Breaking
23 Jan 2026, Fri

පිලිපීනය Tiexian ගල්පරය වෙත නීති-විරෝධී ලෙස ගොඩබැසීම සම්බන්ධයෙන් චීනයේ විරෝධය

පිලිපීනය, චීනයේ Nansha දූපත් සමූහයට අයත් Tiexian ගල්පරය වෙත නීති-විරෝධී ගොඩබැසීමට එරෙහිව චීනය විරෝධය පළ කරයි.

චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක Gan Yu මහතා පැවසුවේ පිලිපීනයේ පුද්ගලයන් 34දෙනෙකු අද(21) චීනයේ අනතුරු ඇඟවීම් නොතකමින් එම ගල්පරයට අනවසරෙන් ගොඩබැස ඇති බවයි. චීන වෙරළාරක්ෂක භටයන් විසින් නීත්‍යනුකූල පියවර ගෙන තිබේ. පිලිපීනයේ මෙවන් ක්‍රියාව චීනයේ භෞමික අඛණ්ඩතාව හා ‘දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ  ප්‍රකාශනය ’ උල්ලංඝණය කිරීමකි. පිලිපීනය දකුණු චීන මුහුදු සාමය හා ස්ථාවරත්වය විනාශ කර ඇති අතර, චීනය ඊට දැඩිව විරුද්ධ වන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.