Breaking
24 Feb 2025, Mon

‘පුරවැසි බලය’ හෙළුවෙන්

සිසු උද්ඝෝෂණය පිටුපස වගේ ම ඔවුන්ට පහරදීම පිටුපසත් අදිසි බලවේගයක් තියනව කියල ‘පුරවැසි බලයේ’ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ බිබීසි සංදේශයට කියනවා. සබාවේ මහහඬින් සිනා.

ඉස්සෙල්ලාම කියන්න ඕන බීබිසියටත් මේ සිසුන්ට පහර දීම ප්‍රවෘත්තියක් වුනේ වියන්ගොඩගේ කටින් මේ ‘කුමන්ත්‍රණ’ ප්‍රකාශය පිට වුනාට පස්සේ. වියන්ගොඩ කරන තරමේ චෝදනාවක් අන්තරයට එරෙහි ව කරන කොට රෙදි ඇඳගෙන ඉන්න මාධ්‍යක් නම් බිබිසියට තිබුණා අන්තරයෙන් මේ චෝදනාව පිළිබඳ අහල ඔවුන්ගේ මතයත් මෙතෙන්ට ගෙන්න. එහෙම එකක් නැතිව යහපාලන සට්ටැඹියෙකුගෙන් පමණක් කරුණු විමසල ඒකපාර්ශවික විග්‍රහයක් ප්‍රචාරය කිරීමෙන් බීබිසියේ කුහක මාධ්‍ය භාවිතාව බෝනස් එකක් විදියට හෙළි වෙනවා.

දැන් වියන්ගොඩගේ පැත්තට හැරෙමු. වියන්ගොඩ කියන්නේ මහින්ද පාලනය පෙරළා මේ රජය පත්කිරීමට පොළොවේ පස් කාපු කෙනෙක්. අපි මුලසිට සරලව මොවුන්ගේ සැබෑ ස්වරූපය දැනගෙන සිටියත් ලංකාවේ බොහෝ පුරවැසියෝ මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටි මේ විනාශකාරීන්ට රැවටුනා. ලංකාවේ කරුමය තමයි ඒ.

කොහොම හරි අපට මතකයි රතුපස්වල හා හංවැල්ලේ තුන්නානේ විරෝධතා ගැන ගෝඨාභයල ඔහොම කියනකොට වියන්ගොඩල ඒකට කෝචොක් කළා. ඒත් කටුනායක, රතුපස්වල හා තුන්නානේ විරෝධතා නම් ඇත්තට ම කුමන්ත්‍රණ. අපි එහෙම කියන්නේ මේ ර‍ජය පත්වුනාට පස්සේ අර කොම්පැනි නිසා අපිරිසිදු වන ජලය ගැන කියපු ‘ප්‍රදේශවාසීන්’, පාදිලිවරු හා භික්‍ෂූන් පෙන්නවත් නැති නිසයි. හැබැයි අන්තරේ විරෝධතාවලට නම් මහින්ද රජය කවදාවත් කුමන්ත්‍රණ කියල ලේබල් ගැහුවෙ නැ. අනේ අද නම් මේ කවදත් සිදුවන අන්තරේ සිසු විරෝධතා තේරුම් ගන්න වියන්ගොඩල කුමන්ත්‍රණවල සහය පතනවා. හෙට අනිද්දා මේ අය කිව්වොත් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක් නිසා කියල පුදුම වෙන්න එපා. වාමංශික කියල කියන, එහෙත් ඇත්තට ම දමිළ ජාතිවාදියෙකු වන වික්‍රමබාහුත් කියල තිබ්බා සිසු විරෝධතා කරල තිබ්බෙ රනිල් අපහසුවට පත් කරන්නලු. ‍මෙන්න නියම වහල්බව. මේක තමයි ‘උගත් බුද්ධිමත් ජනතාව’ ලෙස ඇඳගත් දේශපාලන කුලීකාර වහලුන්ගේ නිරුවත ඔවුන් විසින් ම පෙන්වන ඒ සොඳුරු මොහොත.

මහින්ද පතිරණ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.