Breaking
24 Feb 2025, Mon

පොල් ලෙලි ටික පිටරට ඇරලා බිලියන 5 ක් හොයන්න- CSN ගන්න ගිය දයාට රනිල්ගෙන් පාඩමක්

ඇමතිකමක් ලැබුනු අවස්ථාවේ සිටම ජනතා සේවය අමතකර මාධ්‍ය ආයතන මිළදි ගැනිමේ රුදාවෙන් පෙලෙන ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පසුගියදා අග්‍රාමාත්‍යවරයා මුණගැසී තමන්ගේ අමාත්‍යාංශයේ වගකිම් හා රටට කල යුත්තේ මොනවාද යන්න විමසා තිබේ.ඇමතිකම ලැබෙන්නට පෙරත් මාධ්‍ය රුදාවෙන් පෙලෙන දයා  තමන්ගේ බිරිඳගේ පාර්ශ්වයට අයත් මුල්‍ය ආයතනය වන බිම්පුත් ෆයිනෑස් Bimputh Finance කොටස් වෙළද පොල තුල වංචනික ජාවාරමක් සිදුකල අයෙකි.

මාධ්‍ය මෙනියාව නිසාම අතින් වියදම් කරමින් දිනකට 100ක් වත් නොබලන දිගත නමින් වෙබ් අඩවියක්ද පවත්වාගෙන යන දයා ඇමති වු සැනින් උත්සහ කළේ  CSN නාලිකාව අතට ගැනිමටය.ඒ සදහා රනිල් වික්‍රමසිංහ පස්සේන් ගිය දයා උත්සහ කළේ සතයක්වත් නොදි ආයතනය අතට ගැනිමට නමුත් සල්ලි යනවා කියා දැනගත් වහාම දයා මාරුවිය.

තමාට ලබා දී ඇති අමාත්‍යංශය සම්බන්ධයෙන් වික්ෂිප්තභාවයට පත්වී සිටින ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පසුගිය දිනෙක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තමාගේ අමාත්‍යංශයට අයත් විෂය පථය පිළිබඳව විමසා තිබේ.මහා බයිලා රැසක් කියු රනිල් පවසා ඇත්තේ…

‘පොල් ගහක් ගත්තොත් ඒක අයිති වෙන්නෙ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට. නමුත් පොල්ගහේ කොටස්වලින් කෙරෙන කර්මාන්ත සම්බන්ධයෙන් නිර්මාණාත්මකව හිතල බලල සංස්ථාවන් පිහිටුවන්න. අපේ රටේ පොල් ලෙලි ටික පිටරට ඇරියොත් අවුරුද්දකට රුපියල් බිලියන 5 ක් හොයන්න පුළුවන්. පොල් ගහ කියන්නෙ විශ්වකර්ම ගහක්. ඇත්තටම කප් රුකක්. බටහිර රටවල්වලින් පුදුම ඉල්ලුමක් කොයර් ප්‍රොඩක්ට්ස් වලට තියෙන්නෙ. අලුතින් හිතන්න ඔබතුමා නිර්මාණාත්මක පුද්ගලයෙක් නම් හොඳම අමාත්‍යංශය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය බවට පත් කරන්න පුළුවන්’

දයා ගමගේ මහතාගේ ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සඳහා ගොඩනැගිල්ලක් නොමැති වීමයි. ඒ සඳහා පිලිතුරු සපයා ඇති අගමැතිවරයා ‘මේ සතියක දෙකක කාලය අනෝමගෙ (දයා ගමගේ මහතාගේ බිරිඳ) ඔෆීස් එක ෂෙයා කර ගන්ඩ. ඊට පස්සෙ අරලියගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂ මහත්තය පහුගිය චොගම් එකට හදපු අලුත් බිල්ඩින් එකේ ඔයාටයි මලික්ටයි මම අමාත්‍යංශය ඇරේන්ජ් කරල දෙන්නම්’ යනුවෙන් සහතික වී ඇත.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.