Featured

පෙරේදා හමුවු අලුත්ගම දුරස්ථ පාලක බෝම්බය අද චිනපටස් වේ-ජාතික ආරක්ෂාව අනතුරේ

අලුත්ගම ප්‍රධාන බස් නැවතුම්පොළේ තිබි පෙරේදා සොයාගත් දුරස්ථ පාලක බෝම්බය අද වන විට චිනපටස් එකක් බවට පත්ව ඇති බව අප අලුත්ගම විශේෂ වාර්තාකරු සදහන් කළා. පාර්සලයක් ලෙස ඔතා  බස් නැවතුම්පොළේ කණුවක් ලග දමා ගොස් තිබියදි එම පාර්සලය ගැන සැක හිතුනු ත්‍රී රෝද රථ රියදුරෙකු විසින් ඒ ගැන පොලිසියට දන්වා ඇති අතර පසුව අලුත්ගම පොලිසිය සහ බෝම්බ නිශ්ක්‍රීය අංශ පැමිණ එය නිශ්ක්‍රීය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් රටේ වගකිවයුතු මාධ්‍ය නාලිකාව වන රට වටේ ගිය ඇදුම් හොරකම් කල බඩු කැල්ලක් උදේ…දිවා රැයේ බලන්නෙම  ITN  නිවුස් යනුවෙන් පවසන පච නාලිකාව හරහද එම පුවත පලකර තිබුනේ මෙසේය…

දුරස්ථ පාලක බෝම්බය සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලයෙන් සහ මාධ්‍ය ප්‍රකාශකවරයගෙන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්ණකර සිටි අතර ඔහුන් තහවුරුකර කියා සිටියේ එය දුරස්ථ පාලක බොම්බයක් නොව නිකන්ම නිකන් චිනපට්ස් වර්ගයක් බවයි.

පසුව අප අලුත්ගම වාර්තාකරු අලුත්ගම පොලිස් ස්ථානාධිපතිතුමා හමුවි එම දුරස්ථ පාලක බෝම්බය පිළිබඳව විමසා ඡායාරූප ගැනිමට  අවසර ඉල්ලා ඇති අතර පසුව පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇත්තේ එය බෝම්බ නිශ්ක්‍රීය අංශය වැඩිදුර පරික්ෂණ සදහා කොළඹට රැගෙන ගිය බවයි.

ජාතික ආරක්ෂාව අනතුරේ දමන වත්මන් යහපාලන ආණ්ඩුව සහ බෙදුම්වාදීන් මේ උත්සහ කරනුයේ මේ මොහොතේ ඔහුන්ට ප්‍රබලම අභියෝගයක්ව ඇති මහින්ද රාජපක්ෂගේ ජිවිතයට යම් අනතුරක් කිරිමට ඒ පිළිබඳව අත්හදා බැලිමක් විය හැකි බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

රහසිගත තොරතුරු බලාපොරොත්තු වන්න  

Top