Breaking
19 Feb 2025, Wed

පාර්ලිමේන්තුව විසුරුවීමට 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීම මගින් රටට අත්වන වාසි…….

1. විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම.

2. ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම.

3. ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3 , 4 (අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම.

4. සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නා ජාතික ආණ්ඩුවක් නොවීම.

5. පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4 ½ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරවීම පමණක් වීම.

6. ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම.

7. ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය 46.1 ව්‍යවස්ථාව අනුව 30ට සීමා වීම.

8. ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම.

9. විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කර ජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම.

10. විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන.
B.Sc(Col),PGDC(Col)
2018.10.27
arunaunawatuna@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.