Featured

පොලිස් බල්ලන් දුවන්නේ රනිල්-මෛත්‍රීගේ කටුවලට -මහින්ද සටන අතට ගනී

අත්අඩංගුවටගත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පෙබරවාරී මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ අද පස්වරුවේ එම පිරිස කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට, සී.එස්.එන් නාලිකාවේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරි නිශාන්ත රණතුංග සහ කවීෂාන් දිසානායක යන මහත්වරුන් මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස අධිකරණයට රැගෙන එන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ – ශිරන්ති රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන පවුලේ සාමාජිකයන්ද එහි පැමිණ සිටියා. එසේම ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ඞී.වී. චානක, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද අධිකරණ භූමියට පැමිණ සිටි අතර, දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස අධිකරණයට රැගෙන ආවේය.

මහින්ද රාජපක්ෂ මහතා අධිකරණ භූමියට පැමිණි මොහොත  

MR

Top