Featured

පුලුවන්නම් අරන් වරෙන් -මෛත්‍රී තනතුරු වෙන්දේසියේ දමයි

මහින්ද පිළ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් යහපාලනයට සම්බන්ධ කිරිමට යම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ කණ්ඩායමේ කෙනෙකු සමත් වන්නේ නම් ඔහු ඉල්ලන ඔනෑම ඇමතිකම් මෙන්ම ඉල්ලා සිටින ඔනෑම වරප්‍රසදයක් ලබාදිමට තමන් සුදානම් බව සිංගප්පූරුවේ ආතල් එක අවස්න් කර පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බත් බැලයන්ට දැනුම්දි තිබේ.

මහින්දවාදින් තවදුරටත් වෙනම දේශපාලන කිරිම ශ්‍රීලනිපයට හිතකර නොවන බවත් කවර අකාරයෙන් හෝ යහපාලනයට එකතු කර ගැනිමට නොහැකි වුවහොත් යහපාලන පැවැත්ම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනිම අසිරූ කටයුත්තක් බවද මෛත්‍රී දන්වා තිබේ.

තමන් විසින් නම්කරන ලද මන්ත්‍රීවරුන් දිනා ගැනිමට සමත් විම ආණ්ඩුව තුල මෙන්ම ශ්‍රිලනිපය තුලද පොරක් විමට හොද අවස්ථාවක් බවත් වැඩේ ලෙසි කර ගැනිමට ඉදිරියේදි ඇමතිධුර කිහිපයක වෙනස්කමක් කිරිමට සහ ඇමතිකම් කිහිපයක් හිස්ව තැබිමට අගමැතිවරයාද කැමැත්ත පලකර තිබේන බව ජනපති සිය බත් බැලයන්ට දන්වා තිබේ.

යහපාලනයට අනතුරු ඇගවිමක්

කවදාවත් පරාජය කරන්න බෑ කිව්ව කොටි පරාද කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දෙහිඕවිට පැවැති උත්සවයකදී පැවසීය.

‘යහපාලනයට එකතු වී ඉන්න සියලු දෙනා එකතුවී අපි මේ බලවේගය ගොඩනැගිය යුතුයි. මේ කරගෙන යන වැඩපිළිවෙළට විරුද්ධ ජනතාවට නායකත්වය දෙන්න මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් කටයුතු කරනවා.‘ යැයිද ඔහු කීවේය.

Top