Breaking
23 Feb 2025, Sun

බටහිර ගැති වැඩ බැරි ටාසන්ලාගේ ආණ්ඩුවට පාද යාත්‍රාව පාපහරක් වේවි….

මහින්දගේ දෙවැනි පාද යාත්‍රාව අද නුවරින් ඇරඹෙනවා. පළමු පාද යාත්‍රාව මගින් මාමාගේ එ ජා ප ආණ්ඩුව පෙරළුවා. දෙවැනි පාද යාත්‍රාව මගින් බැණාගේ ආණ්ඩුව පෙරළේවි. ඒ නිසාම පාද යාත්‍රාව නතර කිරීමට ආණ්ඩුව උත්සාහ කළා. ලංකාවේ පොලීසිය හරි අපක්‍ෂපාතයි. ආණ්ඩුවට විරුද්ධව පෙළපාලි යන විට ඔවුන් අධිකරණයට යනවා. අයුතු ජනරාශියට කෙසේ වෙතත් මාර්ග අවහිරයට පොලීසිය කැමති නැහැ. පාද යාත්‍රාව මහනුවරින් ආරම්භ කිරීම තහනම් කරමින් පොලීසිය උසාවි නියෝගයක් අරගෙන. ඒත් දළදා වඳින්න එන එක තහනම් කරන්න කාටවත් බැහැ. දළදා වැඳපු අය ගැටඹෙට යන එක වළක්වන්නත් කාටවත් බැහැ. කොහොමත් පාද යාත්‍රාව ගැටඹෙ පන්සල අසළින් පිටත් වේවි. මාමා මේ පන්සල වටා කටුකම්බි ගැසූ එක බෑණාට මතක් වෙලා මාමා අනුගමනය කරාවිද?

මේ පාද යාත්‍රාව ආණ්ඩුවට විරුද්ධව යන එකක්. ඒකෙ ප්‍රධාන අරමුණ මේ දුර්දාන්ත නිවට බටහිර ගැති ඉන්දීය ගැති ආණ්ඩුව පළවා හැරීමයි. දැන් ආණ්ඩුව කියන්නෙ රනිල්ගෙ ආණ්ඩුව මිසක් මෛත්‍රීපාලගෙ ආණ්ඩුව නෙවෙයි. ඒකට හේතුව මෛත්‍රිපාල ජනාධිපති වුනාට එයාගෙ ආණ්ඩුවක් නැති කම. ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙන එක ඇත්ත. ආණ්ඩුව පැත්තෙ හොරු ඉන්න එකත් ඇත්ත. ඔවුන් ඒ බයට ආණ්ඩුවෙන් එළියට එන්නෙ නැති එකක් ඇත්ත. දහනවවැනි සංශෝධනය අනුව අවුරුදු හතරහමාරකට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි එකත් ඇත්ත. ඒ කියන්නෙ දැන් තියෙන විධියට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙ රනිල්ට ඕන වූනූ දවසක. ඒත් හැමදාමත් පාර්ලිමේන්තුව ඔය විධියට ම තියෙන එකක් නැහැ. දවසක පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙ මහින්දට ඕන වුනු දිනයක. පාද යාත්‍රාව ඒ දිනය ළඟා කර ගැනීමේ ක්‍රමයක්.

රනිල්ගෙ නැන්දගෙ පුතා රජිව් විජේසිංහ කිව්ව විධියට නම් එ ජා ප මැතිවරණය කරලා තියෙන්නෙ ලංකාවෙ සිද්ධ වුනු ලොකුම හොරකම වූ මහා බැංකු කොල්ලයේ සල්ලිවලින්. පාද යාත්‍රාවෙදි ඒකත් මතක් කරගත්තොත් හොඳයි. පාද යාත්‍රාව වැට් බද්දට හා තවත් ආර්ථික අමාරුකම්වලට විරුද්ධව බව ඇත්ත. ඒත් ඒ සියල්ට ම වඩා පාද යාත්‍රාව නව ව්‍යවස්ථාවට, රණවිරු මර්දනයට හා සිංහලයන්ගේ අයිතිවාසිකම් නැති කිරීමට විරුද්ධවයි. මෛත්‍රිපාල කියනවා ව්‍යවස්ථාවෙන් ඒකීය භාවයට, බුද්ධාගමට කිසිම හානියක් වෙන්නෙ නැහැ කියලා. ඔහු තවත් කියනවා දෙමුහුන් අධිකරණ ඇතිකරන්නෙ නැහැ කියලා.

මේ කතා පණ ඇති ජනාධිපති කෙනකු කිවුව නම් විශ්වාස කරන්න පුළුවන්. ඒත් අද මෛත්‍රිපාලට මංගල සමරවීරට තරම්වත් බලයක් නැහැ. මා කියන්නෙ ව්‍යවස්ථාවෙ නෙවෙයි. ආණ්ඩුව ඇතුලෙ. පහුගිය අවුරුද්දෙ ජෙනීවා හි අර සාම කුමාරයගෙ අධිකරණ යෝජනාවට ආණ්ඩුව අනුග්‍රහය දැක්වුවා. ඒක කෙළේ මංගල සමරවීර. මෛත්‍රිපාල ඒවට විරුද්ධ නම් එයාට බලය තියෙනව නම් ඒක නැවැත්තුවෙ නැත්තෙ ඇයි? අද අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිහිටුවන්නෙ කාගෙ වුවමනාවට ද? පැහැදිලිව ම එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල හා ඉන්දියාවෙ වුමනාවට. ඕකෙ වචන හරඹයකින් විදේශීකයන්ගෙ සේවය ලබාගන්න පුළුවන්. ඒ ඊනියා කාර්යාලය මෙරට අධිකරණවලට වඩා බලවත්. මෛත්‍රිපාලට ඕන වුනත් ඔය එකක්වත් නවත්තන්න බැහැ. මේ රණවිරුවන් පාවාදීමේ පළමු පියවර පමණයි. පාද යාත්‍රාව පියවර නගන්නේ එයට විරුද්ධවයි.

ව්‍යවස්ථාව ගැන පත් කරපු ලාල් විජේනායක කමිටුවේ වාර්තාව මෛත්‍රිපාල කියෙවුවෙ නැද්ද? ඔය කමිටුවේ සභාපති ලෙස අන්ත සිංහල විරෝධියකු වූ ද ෆෙඩරල්වාදියකු වු ද ලාල් විජේනායක පත් කෙළේ ඇයි? ලාල් විජේනායකගෙ ගමෙන් ම පාද යාත්‍රාව පටන්ගන්න එකත් හොඳයි. කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැතැයි මෛත්‍රිපාල කියාවි. අපට කියන්න ඇත්තේ ලාල් විජේනායක ඇතුළු අය ඒ කමිටුවට පත්කිරීමට අවශ්‍යතාවක් තිබණෙ නැත කියායි. ඒ කමිටුවෙ බුද්ධාගමට හිමි තැන දීමට ඒකඟ වී ඇත්තේ දෙදෙනකු පමණයි. ඒකීය භාවය රැකගත යුතු බව කියා ඇත්තේ එක් කෙනකු පමණයි.

සිංහලයන්ගේ අයිතිවාසිකම් රකින්න මේ ආණ්ඩුවට බැහැ. යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට ආරක්‍ෂාව දීමට ආණ්ඩුවට පුළුවන් ද? ඒ විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් යවන්න ආණ්ඩුවට පුළුවන් ද? යාපනයේ සිංහල සිසුන්ට වෙස් නැටුමක් නටන්න අවස්ථාව සලසා දෙන්න ආණ්ඩුවට බැරි ද? ඊනියා සංහිඳියාව සිංහලයන්ට පමණ ද? සිංහල සිසුන් යාපනයට යවන්න බැරි ආණ්ඩුවක් සිංහලයන්ගේ අයිතිවාසිකම් රකින්නේ කෙසේ ද? මේ බටහිර ගැති වැඩ බැරි ටාසන්ලාගේ ආණ්ඩුවට පාද යාත්‍රාව පාපහරක් වේවි.
නලින් ද සිල්වා

2016 ජුලි 28

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.