Breaking
6 Feb 2025, Thu

පැලෝපිය නාලය දිගේ ජාතිවාදය අල්ල නැටු අමනයන් මතකද? කොරෝනා වසංගතය හමුවේ වත්මන් විපක්ෂයේ පූර්වාදර්ශය අනාගතයටත් වටී…

Published on: Mar 23, 2020- ජාතික අර්බුද සංවර්ධනය වෙමින් පවතින රටකට කිසි විටකත් ආගන්තුක නොවේ.ජාතික අර්බුදයක දී , ව්‍යසනයකදී රට එක මිටකට ගෙන ඒ සඳහා කටයුතු කිරීම රජයේ මෙන් ම රටේ සියලු පුරවැසියන්ගේ වගකීමයි. මීට වසරකට පෙර අප ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දුන් අතර ඒ තුළින් මුළු ජාතිය ම මහත් බියකින් සැලී ගිය අතර, සුළු ජාතිකයන්, විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයින් මහත් අනතුරකට හෙලීමට එවකට සිටි විපක්ෂයේ නෝමනා ක්‍රියාකාරකම් දායක වූ බව ප්‍රසිද්ධ රහසකි. එවකට විපක්ෂයේ හැසිරීම තවත් වසර ගණනාවකින් වත් විසඳිය නොහැකි මහත් විනාශකාරී ජාතිවාදී අරගලයක් අබිමුවටම රට යොමු කරද්දී, එවකට පැවැති ආණ්ඩුව මහත් පරිශ්‍රමයකින් ඒ අනතුරෙන් රට මුදවාගත් මුදවා ගත් ආකාරය සිහිපත් කිරීම වටී.

ඊට අමතරව, තවත් පසු ප්‍රහාර එල්ල වීම හෝ ත්‍රස්තවාදය වර්දනය වීමට ඇති ඉඩකඩ අහුරාලමින් ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි සියලු අක්මුල් සොයා ගොසින් ඒ ත්‍රස්ත සංවිධානය මුළුමනින්ම අතු ගා දමන්නට කටයුතු කළා සේම, ත්‍රස්ත ප්‍රහාරය හමුවේ කඩා වැටුනු, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථිකය ඉතා කෙටි කලකින් ගොඩනැංවීමට පැවති රජය ක්‍රියා කළේ ය.

මේ අතරතුර කාලයදී, එවකට විපක්ෂයේ සිදුකළේ ජාතිවාදය අවුස්සමින් මෙරට නැති ප්‍රශ්නයක් ඇති කිරීමට වදපෙති වද සැත්කම්, වඳ ඇඳුම් ආදිය පෙන්වමින් රට අකර්මණ්‍ය කිරීමේ දේශපාලන මෙහෙයුමක නිරත වීම පමණකි. එපමණක් නොව රජයේ කටයුතු වලට බාධා පමුණුවන විශ්වාසභංග කිහිපයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

නමුත් මේ සියල්ල මධ්‍යයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් ද ආර්ථිකය ගොඩනැගීමට මෙන්ම සමාජය තුළ ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට එවක රජයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූයේ විපක්ෂයේ ග්‍රහණයට යටත් වූ රාජ්‍ය යාන්ත්‍රනයක් Remote control මගින් පාලනය කිරීමට, ඒවා විපක්ෂය කටයුතු කිරීම නිසාය. ඒ අවස්ථාවේදී ද වැඩවර්ජන සිදු කරමින් රජයට විශාල බලපෑමක් එල්ල කිරීමට එවකට විපක්ෂය කටයුතු කළේය. ඒඔවුන් අප ගැන හැඟීමට වඩා ඔවුන්ගේ දේශපාලන අරමුණ විශාල කර ගැනීම නිසාය.

එවක විපක්ෂයේ අද ආණ්ඩු කරණය කරමින් සිටී. කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන් මහජන මුදල් වියදම් කරමින් කටයුතු කළ ආකාරය මහත් හාස්‍යජනකය. චීන ජාතික කාන්තාව සුවපත් කර චීනයට යැවීම සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම සඳහා වීඩියෝ පටයක් ( Here’s why you shoudn’t cancel your Trip to Sri Lanka) නිෂ්පාදනය කර සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගත්තේය. එහි ප්‍රතිඵල කෙටි කාලයකින් ඔබ ,අපට දැකගැනීමට හැකිවූයේ රටෙන් හමු වූ ප්‍රථම කොරෝනා රෝගියා සංචාරක මගපෙන්වන්නෙක් වීමෙන් ය. එපමණක් නොව අද දින නිකුත්වූ නිල වාර්තා විශ්ලේෂණය කිරීමේ දී මෙරට මේ වන විට රෝගීන් අසූ හතරක් (84) සිටින අතර නිරෝධායන මධ්‍යස්ථාන වල 31 දෙනෙකු corona වලට ගොදුරු වී ඇති බව පෙනේ. එහෙත් අනිකුත් පනස් තුන් (53) දෙනාම මේ රට තුළින් හමුවූ කොරෝනා රෝගීන් වීම විශේෂත්වයයි. ඒ සඳහා සංචාරකයන් ලෙස පැමිණි අය කොරෝනා රෝගය ව්‍යාප්ත කිරිමට දායක වූ බව අපට සැක කළ හැක.පැවති විපක්ෂය මේ වන විට සිටියා නම් මෙම සිදුවීම උපයෝගී කරගනිමින් රට මේ වනවිටත් ගිනිතබා අවසන්.

නමුත් වර්තමාන විපක්ෂයේ හැසිරීම සියලු පුරවැසියන්ගේ ඇගයීමකට ලක් විය යුතු බව මගේ හැඟීමයි.මෙම රෝගය ව්‍යාප්ත වීමේ වාසිය විපක්ෂයට තිබුණ ද, ඔවුන් තමන්ගේ රට ගැන කල්පනා කරමින් ආණ්ඩුවට ඉදිරියෙන් සිටිමින් සියලු දේශපාලන කටයුතුවලින් ඉවත් වෙමින් ආණ්ඩුවට පූර්වාදර්ශයක් ලබා දුන්නේය.වගකිය යුතු විපක්ෂයක පූර්වාදර්ශය ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා මෙන් ම එහි සාමාජිකත්වය දැරූ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාද , ජනතා විමුක්ති පෙරමුණ ,දෙමළ සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ,සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ද කටයුතු කරන ආකාරය ද අගය කළ යුතුම ය. මේ දේශපාලන පූර්වාදර්ශය ඉදිරි මහ මැතිවරණයෙන් විපක්ෂයට පත් වන සියලු දෙනාම අනුගමනය කරනු ඇතැයි උපකල්පනය කිරීමට නො හැක. නමුත් මේ පූර්වාදර්ශය මේ රටේ ඉදිරි ගමනට රුකුලක් වනු ඇත.

~~අවුකන~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.