Anonymous Reporter

පාවා දෙන්නන් ගැන තරහක් නෑ

තමන් සහ රාජපක්ෂ පවුල පාවාදීමට කටයුතු කර පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු තරහක් නැතැයි හිටපු ජනපති වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සමග පැවැති සාකච්ජාවකට එක්වෙමිනි.රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා හා එහිදී සාක්ෂි දීමට සූදානම් පිරිස් පිළිබදවද මෙම සාකච්ජාවේදී අවධානය යොමුව තිබුණ අතර රාජපක්ෂ මහතා පවසන්නේ දේශපාලනයේ පවතින සංකීර්ණ භාවය මෙම තත්ත්වයට හේතුවී ඇති බවය.

මේ වන විටත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින්ද වාස් ගුණවර්ධන ඇතුලු පිරිසක් පසුගිය රජයේ වංචා චූෂණ හෙළි කිරීමේ සූදානමකින් පසුවනවන අතර මේ හරහා රාජපක්ෂ පවුලට දැඩි බලපෑම් එල්ල කිරීම වත්මන් ආණ්ඩුවේ සැලසුම වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.

Top