Featured

පොලිසියේ කසිප්පුවන් රකින්න රුවන් ගුණසේකර මාධ්‍යට වැට බඳී

ඇඹිලිපිටිය – මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසියට අරක්කු ලබා නොදිම නිසා පහරදි උඩුමහලකින් එලියට විසීකර ඝාතනය කරන ලද සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලනොකරන ලෙස මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ හොරා පොලිසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මාධ්‍ය ආයතන ප්‍රධානින්ට බලපෑම් කරමින් සිටින බව අප කොළඹ වාර්තාකරු අනවරණය කර සිටි.

ඒ අනුව ඊයේ අවසන් කටයුතු සිදුකිරිමෙන් පසුව ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දහවල් ප්‍රවෘත්ති විකාශය සදහා එකතුකර තිබු ඇඹිලිපිටිය ඝාතනය සම්බන්ධයෙන් වු පුවත ගලවා දැමිමට මාධ්‍ය ආයතන කිහිපයක්ම කටයුතු කර ඇති බව එම ආයතන වල සේවය කරන වාර්තාකරුවන් අප කොළඹ වාර්තාකරුට පවසා තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් පුවත් විකාශය භාරව සිටි සංස්කාරක වරයාගෙන් විමසිමේදි ඔහු මේ බව අනාවරණය කර ඇති බවද සදහන්.

මේ අතර ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ පාහර ASP ඇතුලු ඝාතනයට සම්බන්ධ සියලුම පොලිස් මැරයන් අත් අඩංගුවට ගන්නා තුරු අඛණ්ඩව සටන් කිරිමට ඇඹිලිපිටිය ජනතාව මේ වනවිටත් සුදානම් වෙමින් සිටින අතර එම සටන සදහා දේශපාලන වශයෙන්ද සහය ලැබිමෙන් තිබේන බව අප ඇඹිලිපිටිය වාර්තාකරු අනාවරණය කළා.

Top