Breaking
25 Feb 2025, Tue

පාදඩ ධම්මිකට එරෙහි පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න- SLRC සභාපතිගෙන් මාධ්‍යවේදියාට බලපෑම්

තවදුරටත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදීයෙකු ලෙස සේවය කිරිමට කැමැත්තක් ඇත්නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ල ඉවත් කර ගැනිමට වහාම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම් මහතාට බලපෑම් කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගනිමින් ධම්මික රණතුංග මහතා සමග සමාදාන වන ලෙසට රුපවාහිණි සභාපතිවරයා ජාතික පච නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා හරහා ගුණරත්නම් මහතාට බලපෑම් කරමින් සිටින බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ වැඩිමහල් සොහොයුරු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග ඊයේ (16) උදැසන කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්‌ථාවේ කොළඹ දිස්‌ත්‍රික්‌ වාර්තාකරු එස්‌. ගුණරත්නම් මහතා ඇතුළු මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදුණේ “එක එක්‌කෙනාගේ මුහුණු වීඩියෝ කරන්න උඹලාට කවුද අවසර දුන්නේ. උඹලට ඕන විදිහට එහෙම අපේ මුහුණු වීඩියෝ කරන්න පුළුවන්දැ…” “වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා. බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි උඹලා ගැන බලාගන්නම්” යනුවෙනි.

පසුව අදාළ තර්ජනය සම්බන්ධයෙන් පොලිසියට මාධ්‍යවේදීන් පැමිණිලි කල අතර පොලිසියට පැමිණෙන ලෙස ධම්මික රණතුංගට කල දැනුම් දිමද නොසලකා හැරිම නිසා

රූපවාහිනී සංස්‌ථාවේ මාධ්‍යවේදී එස්‌. ගුණරත්නම් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසකට කොළඹ මහාධිකරණ භූමියේදී මරණීය තර්ජන එල්ල කරමින් බැණ වැදීමේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතාට ලබන 24 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ (17) නියෝග කර සිටියා.

පැමිණිල්ලට අදාළව සැකකරුවකු ලෙස නම්කර ඇති ධම්මික රණතුංගට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීමට පැමිණෙන ලෙස දන්වා ඇති බවද එහෙත් ඔහු මේ වන තෙක්‌ ඊට කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැති බවද පැවසූ පොලිසිය සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.