Breaking
24 Feb 2025, Mon

පැය 48කදී ආණ්ඩුව දෙවන බිල්ලත් ගත්තා

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගෙන සිරකර පැය 48ක් ගතවීමටත් පෙර අප පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා අත්අඩංගුවට ගෙන සිරකර තිබේ.

මොහොමඞ් මුසම්මිල් මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදු දේපළ පනත යටතේය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු ඉන් අනතුරුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර ඇත. ඉන් අනතුරුව දින 14කට රිමාන්ඞ් බන්ධනාගාර ගතකොට තිබේ. පොදු දේපළ පනත යටතේ වන චෝදනාවකට මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දිය නොහැකි නිසා මොහොමඞ් මුසම්මිල් මහතාට ඇප ලබා ගැනීමේ ඉඩකඩ ද අහිමිවී තිබේ. මේ සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි නීතිමය පියවර කඩිනමින් ගැනීමට අප සූදානම් බව ද මෙරට සියලූ ප‍්‍රගතිශිලී ජන කොටස් වෙත ප‍්‍රථම කොට දැනුම් දෙමි.

මේ ආණ්ඩුවේ ජනතාදෝහී සහ දේශදෝහී ක‍්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට ජනතාව ස්වයංව වීදි බසින තත්වයක්ද උද්ගතව තිබේ. ජාතික ආරක්‍ෂාව බිඳ වැට්ටවීම, අධික බදු බර පැටවීම, ජනතා සහන කප්පාදුව ආදී කරුණුවලට එරෙහිව ජනතාව එසේ වීදි බසිමින් සිටිති. එහෙත් මේ ආණ්ඩුව ජනතා අභිලාෂයන් අනුව කටයුතු කරන්නක් නොවන නිසා ඒවා තුට්ටුවකට මායිම් කරන්නේ නැත. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ හුදෙක්ම තම බටහිර හාම්පුතුන් සහ ඉන්දියාවේ අභිලාෂයන් අනුවය. එකී හාම්පුතුන්ගේ උවමනාවට අනුව රටට සතුරු තවත් ක‍්‍රියාමාර්ග ගණනාවක් ඉදිරි මාස කිහිපය තුළ ගැනීමට මේ ආණ්ඩුව සූදානමින් සිටී.

රටත් ජාතියත් වනසා දමන නිර්දේශ ඇතුළත් නව ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් කෙසේ හෝ සම්මත කරවා ගැනීම මේ රටට සතුරු ක‍්‍රියාමාර්ග අතර ප‍්‍රමුඛ වේ. එවැනි සතුරු ක‍්‍රියාදාමයන් කල්තියා ජනතාව හමුවේ තබන, ඊට එරෙහිව ජනතා බලවේග පෙළගස්වන විපක්‍ෂයේ දේශපාලනඥයන් නිහඩ නොකළහොත් ආණ්ඩුවටත් ඔවුන්ගේ අධිරාජ්‍යවාදී හාම්පුතුන්ටත් සිය සිතැගි ඉටුකර ගත නොහැක. ඒ නිසා ඔවුන් දැන් කඩිනමින් එවැනි විපක්‍ෂයේ දේපාලනඥයන් දඩයම් කරමින් සිටී. ඊයේ උදය ගම්මන්පිලය. අද මොහොමඞ් මුසම්මිල්ය. මේ කුරිරු දේශපාලන දඩයමට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය අගයන සියලූ බලවේග පෙරට ආ යුතුය.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2016.06.20

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.