Breaking
24 Jan 2025, Fri

පිං අගමැති මාස 4ට කෝටි 36ක් ගිලලා ..කොහොමද වැඩ

පිං අගමැති තනතුරක් ලබාගත් රනිල් වික්‍රමසිංහ 2015 නවාරි පළමුවැනි දින සිට අප්‍රේල් මස 30වැනි දා දක්වා සිව් මසක කාලය සඳහා අය-වැය ලේඛනය මගින් කෝටි 36ක මුදලක් වෙන්කර ගනිමින් සාගල,අකිල ඇතුලු රනිල්ගේ කොලු ගැටයන්ට අම්බානකට සලකා තිබේන බව දැන් ප්‍රසිද්ධ රහසක් වි තිබේ.

මෛත්‍රීපාලද දහයට ගණින්නට බැරි එකකු සේ සිටියද තමන්ට රිසිසේ මුදල් වියදම් කර තිබේන අතර එම සිව් මස තුළ ජනාධිපතිවරයා අමතර මුදල් වෙන් කර ගැනීම මෙන් 759%ක වැඩි ප්‍රමාණයක් අගමැතිවරයාගේ වියදම් සඳහා ලබාගෙන තිබේ.

මෙම වසරේ ජනවාරි පළමුවැනි දින සිට අප්‍රේල් මස 30වැනි දා දක්වා සිව් මසක කාලය සඳහා අය-වැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල්වලට අමතරව පරිපූරක ඇස්තමේන්තු මඟින් ජනාධිපතිවරයාගේ වියදම් සඳහා රුපියල් දෙකෝටි තිස්හය ලක්ෂ අසූනවදහස් නවසියක් (රු. 23,689,900) ලබාගෙන තිබෙන අතර එම කාලය සඳහා අගමැතිවරයා රුපියල් කෝටි දහඅටක් (රු. කෝ. 18) ලබාගෙන ඇත.

සිව් මසකට ජනාධිපතිවරයා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් එක්කෝටි හැට හතර ලක්ෂ විසිතුන්දහසක (රු. 16,423,000) මුදලක් වෙන් කර ගන්නා විට අගමැතිවරයා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් කෝටි පහක් (රු.කෝ. 5) වෙන් කරගෙන තිබේ.

පුනරාවර්තන වියදම් වශයෙන් ජනාධිපතිවරයා රුපියල් හැත්තෑ දෙලක්ෂ හැටහයදහස් නවසියයක (රු. 7,266,900) මුදලක් වෙන් කර ගන්නා විට අගමැතිවරයා රුපියල් කෝටි 13ක් මේ සඳහා වෙන් කරගෙන ඇත.

අගමැතිවරයා අමතර රුපියල් කෝටි 18ක මුදල වෙන් කරගෙන තිබෙන්නේ ජලය හා විදුලිය බිල්පත් ගෙවීමට, නඩත්තු සේවා කටයුතු සඳහා ගොඩනැගිලි ඉදිකිරීම්, යන්ත්‍ර හා උපකරණ පුනරුත්ථාපනය, ගෘහභාණ්ඩ හා කාර්යාලයීය උපකරණ මිලදී ගැනීම සහ දූෂණ මර්ධන කමිටුවේ කටයුතු වෙනුවෙන් බව සඳහන් ය.

ඒ අනුව දරුවෙක් මල්ලෙක් තියා හරිහමන් මොකෙක්වත් නැති රනිල් රුපියල් කෝටි 18කින් ගත්ත බඩු මොනවාද යන්න වහාම සොයා බැලිය යුතුය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.