Breaking
25 Feb 2025, Tue

පුජිත්ගේ සුදු වෑන් භීතිකාවට එරෙහිව රනිල්ගේ ගෝලයෝ මහ පාරට

සුදුවැන්,පාතාලය සමග පුජිත් මර්දණය අරඹයි- හමුදා බුද්ධි අංශ වලටත් බලපෑම් යනුවෙන් අප කල අනාවරණය සත්‍ය කරමින් යහපාලන ගෙන එමට අසත්‍ය වපුරමින් ජනතාව නොමග යැවු නිදහසේ වේදිකාව සහ විදියේ විරෝධය නැමති රනිල්ගේ NGO නඩය හෙට(මැයි 10) රටපුරාම පෙත්සම බාර දීම හා විරෝධතාවය යෙදිමට තිරණය කර තිබේ.

අම්පාර හා ති‍්‍රකුණාමලය දී ඇති වූ සිද්ධි සමග පසුගිය දින කිහිපය තුළ සුදු වෑන් භීතිකාව නැවතත් හිස ඔසවන බවක් පෙනෙන්නට ඇති බවද එම සංවිධාන නිකුත් කල නිවේදනයේ දක්වා තිබේ.ජාතික සමගිය හා සංහිදියා ගොඩනැගීමේ කි‍්‍රයාවලියට සෘජු ලෙස බලපාන නැවත ගොඩනැගෙමින් පවතින සුදු වෑන් සංස්කෘතයට විරෝධය දැක්වීමත්, එය වහා නතර කරන ලෙසත් ඉල්ලා මෙම සිද්ධීන්ට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව වහා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසට බල කරමින් හෙට දින (මැයි 10) ජනාධිපති , අගමැති , විදේශ ඇමති, ජාතික සංහිදියාව පිළිබද අමාත්‍ය, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සංදේශයක් භාරදීමට ඔහුන් තිරණය කර තිබේ.

Bannerඋදේ 9.30 ජාතික සංහිදියාව පිළිබ`ද අමාත්‍යංශය, බුත්ගමු පාර, රාජගිරිය – පෙත්සම භාරදීම හා උද්ඝෝෂණය

උදේ 10.15 යුරෝපිය සංගම් මුලස්ථානය – පෙත්සම භාර දීම පමණයි

උදේ 10.45 – එක්සත් ජාතින්ගේ මුලස්ථානය ඉදිරිපිට, තුන්මුල්ල හන්දිය අසල – පෙත්සම භාරදීම හා උද්ඝෝෂණය

උදේ 11.30 අගමැති කාර්්‍යාලය, මල් පාර, කොළඹ – පෙත්සම භාරදීම හා උද්ඝෝෂණය

දහවල් 1.00 විදේශ කටයුතු අමාත්‍යංශය හා ඕනුර් කාර්්‍යාලය (චන්දි‍්‍රකා කුමාරතුංග මැතිණියගේ කාර්යාලය)

සවස 2.30 ජනාධිපති ලේකම් කාර්්‍යාලය, කොළඹ – පෙත්සම භාරදීම හා උද්ඝොෂණය

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.