Breaking
24 Feb 2025, Mon

පොරොන්දු දේශයේ පොරොන්දුව

රතු මුහුද තරණය කරමින් පොරොන්දු දේශය කරා මෝසස් මෙහෙයවූ ක්‍රියාන්විතය අප කියවා ඇත. මෙම ක්‍රියාදාමය එදා මෙදා තුර ඉතිහාසය උඩු යටිකුරු කල කල බව නොරහසකි. එදා ඊස්ශ්‍රායෙලියන්ගේ රතු මුහුදු තරනයට හේතු වූයේ පාරාවුන්ගේ වහල් භාවයෙන් මිදී පලා යාමය. එයින් වසර 3000 ක් ගතවෙත්ම ඊශ්‍රායෙලියන් යලිත් වරක් රතුමුහුද තරණයට සැරසී ඇත. නමුත් මෙදා ඔවුන් රතුමුහුද තරණය කරනුයේ මුසොල්මානුවන්ගේ මුදුන්මල්කඩ ආක්රමනය සදහාය. සවුද්ගේ අරාබිය ආරාජික කොට පොරොන්දු දේශය පූරනය කිරීම සදහාය.

ඉතිහාස කථාවට අනුව අවුරුදු ගණනාවක් ඊජිප්තුවේ ජීවත් වූ ඊස්ශ්රායෙලියන් බොහෝ ධන සම්පත් රැස් කරගත්හ. ඔවුන් දෙවියන් අමතක නොකල බවත් දෙවියන්ද ඔවුන් අමතක නොකල බව කියවෙයි . ඔවුන්ගේ බල පරාක්‍රමය දිනෙන් දින වැඩිවිය .මේ අතර ක්‍රි:පූ: 1301-1235 අතර කාලයේ මිසරයේ පාලකයා වශයෙන් දෙවන රමිසස් පත්විය මෙම රජ පෙළපත බයිබලයේ “පාරාවෝ” යනුවෙන් හදුන්වන අතර අල්කුර්ආනයේ “ෆිර්අව්න්” ලෙස හදුන්වයි.

කෲර ස්වෝත්තමවාදියෙකු ලෙස ගැනෙන රමිඉසස්, ඊස්ශ්‍රායෙලියන් පිලිබදව තැති ගත් බව සදහන් වෙයි. ඒ අනුව ඔවුන්ගේ ධන ධාන්ය රාජසන්තක කොට වහල් භාවයට පමුනුවා ලීය. ඊශ්‍රායෙල්වරුන්ට ඉපදෙන සෑම පිරිමි දරුවෙකුවම නයිල් ගඟේ ගිල්ලවා මරා දමන ලෙස ලෙස අණ කලේය.

මේ අතර එක් ඊස්ශ්‍රායෙලි මවක් තම පුතාව කූඩයක දමා නයිල් ගගේ පා කර හැරියේය. ගගේ පාවූ දරුවා ඇස ගැ‍ටුනේ පාරාවෝ රජ දියනියකටය. ඇය දරුවා හදා වඩා ගත්තාය. ඔහුට මෝසෙස් යන නම තැබූ අතර රජ පවුලේම කෙනෙකු ලෙස හැදී වැඩුනි. මෝසස් වයසින් මුහුකුරා ගියේය. දිනක් ඊජිප්තු රාජ පුරුශයෙකු අතින් පීඩා විඳිමින් සිටි වහලෙකු බේරාගැනීමට ගොස් මෝසෙස් කරදරයක වැටුනි. ඒ සිදුවීම නිසා ඔහු ඊජිප්තුවෙන් පලා යන ඔහු ඈත දේශයක ජීවත් විය. අවුරුදු ගණනාවක් ගෙවී ගිය පසු යෙහෝවා දෙවි මෝසෙස්ව නැවත ඊජිප්තුවට යැවීය. ඒ ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කර ගැනීම උදෙසාය.

මෝසස්, පාරාවෝ රජ හමුවී ඊශ්‍රායෙලි වහලුන් නිදහස් කරන ලෙසට ඉල්ලීය. නමුත් පාරාවෝ මෝසෙස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලහ. ඒ අනුව දේව උදහසට ලක්වූ පාරාවෝ වසංගත ඇතුලු භයංකර විපත් 10 කට ලක්වූ බව කියවෙයි. දහවෙනි විපතින් රජුගේ කුලුඳුල් පුත්‍රයාද මිය ගියේය. මෙම සිදුවීමෙන් පසුව මෝසෙස් ඇතුලු ඊස්ශ්‍රායෙලියන්ට ඊජිප්තුවෙන් පිටව යාමට අවසර ලැබුනි. නමුත් පසුව, ඊස්ශ්‍රායෙලියන්ට නිරුපද්‍රිතව යන්න හැරීම මෝඩකමක් කියා සිතූ රජ, තමාගේ මුළු හමුදාව හා අශ්ව රථ සමඟ ඔවුන් පසුපස ලුහු බැදීය. ඊශ්‍රායෙල් සෙනඟ එක් පැත්තකින් රතු මුහුදත් අනික් පැත්තෙන් ඊජිප්තු සේනාවත් අතර කොටු විය. නමුත් දෙව්තෙමේ රතු මුහුද දෙබෑ කර ඊශ්‍රායෙලියන් ඉන් එතෙර කරවූ බව කියවෙයි.

මෝසස් මුහුද රතුමුහුද තරණය ස්ථානය ටිරාන් සමුද්ර සන්ධිය බව අද තහවුරු වී ඇත. එතෙර වූ ඊශ්‍රායෙලියන් පොරොන්දුදේශයට ඇතුල්වන තෙක් වාසය කලේ සීනායි කන්ද ආශ්‍රිතවය. සීනායි කන්ද අද සෞදිඅරාබියට අයත් භූමියකි. බයිබලයේ කියවෙන පරිදි දේව මහිමයෙන් පර්වතයක් දෙබෑ වී ජලය මතුවූ ස්ථානය, ඇතුලු සංධිස්ථාන ගනනාවක් සීනායි කන්ද ආශ්‍රිතව වෙයි. (පින්තූරය බලන්න )

සෞදි අරාබිය විසින් නියොම් නම් වූ සිහින පුරවරයක් ඉදිකිරීම ආරම්භ කලේ පසුගිය නොවැම්බර් මාසයෙදිය. මෙය එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ආයෝජනයක් සහිත ව්‍යපෘතිය ලෙසින් ඉතිහාසගත වෙයි . මෙහි දැකිය හැකි අතිවිශේෂ කරුනු දෙකකි, එකක් නම් එදා මෝසස් රතු මුහුද තරණය ස්ථානයේ ඊජිප්තුව සහ සෞදි අරාබිය යා කරමින් පාලමක් ඉදි වීමය, අනෙක නම් මෝසස්ගේ නැවතුම්පොල වූ සීනායි කන්ද අශ්‍රිතව වර්ග කි.මී 26500 ප්‍රදේශයක පුරවරයක් ඉදි වීමය. තවද එය ශරියා නීතිය අතික්රමනය කරන රාජ්‍යක් බව බලධාරීන් විසින් පිලිගෙන ඇත. මෙකී කරුනු අද කිසිවෙකුට රහසක් නොවේ , ඒවා පුවත්පත්වල සහ අන්තර්ජාලයේ සිරස්තල ලෙසින් විකාශනය වී ඇත.

නියොම් පුරවරය පිලිබද අප දන්නා කරුනු එසේ වුවද කෙස් කෙලින් කරවන කරුනු 5ක් ජනතාවගෙන් සගවා ඇත

1. නියොම් ව්පෘයිතියේ ප්රධාන විධායක නිලධාරී කාලොස් ක්ලෙන්ෆිල්ඩ් Dr. Klaus Kleinfeld- ප්රධාන ආයෝජක දුරන්ධර ස්ටෙෆන්. එ ස්වොර්මන් Stephen A.Schwarzman සහ රොබෝ තාක්ෂන ප්රධානී මාර්ක් රිබර්ට් Marc Raibert යුදෙව් ජාතිකයන්ය.

2. පුරවරයේ ඉදිකරන නිෂ්චල දේපල වල සින්නක්කර අයිතිය ආයෝජකයන් සතුවෙයි.

3. නියොම් දේශයේ නෛතික ආර්ථික දේශපාලන සහ අරක්ෂක විධිවිධාන මෙහෙයවනුයේ ආයෝජකයන්ට බහුතර බලයක් හිමි මණ්ඩලයකිනි.

4. නියොම් ව්‍යාපෘතිය ජොර්දානයේ ඇකබා, ඊජිප්තුවේ තාබා සහ ඊශ්‍රායෙලයේ එයිලට් වරාය නගර හා එකට සම්බන්ද වූවකි.

5. යම් හෙයකින් ව්‍යපෘතිය නැවතුනහොත් මෙහි පාර්ශවකරුවන් වන යුදෙව්වන්ට ඩොලර් බිලියන ගනනක වන්දියක් ගෙවිය යුතු වෙයි.

ලෝකයේ දේශපාලන සහ ආර්ථික බල කේන්ද්රය පාලනය කරන ගුප්ත පැලන්තිය පිලිබදව ලියුම්කරුගේ පෙර ලිපිවල සදහන් කොට ඇත. ට්‍රම්ප්ලා, මෝදිලා , සෞද්ලා උන්ගේ ඉත්තන්ය .මොසාඩ් සී.අයි.ඒ, මී5 කුලී හේවායින්ය. නේටෝව සහ යූ.එන් උන්ගේ බත් බැලයින්ය. බයිබලය ඇදිවතය. මුදල් දෙවියන්ය – ගෝඩ්ෆාදර් රොත්ස්චයිල්ඩ්ය . නියොම් මෙහෙයුමෙ දුරන්ධරයන්, ආයෝජකයන් රොත්ස්චයිල්ඩ්ගේ රූකඩය . එදා බ්‍රිතාන්‍යයන් අල්ලේ නටවමින් ඊශ්‍රායෙලය බිහිකලේ යම්සේද ඔහු නියොම් දිගුව මෙහෙයවනු ලබයි

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.