LNN SPY

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අගමැති කම ඇල්ලිමේ මෙහෙයුමක්!

Published on: Feb 17, 2018 – පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට සමත්වන පාර්ශ්වයට ආණ්ඩුවේ අගමැති ධුරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂ යන දෙපාර්ශ්වයෙන් කුමන පාර්ශ්වය ඊට සමත් වුවද ඒ සඳහා ඉඩදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව එජාපයේද මන්ත්‍රී කණ්ඩායමක් සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ මෙහෙයුම පසුගිය සතියේ සිකුරාදා වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබිණ.

එසේම එක්සත් ජාතික පක්ෂයද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එම ධුරයේ තබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වා ගැනීමට අවශ්‍ය දේශපාලන මෙහෙයුම්වල යෙදී සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙක් පත්කර ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවසර දෙන ලෙස ශ්‍රීලනිපය කළ ඉල්ලීමටද ජනාධිපතිවරයා කළ අනුමැතිය දී ඇති අතර සියලු දෙනාට ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන බහුතරය පෙන්වන ලෙසය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරිම සදහා එක්සත් ජාතික පක්ෂයේද සහය මේ වනවිට ලැබි ඇති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව අගමැති ඉවත් කිරිමට ඇති නොහැකියාව හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතර කැමත්ත පෙන්විම හරහා අගමැතිවරයා වශයෙන් වෙනත් අයෙකු පත්කර ගැනිම ජනපතිගේ අරමුණ වි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

Top