තාන අගමැතිගේ සංචාරයෙන් ඉන්දියාවට මදකිපේ – කඩා වැටෙන ගුවන් යානා ගන්නයි බලපෑම්

පාකිස්‌තාන අගමැති නවාස්‌ ෂරීෆ් මහතා දෙදින නිල සංචාරයක්‌ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සම්බන්ධයෙන් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි යහපාලන රජයට සිය අප්‍රසාදය පලකර ඇති අතර ඉදිරියේදි යහපාලන ආණ්ඩුවට උදවු කිරිම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිමට සිදුවන බවද ඉන්දිය අගමැතිවරයා ශ්‍රි ලංකාවේ ඉන්දිය තානාපතිවරයා හරහා දැනුම් දි තිබේන බව ඉන්දිය අප විශේෂ වාර්තාකාරිනි අසෝ ඛාන් අනාවරණය කරයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කරමින් දෙරට අතර ගිවිසුම් 08 කට අත්සන් තැබු අතර ඒ අතර ශ්‍රී ලංකාව හා පාකිස්‌තානය අතර මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්‌තවාදයට අරමුදල් සැපයීමට අදාළ මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමේ සහයෝගීතාව පිළිබඳවද ගිවිසුමකට අත්සන් තැබිම පිළිබඳව ඉන්දියාව සිය අප්‍රසාදය පලකර ඇති අතර අදාළ ගිවිසුම වහාම ක්‍රියාත්මක කිරිමෙන් ඉවත් වන ලෙසටද තානාපතිවරයා හරහා දැනුම් දි තිබේ.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්‌තවාදයට අරමුදල් සැපයීම හා ඊට අදාළ සාපරාධී කටයුතු පිළිබඳ තොරතුරු බෙදහදා ගැනීම සඳහා දෙරට අතර මූල්‍ය බුද්ධි මෙහෙයුම් ඒකක සඳහා දෙරටේ අභිලාෂයන්ට අදාළව අෙන්‍යාන්‍ය සහයෝගීතාවයෙන් යුතුව ක්‍රියාත්මක වීමට මෙම අවබෝධතා ගිවිසුම ම`ගින් විධිවිධාන සැලසේ.

මේ අතර ශ්‍රි ලංකා ගුවන් හමුදාව සදහා නවතම ප්‍රහාරක යානා JF-17 ප්‍රහාරක යානා 8ක් ගෙන්විමට පාකිස්ථානය සමග එකඟතාවක් අත්සන් තබා ඇති අතර වාහාම එම ගිවිසුම අවලංගු කරන ලෙසටද ඉන්දියාව යහපාලන ආණ්ඩුවට දැනුම් දි ඇති අතර එම ගුවන් යානා වෙනුවට ඉන්දියාවේ නිශ්පාදිත තවමත් පරික්ෂණ මට්ටමේ පවතින HAL Tejasනැමති ගුවන් යානා මිලදි ගත යුතු බවද ඉන්දිය රජය දැනුම් දි තිබේ.

අදාළ ගුවන් යානා මිළදි ගැනිම සදහා ණය මුදල් පවා ලබාදිමට තමන් සුදානම් බවද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සිය පණ්විඩ කරුවා අත දන්වා එවා තිබේ.

පාකිස්තානයෙන් ගෙන්විමට නියමිත JF-17 ප්‍රහාරක යානා තත්ත්වයෙන් උසස් මෙන්ම දැනටමත් පාකිස්ථාන ගුවන් හමුදාව භාවිතා කරන ගුවන් යානා වන අතර ඉන්දියාව බලහත්කාරයෙන් ලබාදිමට යන HAL Tejas නමැති ගුවන් යානය තවමත් පරික්ෂණ මට්ටමේ පවතින පරික්ෂණ වලදි විවිධ අනතුරු වලට මුහුණ දුන් අසාර්ථක ගුවන් යානාවක් බවද wikipedia හරහා අදාළ නිෂ්පාදකයන් පවා තහවුරු කර තිබේ.

AIR

Top