Breaking
24 Jan 2025, Fri

පාර්ලිමේන්තුව රවටා රණවිරැවන් දංගෙඩියට යවන ජාත්‍යන්තර සම්මුතියක් නීතිගත කළ රනිල්, මංගල සහ කරෑට එරෙහිව විශ්වාස භංගයක්!

දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑම මත ශ්‍රී ලංකාව  බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් International Convention for the Protection of All Persons from Enforced Disappearances අත්සන් කරන ලද්දේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනි දින දීය. මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන ලෙස බලපෑම් කළද ඒ සදහා අවනත වීමට එම රජය ක්‍රියා නොකළේ ය.

2015.12.09 දින විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් ඇමති මණ්ඩලය වෙත යෝජනාවක් ගෙන එමින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය සදහා ශ්‍රී ලංකාව අත්සන් කළ යුතු බවට කැබිනට් අනුමැතිය ගන්නා ලදී.

යම් ජාත්‍යන්තර සම්මුතියකට අත්සන් කළ පමණින් එය අනුමත කිරීමක්/අපරානුමත කිරීමක් (Ratification) සිදු නොවන අතර ඒ සදහා කැබිනට් මණ්ඩලයෙන්/පාර්ලිමේන්තුවෙන් නැවත අනුමැතිය ගත යුතු ය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකර කූඨඋපාය ලෙස නීතිගත කර ගැනීමට වර්තමාන යහපාලන-සංහිදියා ආණ්ඩුව ක්‍රියා කර ඇත. මෙය පාර්ලිමේන්තුව, රට සහ ජනතාව රවටමින් සිදු කළ මෙහෙයුමක ප්‍රතිඵලයකි.VAT පනත අගොස්තු 11වැනිදා සම්මත කිරීමට නියමිතව තිබුණ අතර ජනතාවගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ ඇසට වැළි ගසමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත ඒකාධිපති ආකාරයට සම්මත කර ගැනීමට ක්‍රියා කරන ලදී.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත 2016 මැයි මස 27 වැනි දින ගැසට් පත්‍රයේ පළ කළ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් 2016 ජුනි මස 22 එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ 27.(iii) වගන්තියේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියේ”^International Convention for the Protection of All Persons from Enforced Disappearances) ‘අතුරැදහන් තැනැත්තාට’ අදාල ප්‍රතිපාදනවල වලංගුතාවය පිළිගෙන ඇත.

27 iii) වගන්තියේබලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සහසම්මුතියේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීමයනුවෙන් අර්ථ නිරුපණය කර ඇත්තා වූ ද,ඇති තැනැත්තකු අදහස් වේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියේ” පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුව රවටා එකී සම්මුතිය ලංකාවේ නීතියට ඇතුළත් කර ගැනීමට ක්‍රියා කර ඇත.

පාර්ලිමේන්තුව විසින් “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” ලංකාවේ නීතියට ඇතුළත් කිරීමට පෙර එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කළ යුතු වන අතර ජාතික භාෂාවෙන්ද එය ඉදිරිපත් කළ යුතු වෙයි.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝණය කරන සහ ජනමතවිචාරණකින් සම්මත කළ යුතු වගන්ති කිහිපයක් තිබුණද ජනතාවගේ අවාසනාවට එය මේ වන විට පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ කථානායක කරෑ ජයසූරිය යන රජ තුන්කට්ටුව ක්‍රියා කර ඇත.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ අඩුපාඩු සම්බන්ධව 2016.08.11 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ විසින් අදහස් දක්වද්දී ඒකාධිපතියකු ලෙස ක්‍රියා කරමින් ඡන්ද විමසීමක් හෝ නොපවත්වා පනත සම්මත වූ බව ප්‍රකාශ කිරීමෙන් කථානායක කරෑ ජයසූරියද වරදක් සිදු කර ඇත. ඒ නිසා ඔහුට එරෙහිවද විශ්වාස භංග යෝජනා නිමිත්තක් හට ගෙන ඇත.

අවම වශයෙන් මේ දක්වා මෙකී  “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියේ සිංහල භාෂාවෙන් වන පිටපතක් හෝ පාර්ලිමේන්තුව ඉදිරියේ තැබීමට රනිල් වික්‍රමසිංහ මහතා හෝ මංගල සමරවීර මහතා කටයුතු කර නැත. ඒ අනුව පාර්ලිමේන්තුව ඉදිරියේ ජාතික භාෂාවෙන් නැති ජාත්‍යන්තර සම්මුතියක් මේ වන විට ලංකාවේ නීතියක් බවට පත් වී ඇත්තේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පතේ 27.(iii) වගන්තියේ ප්‍රතිපාදන අනුවය. පවතින නීතිය, ස්ථාවර නියේග අනුව මෙය පාර්ලිමේන්තුව රැවටීමක් වන අතර මේ වැරදි සිදුකර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ කථානායක කරෑ ජයසූරියට විරැද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීම නීතිය අගයන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වගකීම වෙයි.

VATපෙන්වා ජනතාවට BATඑකෙන් කෙළිය යහපාලන සංහිදියා හයිබ්රිබඩ් ආණ්ඩුවේ OPIUM මෙහෙයුම

http://www.lankanewsweb.today/archives/12483

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.