Featured

පුජිත…ගමනේ…..යා… පුජිත එලවන සටන උග්‍ර අතට …ඉල්ලා අස්විමට බලපෑම්

Published on: Oct 23, 2016 – ජනාධිපතිවරයාගේ බලපෑම මත නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී වන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් තනතුරින් ඉවත් වි යෑමට බලපෑම් කල අකාරයටම එජාපයට අවාසිදායක මෙන්ම එජාපයේ ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම විනාශ කරමින් සිරිසේන ජනාධිපතිවරයාට කඩේ යන  පොලිස්පති පූජිත් ජයසුන්දරද වහාම ඉවත් කිරිමට එක්සත් ජාතික පක්ෂය මෙහෙයුමක් දියත් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

එජාපයට අවාසිදායක මෙන්ම එජාපයේ ප්‍රතිපත්ති සම්පුර්ණයෙන්ම විනාශ කරමින් සිරිසේන ජනාධිපතිවරයාට කඩේ යන පොලිස්පති පූජිත් ජයසුන්දර ඌරාගේ මාලූ ඌරාගේ පිටේම කපා දැමිමේ තියරියට මේ සතියේ ලක්කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මෙහෙයුමක් දියත් කර තිබේන බව අප පසුගිය සැප්තැම්බර් 19 වැනිදා අනාවරණය කළ අතර එජාප ආණ්ඩුව පවත්වා ගැනිම සදහා FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පොලිස්පති ධුරයට පත්කිරිම අනිවාර්යයෙන් කලයුතු වැඩක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළේ ප්‍රභලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය ර ඇති බවද අප වාර්තා කළා.

එම අනාවරණය කියවන්නපුජිතගේ මාලු පුජිතගේම ඇගේ කපයි,පුජිතට ගෙමක් දෙන්න රනිල්,සාගල මෙහෙයුමක්!

ඒ අනුව පසුගියදා යාපනයේ සිදුවු සිද්ධිය තරුණයන් දෙදෙනාගේ ඝාතනය දඩමිමා කරගනිමින් පොලිස්පතිවරයාට ඉල්ලා අස්විමට බලකිරිම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සාගල රත්නායක මෙහෙයුම්ක් දියත් කර ඇති අතර ඒ සදහා උතුරේ ජනතාවගේ බලපෑම් දඩමිමා කර ගැනිමට කටයුතු කරමින් සිටින බවද අප වාර්තාකරු සදහන් කළා.

තරුණයන්  දෙදෙනාගේ ඝාතනයට අදාළව සිදුකෙරෙන පරික්ෂණ මගින් පොලිස්පතිවරයාගෙ අසමත් කම ප්‍රදර්ශණය කිරිම ඔහුටම ඉල්ලා අස්විමට බලපෑමක් ලෙස භාවිතා කල හැකි බවයි රනිල් පිළේ අදහස වි ඇත්තේ. ඒ අනුව යාපනයේ තරුණයන්ගෙ ඝාතනය මෙන්ම,අනිකුත් පරික්ෂණ සහ පසුගියදා ලසන්ත ඝාතනය කල බවට ලිපියක් ලියා තබමින් සියදිවි නසාගත් බුද්ධි අංශ සාමාජිකයා සම්බන්ධයෙන් පරික්ෂණ කල අකාරය සම්බන්ධයෙන්ද පොලිස්පතිවරයාට චොදනා එල්ල වි තිබුනා.

මිට මාසයකට පමණ පෙර  ශ්‍රී ලංකා ‍පොලීසියේ ඉහළ නිලධාරීන් සියලු දෙනාම  අරලියගහ මන්දිරයට කැඳවා පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු මාස හතරක කාලය තුළ ශ්‍රී ලංකා ‍පොලීසියේ ඇති වූ ප්‍රගතිය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විමසා ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක්ද සකස් කර තිබේ.

පොලිස්පති ධුරය කාටද?

එජාප ආණ්ඩුව පවත්වා ගැනිම සදහා FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පොලිස්පති ධුරයට පත්කිරිම අනිවාර්යයෙන් කලයුතු වැඩක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළේ ප්‍රභලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.අදාළ සාකච්ඡා සදහා එකතු වි සිටි පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායකද එය අනුමත කර ඇති අතර රාජපක්ෂලා සහ ඔහුගේ අනුගාමිකයන් මර්දනය කිරිම සදහා කටින් පමනක් නොව ක්‍රියාවෙනුත් වැඩ පෙන්විමට වෛද්‍යලංකාර සමත්ව ඇති බවයි සාගල එහිදි පෙන්වා දි ඇත්තේ.

වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිසිය භාර අමාත්ත‍යවරයා ලෙස තමන් කිසිසේත්ම සැහැහිමකට පත් නොවන බව සාගල රත්නායක පුල පුලා පවසා තිබේ.

එම අනාවරණය කියවන්න – පොලිස්පති ධුරය පුජිත්ට අහිමි වෙයි…FCID ලොක්කා පොලිස්පති!

Top