Anonymous Reporter

බටලන්දේ වධකයා ගැන ඔබ නොදත් දේ(Video)

88-89 එජාප පාලන සමයේදී තරුණ තරුණියන් 60000ක් පමණ පිරිසක් දරුණු ලෙස වද බන්ධනයන්ට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පත් කරන ලද ‘බටලන්ද කොමිෂන් සභාව හමුවේ බටලන්දේ වධකයා වු රනිල් වික්‍රමසිංහ සාක්ෂි දෙන අයරු ඔබ දැක තිබේද?

බටලන්ද වධකාගාර පවත්වාගෙන යමින් රාජ්‍ය බලය භාවිතා කරමින් මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩිව උල්ලංඝණය කිරිම නිරීක්‍ෂණය කර ඇති බැවින් එවකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කල යුතු බවට එම කොමිෂන් සභාව නිර්දේශ කළ වාර්තාව පහතින් කියවන්න.

1 වන පරිච්ඡේදය – වාර්තාගත විය යුතු කරුණු
2 වන පරිච්ඡේදය – පුද්ගලයින් සමහරක් දෙනා ගැන හැඳින්වීම
3 වන පරිච්ඡේදය – ආරක්ෂක තත්තවය පිරිහීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වීම
4 වන පරිච්ඡේදය – බටලන්ද නිවාස යෝජනා ක්‍රමය
5 වන පරිච්ඡේදය – නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම
6 වන පරිච්ඡේදය – සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහර දීම
7 වන පරිච්ඡේදය – උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන් වීම
8 වන පරිච්ඡේදය – උප පොලිස් පරීක්ෂක අජිත් ජයසිංහ අත් අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම
9 වන පරිච්ඡේදය – තීරණ
10 වන පරිච්ඡේදය – නිර්දේශය

බටලන්ද කොමිෂන් සභා වාර්තාව


බටලන්ද කොමිෂන් සභාව යනු තවත් මඩක් නොවේ. 88-89 එජාප පාලන සමයේදී තරුණ තරුණියන් 60000ක් පමණ පිරිසක් දරුණු ලෙස වද බන්ධනයන්ට ලක් කර ඝාතනය විය. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නිල වශයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාවකි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ වන විට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි නැඹුරු බව පෙනෙන මොහොතක එක්සත් ජාතික පාක්ෂිකයින්ද චන්ද්‍රිකා කුමරතුංග මහත්මිය වෙනුවෙන් පෙනී සිටින මොහොතක, මෙම බටලන්ද කොමිෂන් සභා වාර්තාව ඔවුන්ට ප්‍රතික්ශේප කළ නොහැකි වෙයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවට අනුව බටලන්ද වධකාගාරයට සම්බන්ධව ඇති අයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ වී ඇත. (If the Batalanda Commission report is correct, how could Ranil contest the election?source: AsianTribune) එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ වී තිබුණත් චන්ද්‍රිකා මහත්මිය එය සිදුකළේ නැත. ඒ මන්දැයි නොදනිමු.

 

Top