Breaking
24 Jan 2025, Fri

පැන්ෂන් ගිය පප්පලා මංගලගේ රහස් පරීක්ෂක තනතුරු වලට

විදේශ ඇමති මංගල සමරවීර විසින් හිටපු විදේශ ලේකම්වරු තිදෙනෙක් රහස් පරීක්ෂකයින් ලෙස බඳවාගෙන තිබේ. මේ තිදෙනා නම් කාසි චේට්ටි, ගීතා ද සිල්වා සහ ගුණේවෙදාලාගේ විජේසිරියි. මොවුන් ගේ කාර්යභාරය වන්නේ අමාත්‍යංයේ නිලධාරීන්ගේ වැඩ සහ අනෙකුත් කාර්යන් සම්බන්ධයෙන් රහසේ සොයා බැලීම් සහ යම් කිසි දූෂණ වංචා ඇතොත් ඒ ගැන පරීක්ෂා කිරීමයි. මෙම පත්වීම් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් විවිධ මත පළකර තිබේ. ඔවුන්ට අනුව මෙම පත්වීම් හරහා ද්වනිතවන කරුණූ කීපයකි. එකක් මංගල සමරවීර ඇමතිවරයා යටතේ සිටින නිලධාරීන් පිළිබඳ ඔහු තුළ පැහැදීමක් සහ විශ්වාසයක් නැති බවය. දෙවන කරුණ වන්නේ අම්‍යංශය තුළ හොර දූෂණ වංචා කටයුතු සිදුවන බව ඇමතිවරයා පිළිගන්නා බවකි. තුන්වෙනුව අමාත්‍යංශයේ සිටින නිලධාරීන් අතරින් මෙවන් තනතුරකට සුදුස්සන් නැති බව ඔහු පිළිගෙන ඇත. අනෙක් පැත්තෙන් තමන්ට නතු නොවන නිලධරීන් අමාරුවේ දැමීමට ඇමතිවරයා මේ තිදෙනා යොදා ගැනීමට ඉඩ තිබෙන බවයි.

මෙහිදී වඩාත් වැදගත් කරුණක් වන්නේ රජයේ ආයතනයක පරිපාලන විධිමත්ව පවත්වාගෙන යාම පිණිස මුදල් රෙගුලාසි ආයතන සංග්‍රහය ඇතුලුව චක්‍රලේඛයන් ඇති බව මංගල ඇමති නොදන්නාව හෝ ඒවා සම්බන්ධයෙන් ඔහුට විශ්වාසයක් නැති බවයි. අනෙක් අතට රාජ්‍ය ආයතනයක කටයුතු කෙරෙහි ඇස ගසාගෙන සිටින විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර මූල්‍ය අංශ ගැන මංගල සමරවීර ඇමතිවරයා නොදන්නවා විය හැකිය. සාමාන්‍යයෙන් රජයේ ආයතනයක ඇති සියලු අංශ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ බලය ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවටය. එසේම විනය සහ නිලධාරීන්ගේ කටයුතු සම්බන්ධයෙන් විධිවිධාන ආයතන සංග්‍රහයේ ඉතා පැහැදිළිව දක්වා තිබේ. ඒවා අභිබවා කටයුතු කිරීමට වෙනත් පුද්ගලයින් පත් කිරීම නීතිවිරෝධී වේ. ඒ අනුව යම් කිසි විදිහකින් මංගලගේ රහස් පරීක්ෂකයින්ගේ නිර්දේශ අනුව කටයුතු කරන්නට යාමේ දී අනාගතයේදී විදේශ ලේකම්ට විරුද්ධව මූළික අයිතිවාසිකම් නඩු රාශීයක් වැටිමට ඇති ඉඩකඩ බොහෝය. අනෙක් පැත්තෙන් ආයනයක වැරදි ඇත්නම් ඒවා ගැන පරික්ෂා කිරීමට ජනාධිපති විමර්ශණ ඒකකයක්ද පවතී. එසේ වුවත් එදාවේල හාමතේ සිටින තමන් සේවය කාලයේදී අමාත්‍යංශය නැත කර දැමූ පපීලා ටිකක් පත් කිරීමෙන් වැඩක් නැත.

මෙම පත්වීම් හරහා ඉස්මතුවන එක් ප්‍රධාන කරුණක් වන්නේ මංගල ඇමතිවරයාගේ දූර්වලකමයි. ඒ මන්ද යත් තමන් යටතේ ඇති ආයතනය පවතින නීතිරිති යටතේ කාර්යක්ෂමව පවත්වාගන යාමට ඔහුට ඇති නොහැකියාව වසන් කරන්නට මෙවන් පැන්ෂන් ගිය පප්පලා යොදා ගැනීමයි.

මෙම රහස් පරීක්ෂකවරු කවුරුන්ද යන්න වෙනමම කථාවකි. ඔවුන් තිදෙනාම අමාත්‍යංශයේ ලේකම් තනතුරු හෙබවු අය බව දැන ගන්නට ඇත. ඔවුන්ට විරුද්ධව ඒ කාලයේ විවිධ දූෂණ චෝදනා ඇත. කාසි චේට්ටි සම්බන්ධයෙන් ඔහුගේ යහපැවත්ම සම්බන්ධයෙන් බිරිඳ පවා කදිර්ගාමර් ඇමතිට පැමිණිළි කර තිබේ. මේ පැමිණිල්ලක කියවුණේ බර්ලින් නුවර තානාපති ලෙස නම් කර ඇති කාන්තා රත්නය සහ ඔහු අතර ඇති සම්බන්ධතාවයකි. ඒ අනුව එවකට බ්‍රසල්ස් නුවර තානාපතිව සිටි මෙතුමා ඔහුගේ බිරිඳගේ ඉල්ලීමට ජර්මනියට මාරු කරන ලදී. ගමන් වියදම් දීමනා අයථා ලෙස ලබා ගැනීමක් ගැන ඔහුට විරුද්ධව චෝදනා ඇත. ගීගා සිල්වාට විරුද්ධ රජයේ දේපල අයථා පරිහරණය ගැන චෝදනා විය. රියදුරෙක් හට පරුෂවචනයෙන් බැණීම ගැනද පැමිල්ලක් වේ. ගුණේවෙදාලාගේ විජේසිරි විදේශ අමාත්‍යංශයේ ලේකම්ව සිටි අවධියේ අයථා ලෙස තම පුතා විදේශ සේවයට ඇතුලත් කිරීමට තැත්කිරීම නිසා එවකට විදේශ ඇමතිව සිටි ටිරෝන් ප්‍රනාන්දු මහතා විසින් සේවයෙන් ඉවත් කළ අයෙකි. ජපානයේ සේවය කරන සමයේදී ජපන් ජාතිකයෙක් රැවටීමක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා ඇත. නැසීගිය තානාපති ජානක නක්කාවිට මහතා ලවා එක් විදේශ සේවා නිලධාරියෙක් හට බොරු චෝදනා පත්‍රයක් කදිර්ගාමර් ඇමතිගේ බිරිඳ සැනසීමට සකස් කිරීමට කටයුතු කෙළේ ද මොහුය. එහෙත් අවංක නිලධාරියෙක් වූ ජානක නක්කාවිට මහතා විජේසිරිගේ උවමනාව ඉටු නොකර ලද බව දැන ගන්නට ඇත.

ප්‍රශ්නය වන්නේ මෙවන් සොරකම්වලට සම්බන්ධ අය රහස් පරීක්ෂක තනතුර කෙසේ දරයිද යන්නය. එසේම තමන් සේවය කළ කාලයේ තමන්ට හිතවත්ව සිටි අයට එක් ආකාරයකින් ද තමන්ව විවේචනය කල අයට තවත් ආකාරයකින්ද මෙම තිදෙනා නොලසකයි යන සහතිකය මංගල ඇමතිට දීමට හැකිදැයි විදේශ සේවයේ නිලධාරීන් ප්‍රශ්න කරයි. බොහෝ දෙනෙක් පවසා සිටියේ ඔවුන් මෙම රහස් පරීක්ෂකයින්ගේ අණට කටයුතු නොකරන බවයි. එසේම මේ රහස් පරීක්ෂකවරුන් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ඇමතිවරයාට අවශ්‍ය නම් ලබාදීමට අප සූදානම්ය. මේ සම්බන්ධයෙන් නිලධාරින් පිරිසක් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.