Featured

පොලිස්පතිවරයා පත්කරන්න වල් බල්ලන්ගෙන් ජනපතිට බලපෑම්

පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පත් නොකිරිමට කටයුතු කරන ලෙස ඉල්ලා රාජ්‍ය නොවන සංවිධාන වල් බල්ලන් ජනාඪ්හිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව ජනාධිපති මන්දිරයේ සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කලා.ඔහුන්ගේ එකම ඉල්ලිම වි ඇත්තේ ප්‍රා නායක මෙන්ම අස්වාභාවික ලිංගීක ක්‍රියාකාරම් හෙළි කිරිම හේතුවෙන් ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි තරුණයෙකු යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ලෙස පත් කරන ලෙසයි.

යම් හෙයකින්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පොලිස්පති ධුරයට පත්කිරිමට කටයුතු කලහොත් යහපාලනය ඇති කිරිම වෙනුවෙන් සිවිල් සංවිධාන කරගෙන ගිය කටයුතු නතර කර ආණ්ඩුවටත්,ජනාධිපතිවරයාටත් එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කිරිමට කටයුතු කරන බවද සිවිල් සංවිධාන සුනඛයන් අවධාරණය කර තිබේ.

මේ වන විට ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටියත් ලබන අප්‍රේල් 12 වෙනිදා ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු කෙටි කාලයකටවත් ‍පොලිස්පතිවීමට අවකාශ නැත. ඒ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ‍පොලිස්පතිවරයා වයස අවුරුදු 60න් විශ්‍රාම ගත යුතු බවට නියමයක් පනවා ඇති බැවිණි.

එකී නියමය හේතුවෙන් ඉලංගකෝන් මහතා අවස්ථා දෙකකදී විදෙස් ගතවූ විට ‍පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පත්කරනු ලැබුවේ නවරත්න මහතාගෙන් පසු ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාය. වරක් ‍පොලිස්පතිවරයාත් එස්.එම්. වික්‍රමසිංහ මහතාත් දෙදෙනාම විදෙස්ගතව සිටින විට ‍පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පත්කරනු ලැබුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨතා ‍ලේඛනයේ ඊට පසු ඉහළින්ම සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාය. එස්.එම්. වික්‍රමසිංහ සහ පූජිත් ජයසුන්දර යන ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරුන් දෙදෙනාම සහකාර ‍පොලිස් අධිකාරීවරුන් ලෙස ‍පොලිස් සේවයට එක්වන්නේ 1985 මැයි 20 වෙනිදාය. මෙම නිලධාරීන් දෙදෙනා හැරුණු ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින තවත් නිලධාරියෙක් වන ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාද ‍පොලිස්පති ධුරයට ඇති තරගයේ ඉදිරියෙන්ම සිටින බව ‍පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කරයි.

තමන්ට සිදුවන්නට යන නස්පැත්තියෙන් වහාම ගලවා ගැනිම සදහා උදවු කරන් ලෙස ඉල්ලා තරුණයෙකු රිය අනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රා නායක,එක්නැලිගොඩ අතුරුදහන් කිරිමේ මහා මොළකරු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම දැවන්ත ව්‍යාපාරිකයෙකු වන ටිරාන් අලස් මහතා හමුවේ දණින් වැටි ඇති බව අප කොළඹ විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ප්‍රා නායක අමාත්‍ය චම්පික රණවක සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා කල අනාවරණය ………………….

“පොලිස්පතිවරයා අප්‍රේල් මාසයේ 11 වෙනිදා විශ්‍රාම යන්න නියමිතයි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙක් පොලිස්පති ධුරය බලාපොරොත්තුවෙන් සිටිනවා. පොලිස්පතිධූරට ජනපති විසින් නියම කරන නම තෝරගන්නවද ප්‍රතිෂේපිත කරනවද කියන එක තීරනය කරන්නේ ව්‍යවස්ථාධායක සභාව. අපි දැක්කා නීතිපති තනතුරුට නම් යෝජනා කරද්දි ව්‍යවස්ථාධායක සභාව දෙකට බෙදිල දෙදෙනෙක් වෙනුවෙන් පොර බැදුවා. එතන දේශපාලණයක් තියෙනවා. නීතිපති තනතුර බලාපොරාත්තු වන ඇතැම් පුද්ගලයෝ ව්‍යවස්ථාධායක සභාවේ සාමාජිකයන්ගේ පසුපස යමින් ඒ තනතුර ඉල්ලා සිටි බව ව්‍යවස්ථාධායක සභාවේ සාමාජිකයන්ම ප්‍රකාශකලා. පොලිස්පති තනතුරටත් අද ඒ තත්වය ඇතිවෙලා තියෙනවා. ඊලග පොලිස්පතිවරයා තීරනය කිරීමේ භාරදූර වගකීම තියෙන ව්‍යවස්ථාධායක සභාවේ පොලිස් විමර්ශණ හතරක සැක කරුවෙක් වාඩිවෙලා ඉන්නවා. ඉස්සරනම් කිව්වේ හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා කියල. දැන් සැකකරුවෙක් තමයි පොලිස්පති තීරණය කරන්නේ.”

“අපි දන්නවා ලෙස්ට ජේම්ස් පීරිස් මැතිතුමන්ගේ ඡායාරූපයක් විකෘති කරමින් කූඨ ලේකණ හැදුවා කියා රණවක ඇමතිතුමන්ට චෝදනාවක් තියෙනවා. ඒවගේම 2015 පෙබරවාරි 03 වෙනිදා සිරස නාලිකාවේ විකාශනය වුණු සටන වැඩසටහනේදී අවිබලයෙන් මැර බලයෙන් මේ ආණ්ඩුව පෙරලන්න කියල රටේ ජනතාවගෙන් රණවක ඇමතිවරයා ඉල්ලා සිටියා කියල චෝදනාවක් තියෙනවා. ඒ වගේම ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම පිළිබදව රහස්පොලීසිය විමර්ශණ කරනවා. ඒ සම්බන්ධයෙන් රණවක ඇමතිතුමන්ගේ නම පසුගිය කාලයේ බරපතල ලෙස කියවුනා. සිව්වෙනුව මෑතකදී සන්දීප් ගුණවර්ධන තරුණයා හදිසි අනතුරකට ලක්කොට පලායාම පිළිබද එතුමන්ට චෝදනාවක් තියෙනවා.”

“මෙවැනි පොලිස් විමර්ශණ හතරක සැකකරුවෙක් මීලග පොලිස්පතිවරයාව තෝරනවනම් පොලීසියෙන් මේ විමර්ශණ වලට සාධාරණයක් ඉටුවෙයිද? ව්‍යවස්ථාදායක සභාවෙන් පොලිස්පතිවරයා තෙරීම සාධාරණව සිදුවෙයිද? රණවක ඇමතිවරයා තරුණයෙක් යටකර පලාගියා කියන පරීක්ෂණය භාරව සිටින්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්ද මහතායි. ඔහුත් පොලිස්පති දූරය බලාපොරෝත්තු වෙනවා. දැන් චම්පිකගේ අනාගතය තියෙන්නේ පූජිත අතේ. පූජිතගෙ අනාගතය තියෙන්නේ චම්පික අතේ. මෙවැනි හෙයියං මාරුවක් ලංකා ඉතිහාසයේ තියා ලෝක ඉතිහාසයේවත් වාර්ථාවනවාදැයි මා දන්නැහැ. මා දන්නාතරමින් පොලිස් විමර්ශන හතරක් තියා එක්කවත් තියෙන කෙනෙක් ලෝක ඉතිහාසයේවත් පොලිස්පතිවරයෙකු තෝරාපත්කරගැනීමකට දායක වෙලා නෑ.”

Top