Anonymous Reporter

පූටින්ගේ  සිංහප්‍රාප්තිය

සෝවියට් දේශයේ අවසන් පාලන පුරුක වූයේ මිහයිල් ගොර්බචොෆ්ය. සෝවියට දේශයට කන කොකා ගැසුවේ ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පෙරෙස්ත්‍රොයිකා වැඩසටගන නිසාය. පෙරෙස්ත්‍රොයිකා චින්තනය යනු සී.අයි.ඒකාරයන් ගොර්බචොෆ්ට දුන් ලනුවකි.එහි ප්‍රතිඵලය වූයේ  සෝවියට් සමූහාණ්ඩුව කැබලි වලට කැඩී  සීසීකඩ යාමය.සමාජවාදී කදවුර දේවත්වයෙන් ඇදහූ ලෙනින්ගේ සිහිවටන  බිමට ඇද වැ‍ටුනි. ගල් පර්වතයක් වූ සෝවියටආර්ථිකය අයිස් තලයක් සේ දියව ගියේය.රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවීමට හැකිවූයේ මාස දෙකකට වරකි. වි‍රැකියාව රජවිය.  ලොව පැරණිතම වෘත්තිය ජාතියේ දූ පුතුගේ දායාදය විය.

ගොර්බචොෆ්ගෙන් පසු  ශේෂ වූ රුසියාවේ බලයට පත්වූයේ බොරිස් යෙල්ට්සින්ය. ඇමෙරිකානු ගැති රාමුවක  ක්‍රියාත්මක වූ යෙල්ට්සින් රුසියාව තවත් බෙලහීන කලේය. බටහිර කුමන්ත්‍රන හමුවේ සුපිරි බලැති රුසියාව අන්තඅසරණ විය.විදේශ අතපෙවීම් ඉහටත් උඩින් ක්‍රියාත්මක විය. ත්‍රස්තවාදයේ අනසක  සතර දෙසින් නැග ආවේය. රුසියානුවන් යලි දේශානුරාගයෙන් අවධිකල යුග පුරුෂයෙක් පහලවූයේ මෙවන් පසුබිමකය.මව්බිමේ අභිමානයසමග සටන්කාමී ධජය ‍රැගෙන ඔහු පෙරට ආවේය.බෙදුම්වාදී චෙච්නියානු ත‍්‍රස්තයන් මිලිටරිය යොදා බිමට සමතලා කලේය.කඩා වැ‍ටුනු ආර්ථිකය යලි කෙලින් කලේය. ඇමෙරිකානු ගැති ද්‍රෝහී දේශීය වංශාධිපතියන්ගේබලකො‍ටු කුඩු පට්ටම් කලේය. යුගයේ රුසියානු සිහිනය සැබෑ කලේය.  ඔහු ව්ලැදිමීර් පුටින්ය.

ව්ලැදිමීර් පුටින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් පත්වූයේ 2000 මැයි 07 දාය. එතැන් සිට 2008  දක්වා රුසියානු ජනාධිපති පදවිය දෙවරක් දැරීය.  රුසියාවේ සුපිරි බලය ඔහු යලි පිහි‍ටුවේය.ලෝක දේශපාලන කරළියේ අසමසම  භූමිකාව යලි රඟදැක්වීමට මාර්ගය හෙලි කලේය. පුටින්ගේ හඬට සමාජවාදී ලෝකයම අවනත වන තත්ත්වයට  රුසියාව ගෙනාවේ ය.යුග මෙහෙවරක් ඉ‍ටුකල පුටින්ගේ  ජනාධිපති  ධූර කාලය 2008 අවසන් විය. නමුත් ඔහුට සමුදීමට  රුසියානු දේශප්‍රේමීන් සූදානම් නොවිනි. ජනාධිපති ධූරකාල සීමාවට  ලෙස පූටින් අගමැති ධූරයට පත් කලේය. ඉන්පසු වසර හතරක් (2008-2012) අගමැති පදවිය දරමින් රුසියාවේ පූර්ණ බල අධිකාරිය මෙහෙයවීය. 2012දී   රුසියානු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කල පුටින්  තෙවන වරටත්   ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

ඇමෙරිකාවට ප්‍රමුඛ බරහිරයන්ගේ ඩොලර් වලට යටවූ  රුසියානු ද්‍රෝහීන් පූටින්ට  එරෙහිව පෙළපාළි ගියහ. විරෝධතා දැක්වූහ. පූටින්ගේ පාලනය දූෂිතයයි චෝදනා කලේය.හොරාගේ ලේබලය ඇලවීය. බටහිර මධ්‍ය ඒවාට දැවැන්ත ප්‍රචාරණයක් දුන්නේය. නමුත්2012 මැතිවරණයෙන්  පුටින්  63.71% ක ඡන්ද ප්‍රතිශතයයකින්  ජයග්‍රහණය කළේය. සිය ප්‍රතිවාදී ප්‍රධාන අපේක්ෂකයාට ලැබුනේ 17.19% කි. . පුටින්ගේ ජයග්‍රහණයෙන් ඔද වැඩි ගිය රුසියානුවෝ මහමඟට බැස සතුට පළ කළේ “අපේ පුටින් අපේ අභිමානය” යැයිකියමිනි. “මව්බිම දිනවන බවට මං පොරොන්දු වුණ,  රුසියාවට ජය” පුටින් රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව අමතා කියද්දී ඔහුගේ දෙනෙතින් කඳුළු වැගිරුණේය.

මේ ව්ලැදිමීර් පුටින් යනු කවුරු ද?

ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙකි. එක්සත් රුසියා පක්ෂයේ නායකයා ය.දේශීය චින්තනය ගරු කරන ජනමූල නායකයෙකි.  තානාපතින්ගේ ඔඩොක්කුවේ  සිට නොව ගෙන්දගම් පොලවේ පුරවැසියන් සමග ගනු ගනුදෙනු කරන පාලකයෙකි. ඇමෙරිකානු කැලෑ නීති  ඉදිරියේ නැගී සිටින  චන්ඩියෙකි. ත්‍රස්තවාදය කුඩුකල සෙන්පතියෙකි. රාජ්‍යතාන්ත්‍රිකයෙකුට ඔබින පෞරුෂයකින් හෙබි නායකයෙකි.ජනසම්මතවාදය ගරුකරන පාලකයෙකි. මව් බිමට පහන්වැටක් වූ  දේශප්‍රේමියෙකි. යුගයක සිහින සැබෑ කල සොදුරු මිනිසෙකි සැබැවින්ම පුටින් යනු මැදමුලන මහින්දගේ ප්‍රතිමූර්තියකි.

වසර 2005 මහින්ද රට බාර ගන්නා විට ලක් වැසියන් යුද්ධයෙන් හෙම්බත්ව සිටියහ. ඒකීය ශ්‍රිලංකාවක් පිලිබද  බලාපොරොත්තු මියදෙමින් තිබුනි. ප්‍රභාකරන් යුද්ධයෙන් පරාජය කල නොහැකියයි මතයක් ගොඩනැගී තිබුනි.ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාවේ අධීක්ෂනය නොමැතිව කිසිවක් කල නොහැකි යයි සිතූහ. දැවෙන ජාතික ගැටලුවට එකම  විසදුම සාකච්ඡා වටමේසයක යැයි කීහ. රාජ්‍ය  විචාලීමට  ජනතාව  පත් කරන පාලකයන් ත්‍රස්තවාදීන් ඉදිරියේ දන නමන නිව‍ටුන් බවට පත් වී තිබුනි. නමුත් ඇලේ දොලේ සල්ලං වූ මැදමුලන මහින්දට වැල්වැටිතුරේ ප්‍රභාකරන් කෙරුමෙක් නොවීය. මාවිල් ආරුවේ ජලය මුදාහරිමින් පටන් ගත් මිලිටරි ව්‍යාපෘතිය නන්දිකඩාල් කලපුවෙන් විජයග්‍රාහීව අවසන් කලේය. ඔහු යුගයේ   සිහිනය සෑබෑ කලේය.

පුටින්  ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කදවුරට තර්ජනයක්ව ඇත්තේ යම්සේද මැදමුලන මහින්දගේ භූමිකාව බටහිරට තර්ජනයක්ව ඇත. 2015 ජනාධිපතිවරන ඡන්ද ප්‍රතිඵලය මහින්දගේ පරාජයක්  නොව එය  කුමන්ත්‍රන පිටියේ ලකුනු පුවරුවය. තුන් සිංහලයයේඅභිමානය ලොවට කියන තීරනාත්මක හෝරාව තව සුලු මොහොතකින් එලඹෙනු ඇත.අවිනිශ්චිතව ඉකි ගසන  ඉතිහාසය  මුදවාලීමට ඈත්තේ තව පැය කිහිපයකි,  ධජ පතාක ගෙන දේශප්‍රේමීන් වීදී බැසීමට ඇත්තේ තවපැය කිහිපයකි.සිංහ කොඩියේ සිංහයා  ලක් අඹරේ අභීතව නැහී සිටීමට ඇත්තේ තව පැය කිහිපයකි මව්බිම දේශානුරාගයෙන් අවධිකල  පූටින්ගේ  සිංහප්‍රාප්තිය සුලු මොහොතකින් උදා වෙනු ඇත..

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක 

Top