Anonymous Reporter

පොන්න මංගලගේ සන්නිවේදන බලුකාය හතරගාතෙන් වැටේ(Video)

පොන්න මංගලගේ හතරගාතෙන් ඇද වැටුනු එජාප සන්නිවේදන මඩ බලකායේ මඩ ගොහොරුවක් අතේ මාට්ටු විමත් සමග එජාපය තවත් අර්බුද රැසකට මුහුණ දි සිටින බව වාර්තා වේ.ඊට හේතු වී ඇත්තේ  ස්ථාන කිහිපයක මුද්‍රණය කරමින් තිබු මඩ පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බව දන්වමින් එජාප බලුකායේ ප්‍රධානින්ට පණිවිඩ එවා තිබේන බව අප එජාප වාර්තාකරු සදහන් කලා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන සේ මඩ පොත් පිංචක් මුද්‍රණය කරමින් පැවති මුද්‍රණාලයක් වැටලු අතර බොරලැස්ගමුව, දිවුල්පිටිය පාරේ අංක 21 සී දරණ ස්ථානයේ මෙම මුද්‍රණාලය පිහිටා ඇති බවත්, ආර්.එම්.ආර් මුද්‍රණකරුවන් විසින් තමාට මෙම පොත මුද්‍රණය කිරීම සඳහා ලබාදුන් බවත් මුද්‍රණකරු පොලීසියට පවසා තිබේ.ඒ අනුව කඩවත පාර, පැපිලියාන පිහිටි ආර්.එම්.ආර් මුද්‍රණාලයද පොලීසිය විසින් වටලා ඇති අතර මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ පොලිස් බාරයට ගෙන තිබේ.

මුද්‍රණය කර ප්‍රසිද්ධ කරනු ලබන තැනැත්තා ලෙස එන්.වික්‍රමරත්න නමැති අයෙකුගේ නම සඳහන් වන බවත්, ඔහුගේ ලිපිනය ලෙස අංක 400, පිටකෝට්ටේපාර-කෝට්ටේ ලෙස මුද්‍රණාලයේ සදහන් කර තිබේ.

 

Top