Featured

පිල්ලෙයාන්ට එරෙහිව සාක්ෂිකරුවන් TNA එකෙන්

යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේ අතුරුදහන් කල පුද්ගලයින් පිල්ලෙයාන් විසින් ඝාතනය කල බවත් වහාම ඒ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල යුතු බවත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට දැනුම් දි තිබේ.

යුද්ධය අවසන් විමෙන් පසුව උතුරු සහ නැගෙනහිර පළාත් වල පසුගිය රජය සමග සම්බන්ධ වී කටයුතු කළ පිල්ලෙයාන් පැහැර ගැනිම් සහ ඝාතන රැසක් සිදුකර ඇති බවත් තීව්ච්චේනෙයි ප්‍රදේශයේ ඇති සමූහ මිනීවල හෑරිමෙන් කරුණු රැසක් අනාවරණය කර ගතහැකි බවද පිල්ලෙයාන් සම්බන්ධයෙන් වහාම පරික්ෂණ කර දෙමළ ජනතාව පාවාදුන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතු බවද ද්‍රවිධ සන්ධානය දන්වා තිබේ.

පිල්ලෙයාන්ට එරෙහිව සාක්‍ෂි දීමට අවශ්‍ය තරම් දෙමළ ජනතාව සැපයිමට තමන්ට හැකි බවත් වහාම උතුරේ අතුරුදහන් වුවන් සහ ඝාතනය වුවන් සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට චොදනා එල්ල කර පරික්ෂණ ආරම්භ කල යුතු බවයි ද්‍රවිධ සන්ධානය ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ.

රනිල්-මෛත්‍රී පත්කල විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කල ඉල්ලිමට අනුව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  පසුගියදා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයතු කල බව අප පසුගියදා අනාවරණය කළා.(කියවන්න – “පිල්ලෙයාන්” ඇල්ලුවේ අපේ ඉල්ලිමට TNA)

 

Top