Anonymous Reporter

ප.ච රණවක,රනිල්,මන්න පොන්ගල කරුණා අල්ලන කුමන්ත්‍රණයක!

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබුනු නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් කරගෙන මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට රනිල් වික්‍රමසිංහ-ප.ච රණවක සහ මන්න පොන්ගල හෙවත් මංගල සමරවීර මේ වන විට කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව  LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ. මේ අතර කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති අතර මංගල සමරවිරට එජාප නායකය හමුවු එම කණ්ඩායම මංගලට කුණු වෙන්න බැණ වැදි තිබේ.

ත්‍රස්තවාදීන් සමග ඉතා සමිප සම්බන්ධයික් ඇති ප.චරණවක කරුණා සමග මෙම ඩීල් එක ගසා ඇති අතර ඒ අනුව කරුණා අම්මාන් සහ එජාප නායකත්වයන් අතව ඇතිවූ එකඟතාව මත මෙවර එජාපයට හිතවත්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.සන්ධාන ජාතික ලැයිස්තුවට තමන්ගේ නම ඇතුළු නොකිරීමත්, මෙවර තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාවක් නොමැතිවීමත් හේතුවෙන් රාජපක්ෂ විනාශ කිරිම සදහා අතරමැදියකු ලෙස කටයුතු කිරිමට රණවක කැමත්ත පලකල බව අනාවරණය වි තිබේ.

එම එකඟතාවන් වලට අනුව දමිළ මාධ්‍ය හරහා කරුණා අම්මාන් යොදවා අමුතු ජාතියේ ප්‍රකාශයින් නිකුත්කරවා ගැනිමට රනිල්-රණවක-මංගල  කටයුතු කරවා තිබේ.

[box type=”note” ]“මා දන්නා තරමින් දෙමළ ජාතික සන්ධානයේ සිටින පුද්ගලයින් අතරින් ආර්.සම්බන්ධන් අවංක දේශපාලඥයෙකි. ඔහු යථාර්තවාදීව කටයුතු කරන පුද්ගලයෙකි. සුමන්දිරන් මන්ත්‍රීවරයා, දෙමළ ජනතාවට කුමක් හෝ යහපතක් සිදුකල යුතුය යන අරමුණින් කටයුතු කරමින් සිටියි. නමුත්, විමුක්ති කොටි සංවිධානය විසින් දේශපාලනයට යොමුකල ඇතැම් පුද්ගලයින් ඒ සියල්ල විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කරමින් සිටියි. ඔවුන් කව්රුන්ද? යන්න ඔබ සියළුදෙනා දන්නා කරුණකි. මේ සම්බන්ධයෙන් කතා කිරීම හේතුවෙන්, මා දෙමළ ජාතික සන්ධානයට සහයෝගිව කතා කරන පුද්ගලයෙක් බව ඔබලා නොසිතිය යුතුය. මහින්ද රාජපක්‍ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පිළිබඳව විශාල ‍ගරුත්වයක් තබා තිබූ බව මා දන්නෙමි. සම්බන්ධන්ට කොටි සංවිධානය පිළිබඳව කැමැත්තක් නොතිබුණි. නමුත්, කොටි සංවිධානය විසින් තමන්ට සහ අනෙකුත් දේශපාලඥයින්ට කුමක් හෝ අනතුරක් සිදුකරනු ඇතැයි යන බියෙන් ඔහු විමුක්ති කොටි සංවිධානයේ නියෝග වලට අනුව කටයුතු කල බව මා ඒ අවස්ථාවේදීම දන්නෙමි. විමුක්ති කොටි සංවිධානය විනාශ කල හේතුවෙන්, දෙමළ ජනතාවට මේ වනවිට නිදහසේ ජීවත්වීමට හැකිවී ඇත. අවසන් සටනේදී, හමුදාව විසින් ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත් බවට කරන ප්‍රකාශය 100% ක් සත්‍යයකි. නමුත්, ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත්තේ කෙසේද? යන්න මා නොදන්නෙමි. ප්‍රභාකරන්ව ඝාතනය කල පසු, මා රැගෙනගොස් ඔහුගේ මළසිරුර පෙන්වන ලදි. ප්‍රභාකරන්ව දැඩි වදහිංසාවට ලක්කල පසු, ඝාතනය කර ඇති බව එම අවස්ථාවේදී මට වැටහුණි. ප්‍රභාකරන් මියගිය බව විශ්වාස නොකරන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු, මෙම සිදුවීම සත්‍යයක්ද? යන්න මාගෙන් විමසූ අවස්ථාවේදී, මට සිනහවක් නැගුණි. ප්‍රභාකරන්ගේ මළසිරුර දුටු අවස්ථාවේදී, මට දරාගැනීමට නොහැකි වේදනාවක් ඇතිවුනෙමි. නමුත්, දෙමළ ජනතාවට සාමකාමී අන්දමින් ජීවත්වීමට හැකි බව හැගුණ හේතුවෙන්, මා එය දරාගත්තෙමි. ප්‍රභාකරන්ගේ මළසිරුර පරීක්‍ෂා කර පැමිණ, දින දෙකකට පසු, ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් මහින්ද රාජපක්‍ෂ වෙත රැගෙන ගිය බවත්, මහින්ද රාජපක්‍ෂ ප්‍රභාකරන්ට පහරදුන් බවත් ප්‍රධාන සිංහල දේශපාලඥයින් දෙදෙනෙකු මා හට ප්‍රකාශ කළෙමි. මේ සම්බන්ධයෙන් මා එක් අවස්ථාවකදී, මහින්ද රාජපක්‍ෂගෙන් විමසීමක් කල අවස්ථාවේදී, මහින්ද රාජපක්‍ෂ එයට සිනහවකින් පිළිතුරු ලබාදී, වෙනත් කරුනු පිළිබඳව කතා කලේය. ඉන් අනතුරුව, ඒ සම්බන්දයෙන් මා ඔහුගෙන් විමසුවේ නොමැත. ප්‍රභාකරන්, තම බිරිඳ සහ දියණයව ජීවග්‍රහයෙන් හමුදාව වෙත භාරකිරීම ඔහු සිදුකල සම්පූර්ණ මෝඩකමකි. අවසන් සටනේදී ප්‍රභාකරන්, තම බිරිඳ සහ දරුවන් ඔහු සමග තබාගෙන සිටිනු ඇතැයි යන්න මා විශ්වාස නොකලෙමි. පසුව සියළු දේ මට වැටහුණි. භාරවූ විමුක්ති කොටි නායකයින් සියළුදෙනා බලු පැටවුන් මෙන් ජීවග්‍රහයෙන් අප පාමුල හඩා වැලපුණු බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කල අවස්ථාවේදී, භාරවූ කොටි නායකයින් පිළිබඳව මට දැඩි කෝපයක් ඇතිවුනෙමි. මට ද්‍රෝහියා ලෙස ප්‍රකාශ කල පුද්ගලයින්, හමුදාවට මේ ආකාරයෙන් භාරවී ඇති බව දැනගැනීමට ලැබුනු අවස්තාවේදී, මට ඔවුන් පිළිබඳව දැඩි කෝපයක් ඇතිවුනෙමි” යනුවෙන් කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබේ.[/box]

 

Top