Anonymous Reporter

පාවා දෙන්නන්ට එරෙහි විමල්ගේ යුරෝපා සංචාරයට ඩයස්පොරාවයි,ආණ්ඩුවයි අංචි අදී!

ජාත්‍යන්තරය හමුවේ රට පාවා දෙමින් රනිල් -මෛත්‍රී- චන්ද්‍රිකා ගෙන යන වැඩපිළිවෙළ හමුවේ කණගාටුවට පත්ව අසරණව සිටින මවුබිමට ආදරය කරන විදේශ සංවිධාන කරන ලද අරාධනාවකට අනුව රට හමුවේ ඇති අභියෝග පිළිබඳව දැනුවත් කිරිම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ලබන සතිය තුල යුරෝපයේ සංචාරයක නිරතවිමට නියමිතව සිටි.

මේ අතර විමල්ට වීසා ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා මේ වනවිටත් දමිළ ඩයස්පොරාවේ සහ ලංකාවේ ආණ්ඩුවේන් තානාපති කාර්‍යාල වලට බලපෑම් කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාල නිල මට්ටමින් කිසිදු ප්‍රකාශයක් මේ දක්වා කර නෑ.

ජාත්‍යන්තරය හමුවේ රට පාවා දිමට වත්මන් යහපාලන රජය ගත් ක්‍රියාමාර්ග හෙතුවෙන් ජාත්‍යන්තරව වෙසෙන ශ්‍රී ලාංකිකයන් එක්ව පිහිටුවාගෙන ඇති මවුබිම සුරකීමේ සංවිධාන දැඩි ලෙස කලකිරිමට ලක්ව ඇති අතර රට සුරකින පුලුල් සංවිධානයක් රටවල් සියල්ලෙම  සංවිධාන එකතුකර පිහිටු විමටද මේ වනවිට සාකච්ඡා කර තිබේ.

Top