Breaking
24 Jan 2025, Fri

ප‍්‍රසන්නත් දගලනවා වැඩියි….එලවලා දාන්න….චන්ද්‍රිකා මෛතී‍්‍රගෙන් ඉල්ලයි

ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා වහාම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්‍ෂ සභාපති මෛතී‍්‍රපාල සිරිසේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. පසුගිය බ‍්‍රහස්පතින්දා (04) සවස ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ පැවති ශී‍්‍ර .ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී මෙම ඉල්ලීම කර ඇත.

පාර්ලිමේින්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කල යුතුයැයි විජිතමුණි සොයිසා , දුමින්ද දිසානායක යන අමාත්‍යවරු පවසද්දී හිටපු ජනාධිපතිනිය පවසා ඇත්තේ ඇයි ප‍්‍රසන්න, එයත් දගලනවා වැඩියි. එයාවත් පක්‍ෂයෙන් නෙරපලා මන්තී‍්‍රධූරය අහෝසි කරන්න. කියාය. ඒ පිලිබදව මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ පක්‍ෂයේ ප‍්‍රභලයන් ප‍්‍රතිචාර නොදැක්වීම නිසා උරණ වූ හිටපු ජනාධිපතිනිය නැවත නැවතත් පවසා ඇත්තේ ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය වහා අත්හිටුවිය යුතු බවයි.

චන්ද්‍රිකාගේ දැඩි බලපෑම හමුවේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරියේදී ඒ පිලිබදව කටයුතු කරන බවයි. තවත් කල් නෑර වහාම ප‍්‍රසන්නට එරෙහි පියවර ගතයුතු බව හිටපු ජනාධිපතිනිය නැවතත් පවසා ඇතත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් ඉක්මනින් පියවරක් ගන්නා බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සම්මේලනයට පෙර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් හය දෙනෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හටුවීමට එම පක්‍ෂය සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.