Breaking
19 Apr 2025, Sat

බටහිර රටවල අවශ්‍යතාවට මහින්දගෙ ප්‍රජා අයිතිවාසිකම අහොසී කිරිමේ සුදානමක්!

ලංකාවෙ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මෙරට දේශපාලනඥයෙක් වෙලා. අප ඇමරිකාව කියලා කිව්වට එහෙම රටක් ලෝකෙ නැහැ. ඇමරිකාව කියන්නෙ මහාද්වීපයක්, ඕන නම් උතුරු අමෙරිකාව හා දකුණු ඇමරිකාව කියලා කඩන්න පූළුවන්. අප ඇමරිකාව කියලා කියන්නෙ එක්සත් ජනපදවලට. ඒ්කට එක්සත් ජනපද කියන එකත් වැරදියි. ඒක එක්සත් රාජ්‍ය වෙන්න ඕන. ඒ රාජ්‍ය කිහිපයක් එකතුවෙලා හැදුණු රටක් නිසා. ඉංගිරිසියෙන් කියන්නෙ යුනයිටඩ් ස්ටේටස්. දැන් යූඑස් කියලත් කියනවා. ඉස්සර ලංකාවෙ සමහරු කිවුවෙ ස්ටේට්ස් යනව කියලා. එංගලන්තෙන් නිදහස ලැබෙන කොට තිබුණෙ රාජ්‍ය දහතුනක්. පස්සෙ අනෙක් රාජ්‍ය එකතු කරගෙන. කැලිෆෝනියාව ඉස්සර ස්පාඤ්ඤයට අයත්. එහි තාමත් ස්පාඤ්ඤ ලක්‍ෂණ දකින්න පුළුවන්. මේ කතාව පස්සෙ කියමු.

මේ ළඟදි එක්සත් රාජ්‍යවල ලංකාවෙ තානාපති කාර්යාලෙ සේවය කරපු දයා ගමගේ මහතා වැදගත් ලිපියක් ලියලා තිබුණා. ඒකෙ ඔහු කියනවා 1960 ජූලි මැතිවරණයෙදි එක්සත් රාජ්‍ය තානාපති කාර්යාලය මුදල් වියදම් කරලා එවකට තිබූ ෂෙල් හා මොබිල් ඉන්ධනසල්වල ඩඩ්ලි සේනනායකගෙ පින්තුරෙ ප්‍රදර්ශනය කරපු හැටිත් මහරගම සමන් මුද්‍රණාලයෙ ඩඩ්ලිට පක්‍ෂව පත්‍රිකා මුද්‍රණය කරලා බෙදාහැරිය හැටිත්. ඒ දවස්වල තිබුණු සමන් මුද්‍රණාලය දැන් නැහැ.

මට මතයක් තියෙනවා ඒ දවස්වල කතාවක් තිබුණ සමන් මුද්‍රණාලය ඇති කෙළේ එක්සත් රාජ්‍ය තානාපති කාර්යාලෙ ආධාරයෙන් කියලා. ඒකෙ මුද්‍රණය කරපු පළමු පොත වුනේ අමරසේකර මහත්තයාගෙ කරුමක්කාරයො බවටත් මතකයක් තියෙනවා. ඒ අමරසේකර මහත්තයා මනස්පුතුන් නිර්මාණය කරපු දවස්වල. ඒකට ඒ මහත්තයාට වැරැද්දක් කියනවා නොවෙයි. දැන් පේරාදෙණි සාහිත්‍යයක් නැහැ. දැන් ඉන්නෙ පශ්චාත්නූතනවාදී පුස්සන් ටිකක් විතරයි. ඔවුන් දන්නෙ නැහැ පශ්චාත්නූතනවාදය කියන්නෙත් එක්සත් රාජ්‍යවල හා අනෙක් බටහිර රටවල පඬියන්ගෙ පුහු සංකල්පයක් කියලා. ඒ ගැන ඕන නම් ස්වදේශික ඇමරිකානුවන්ගේ පොතපත කියවලා වැඩි දුරටත් දැන ගන්න පුළුවන්. ඒ අයට ස්වදේශික ඇමරිකානුවන් කියලා කියන්න පුළුවන් ඔවුන් මුළු මහාද්වීපය පුරා ම විහිදිලා හිටපු නිසා.

දයා ගමගේ මහත්තයා කියනවා 1960 ජූලි මාසෙන් පස්සෙ දැන් තමයි එක්සත් රාජ්‍ය තානාපති කාර්යාලය මේ විධියට දේශපාලනය කරන්නෙ කියලා. ඒ කියන්නෙ ප්‍රසිද්ධ දේශපාලනය කරන්නෙ කියලායි. ඒත් ඒක එහෙම ම වෙන්න බැහැ. බ්ලේක් කරපු දේශපාලනය අප දන්නවා. කොහොමත් ඒ තානාපති කාර්යාලය හැමදාමත් ප්‍රසිද්ධියෙ නැතිව වුවත් දේශපාලනයට මැදිහත් වුනා. ඔවුන් පමණක් නොවෙයි බටහිර රටවල් බොහොමයක හා ඉන්දියාවෙ තානාපති/ මහා කොමසාරිස් කාර්යාල අපේ රටේ දේශපාලනයට මැදිහත් වෙනවා. මේ තානාපති කාර්යාලවල ඔත්තු සේවවාවන්ට සම්බන්ධ අය විවිධ තනතුරු දරන්නන් හැටියට සේවය කරනවා. අපරාදෙ කියන්න බැහැ, පිටරටවල අපේ තානාපති කාර්යාලවල නම් එහෙම ඔත්තු සේවාවක් පවත්වාගෙන යන්නෙ නැහැ.

අපට දික්සිත්වත් අමතක වෙන්නෙ නැහැ. ඔහු ලංකාවෙ පාලකයා – වයිස්රෝයි- විසූරේ වගේ කටයුතු කෙළේ. ඔහු ජේ ආර්ට අණ දුන්නා. ඔහු කැබිනට් මණ්ඩල රැස්වීම්වලටත් සහභාගි වුනා. ඉන්දු ලංකා ගිවිසුමට ඔහුගෙ බලපෑම තිබුණා. තානාපති නිලධාරීන්ට අමතරව බටහිර රටවල හා ඉන්දියාවෙ විවිධ නිලධාරීන් කොපමණ ලංකාවට එනව ද? මේ හුඟ දෙනකු දැන් දැන් වැඩිපුර ම යන්නෙ යාපනයට. එහෙ හොඳ තල් රා තියෙන බවට ආරංචි වෙලා ඇති. දැන් ටෝනි බ්ලෙයාර් එන්නෙ නැද්ද?

බණ්ඩාරනායක මැතිණිය තානාපති බලපෑම්වලට යටත් නොවී තෙල් සමාගම් ජනසතු කළා. ෂෙල්, මොබිල්, කැල්ටෙකස් දැන් දකින්න නැත්තෙ ඒකයි. ජේ ආර් ඇගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කළා. මහින්ද රාජපක්‍ෂ තානාපතිලාගෙ විතරක් නෙවෙයි තකහනියක් ම මේ රටට පැමිණි ඉංගිරිසි හා ප්‍රංශ විදේශ ඇමතිලාට යට නොවී දෙමළ ත්‍රස්තවාදය පරාජය කළා. ජේ ආර්ගෙ බෑණා රනිල් දැන් සූදානම් වෙනවා බටහිර රටවල අවශ්‍යතාවට මහින්දගෙ ප්‍රජා අයිතිවාසිකම් නැති කරන්න.

නලින් ද සිල්වා

2016 අගෝස්තු 17

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.