Breaking
23 Feb 2025, Sun

පොහොර පෙන්වා කෝටි 9ක් ගිල්ල මෛත්‍රීගේ ගොලයෝ

චන්ද්‍රිකාගේ රෙද්ද කඩා අන්තිමට මහින්දගේ සරම කඩන්නට ගිහින් ජනතාව ගේදර යැවුවද රටේ අවාසනාවට උන්ගේ වාසනාවට බිහිවුනු අවජාතක ජනාධිපතිවරයෙකු නිසා අන්තිමට පාර්ලිමේන්තුවට පමණක් නොව විපක්ෂ නායක කමටත් සුදුස්සා යැයි කියා ගැන්මට තරම් පොරක් වු  එස්. බී. දිසානායක පොහොර ආනයනයෙන් කෝටි 9ක් ගසා කා ඇති බව අනාවරණය වි තිබේ.

එස්. බී. දිසානායක දේශපාලන කරලියේ ආන්දෝලනාත්මක චරිතයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. පසුගිය පාලන සමයේ ඔහු දැඩි දෝශ දර්ශනයට ලක්වූයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතන හඳුන්වා දීමේදී නිසි ප්‍රමිතියෙන් තොර ආයතනවලට අවසර ලබාදීමත්, එයට එරෙහිවූ ශිෂ්‍ය ව්‍යාපාරය දැඩිව මර්ධණය කිරීමට කටයුතු කිරීමත් තුලයි. නමුත් මේ කතාකිරීමට බලාපොරොත්තුවන්නේ ඔහු උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුකළ ක්‍රියාවන් ගැන නොවේ.

ඊට ප්‍රථම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහු විසින් සිදුකරන්නට යෙදුන වකවානුව තුල ඔහු විසින් සිදුකරන්නට යෙදුන අක්‍රමිකතාවයක් පිළිබඳවයි.

2003-2004 සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පොහොර සමාගම හරහා යූරියා ටොන් 30,000ක් ආනයනය කිරීමේ දී එම එක් පොහොර මෙට්‍රික් ටොන් එකක් සාමාන්‍ය වෙළඳපොල පවතින මුදලට වඩා ඇමෙරිකානු ඩොලර් 30ක් වැඩි මුදලට ආනයනය කිරීම තුලින් මෙම මූල්‍ය වංචාව සිදුව ඇත. මෙම ගනුදෙනුව සඳහා ටෙන්ඩර් මණ්ඩලය එකහෙළා විරුද්ධ වී ඇති නමුත් එස්. බී දිසානායකගේ තනි කැමැත්ත පරිදි ටෙන්ඩර් පටිපාටියෙන් භාහිරව මෙම ගනුදෙනුව සිදුකිරීමට ඔහු අනුමැතිය ලබාගෙන ඇත.

මෙම ගනුදෙනුව හේතුවෙන් පොහොර සමාගමට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 9කට අධික වේ.

එමෙන්ම එස්. බී. දිසානායකගේ පුත් නාරද දිසානායක ඕස්ට්‍රේලියාවේ දී ඔහු විවාහ වී සිටි ලක්ෂ්මී නෙත්තිකුමාරගෙන් දික්කසාද වීමේ දී ඕස්ට්‍රේලියානු අධිකරණය ඇයට වන්දි වශයෙන් ලක්ෂ 400ක මුදලක් ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කර ඇත. මෙම නියෝගය නිකුත් කිරීමට හේතුවී ඇතිතේ නාරද දිසානායක සතුව ඕස්ට්‍රේලියාවේ පැවති නිවසක තක්සේරු වටිනාකමින් භාගයක් ඇයට ලබාදීමට එරට අධිකරණය තීරණය කිරීම නිසයි. මෙම නිවසේ වානිජ වටිනාකම මෙම මුදලමෙන් කිහිපගුණයකි.

නාරද දිසානායක සෙල්ලක්කාර තරුනයෙකු මිස මෙවැනි දේපලක් මිලදීගැනීමට තරම් මූල්‍යමය හැකියාවක් පැවති පුද්ගලයෙකු නොවේ. මෙම නිවස ඔහුට ලබාදී ඇත්තේ ඔහුගේ පියාවන එස්. බී. දිසානායකයි. එමෙන්ම මෙම නිවසට අමතරව එස්. බී දිසානායක විසින් ඕස්ට්‍රේලියාවේම තවත් මෙවැනිම නිවසක් මිලදීගෙන තිබේ. මේ නිවාස දෙක සම්බන්ධයෙන්ම ඔහු වත්කම් බැරකම් ඉදිරිපත්කොට නොමැත.

දේශපාලනය පමනක් ජීවිකාව කරගත් එස් බී දිසානායකට මේ ආකාරයේ දේපල මිලදී ගැනීමට හැකියාව ලැබුනේ කෙසේද යන්න අභිරහසකි. ඒ සඳහා ඔහුගේ මන්ත්‍රී වැටුප සහ අනෙකුත් දීමනා ප්‍රමානවත් නොවන බවනම් පැහැදිලිය.

එමෙන්ම එස්. බී. දිසානායක සහ ඔහුගේ පවුලේ අනෙකුත් ජාමාජිකයන් ජීවත්වන ආකාරය සලකා බැලීමේදී ඔවුන්ට එම ජීවන රටාව පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් මුදලක් ලැබෙන්නේ කුමන මාර්ගයක් හරහාද යන්න තවත් නොවිසඳුන අභිරහසකි.

මේ සියළු කරුණු කාරණා සම්බන්ධයෙන් ලිඛිත මූලාශ්‍ර අප සතුව ඇති අතර ඉදිරියේ දී ඒවාත් ඔබහමුවට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.

දූෂිතයන්ට දඬුවම් ලබාදෙනවා යයි පවසන යහපාලන ආණ්ඩුව එස්. බී. දිසානායකගේ මේ සැකකටයුතු කරුණු කාරනා සම්බන්ධයෙන් නිසි ආකාරයෙන් පරීක්ෂණ පවත්වා ඒවාට විරුද්ධව නිසා ක්‍රියාමාර්ග ගතයුතුව ඇත.

lankanewswire

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.