Featured

බඩවැල් ආශ්‍රීත පිළිකාව දරුණු වේ …මාස පහකින් සිරිසේන කපෝතී

Published on: Sep 6, 2016- මාස පහකින් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ මරණය නියත බවත් අනාගතයේ ජනාධිපති ධුරය සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීම ශ්‍රක්‍රයාටවත් වැළකිය නොහැකි බව විජිත් රෝහණ විජේමුනි මහතා තරයේ අවධාරණය කරනවා.

ඒ අනුව අප මිට කලින් කල අනාවරණයද සත්‍ය වෙමින් තිබේ.එනම් මෛත්‍රීගේ බඩවැල් ආශ්‍රීත පිළිකාව දරුණු අතට හැරි ඇති බවත් එය කිසිම දිනක සුවකල නොහැකි හදිසි මරණයක් හිමි කර දෙන රෝගයක් බවයි.

මෛත්‍රීගේ බඩවැල් ආශ්‍රීත පිළිකාව දරුණු අතට යනුවෙන් පසුගිය පෙබරවාරි 13 වැනිදා අප කල අනාවරණය සහිත LINK එකට ලංකාවේ ඇතුල් විම අවහිර කිරිමට සිරිසේනගේ මාෆියා හැකරුන් කටයුතු කර තිබේ. නමුත් proxy හරහා ඔබට ඇතුල් විය හැක ….

අදාළ පුවත පහතින් කියවන්න…..

අවස්ථා ගණනවකදි දැඩි මානසික ආතතියකට ලක්ව Fluanxol ඖෂධය ලබා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙවුනු දින කිහිපය තුල විපක්ෂයේ කණ්ඩායම් අහ රටේ ජනතාවගෙන් එල්ලවු කුනුහරුප ප්‍රතිචාර හමුවේ සහ දිනෙන් දින සිදුවන පොල් ගැසිම් හමුවේ බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර ඒ සදහා ප්‍රමාණය ඉක්මවා ප්‍රතිකාර ලබාගැනිම හේතුවෙන් නිදන්ගත දරුණු රෝගී තත්ත්වයක් යලිත් ඉස්මතු වි ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ජනාධිපති සිරිසේන තමන්ට විශ්වාස කළහැකි කිසිවෙකු නොමැතිව මේ වනවිට බරපතල මානසික පීඩනයකට ලක්ව සිටින අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතා ඇතුලු වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විසින් ඔහු වෙත fluanxol ඖෂධය ලබා දී ප්‍රතිකාර කිරිමේ අවස්ථා ගණනාවක් අප වාර්තා කළා.

මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (13) පොළොන්නරුව වැලිකන්දේ පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනේ උත්සවයකට සහභාගී සිටියදි ඇතිවු හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් වැඩසටහන අවසාන විමටත් පෙර සිරිසේන එම ස්ථානයෙන් ඉවත් වි ගොස් ඇති අතර තමන්ගේ විස්වාසවන්තම පොළොන්නරුව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා නිවසටම කැදවාගෙන විත් තිබේ.

තමන්ගේ දියණියක සමග යහලු වි සිටි තරුණයා මහ මගදි කැබ් රථයකින් හප්පාගෙන ගොස් අනතුරකට ලක්කර පොළොන්නරුව රෝහලට රැගෙන ගිය අවස්ථාවේ අදාළ තරුණයා මියයන තුරුම ප්‍රතිකාර නොකර තැබිමට කටයුතු කර ඇත්තේද අදාළ වෛද්‍යවරයායි.(අදාළ සිදුවිම පසුව අනාවරණය කරමු.)

මේ වන විට වාර්තා වි ඇති ආකාරයට Fluanxol වැනි Antidepressants ඖෂධ නිරන්තරයෙන් ගැනිම හේතුවෙන් බඩවැල් ආශ්‍රීතව සෑදේන Colon Cancer වර්ගයේ රෝගයක් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සැදි ඇති බවට මිට පෙරද අනාවරණය වි තිබුනා.
මෛත්‍රීපාලගේ සොයුරෙක් වන ඩඩ්ලි සිරිසේන මහතාද මෙම රෝගී තත්ත්වයයෙන් දරුණු ලෙස පෙළුණු අයෙකු වන අතර අවස්ථා දෙකකයි ශල්‍යකර්මයකටද භාජනය කර තිබුනා.

…………………………………………………………….

පෙබරවාරි 14 වැනිදා කල අනාවරණය …………

සිරිසේනගේ වෛද්‍ය වාර්තා, ලේ, මල සහ මුත්‍ර සාම්පල් ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට-ජර්මන් සංචාරයේදී විශේෂ ප්‍රතිකාර

මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විටින් විට ඇතිවන දරුණු පාචන රෝගී තත්වයකින් දැඩි ලෙස පීඩා විඳිමින් සිටී. මෙය ඔහුගේ කුඩා බඩවැල් ආශ්‍රිතව ඇතිව ඇති පිළිකා රෝගී තත්වය නිසා ඇතිවූ බවට ඔහුට ප්‍රතිකාර කරණ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය යසන්ත ආරියරත්න මහතාගේ මතය වන අතර මනෝ වෛද්‍ය විශේෂඥ ජයන් මෙන්ඩිස් මහතාගේ මතය වනුයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බිහිකිරීමට නියමිත නව පක්ෂය නිසා සිරිසේන මහතා දැඩි අතතියකට පත්වීම තත්වය තවත් උග්‍ර කර ඇති බවයි.

උදර ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය කෙමාල් ඩීන් මහතාගේ සහ උදර රෝග වෛද්‍ය විශේෂඥ එන්. එම්. එම්. නවරත්න යන මහත්වරුන් දරණ මතය වනුයේ පසුගිය තායිලන්ත සංචාරයේදී එක්තරා අවස්ථාවකදී සිරිසේන මහතා විසින් පානය කරණ ලද තායිලන්තයට ආවේනික වූ ව්‍යාග්‍ර සහ නාග රුධිරයෙන් සාදන ලද ශක්ති ජනක පානයක් නිසා මේ තත්වය උද්ගතව ඇති බවයි. මේ ශක්ති ජනක පානය තායිලන්තය තුළ භාවිතා කිරීම තහනම්ය. රහසිගතව හෝ තායිලන්තයේ දේශීය වෛද්‍යවරුන් මෙම ශක්ති ජනක පානය භාවිතා කිරීම නිර්දේශ කිරීමට මැලිවනුයේ මෙය සාදාගනුයේ ව්‍යාග්‍ර සහ නාග රුධිරය, තවත් නොයෙකුත් විෂ සහිත ශාක සහ ඛනිජ කොටස් එකට පල් කිරීමෙන් සාදා ගනුලබන ද්‍රවණයක් ආසවනය කර සාදන විෂ විය හැකි පානයක් නිසාය. ආසවනයේ දී රත් සඳුන්, සුදු සඳුන් සහ දේවදාර දර යොදන අතර භාවිතා කරනුයේ රන් භාජනය. ආසවනයෙන් පසු ලැබෙන ද්‍රාවණය, කස්තුරි සහ තවත් රහස් ඖෂධ සමග මිශ්‍ර කරණ අතර එම ඖෂධ ගබඩා කරනුයේ පලිඟු බෝතල් තුළය. ඉන්පසු සීල් තබන ලද එම බෝතල් මාස දහ අටක කාලයක් වී වල බහා තැබිය යුතු අතර ඉන් තවත් මාස දහ අටක කාලයක් ගලා යන ශීතල දිය පහරක් තුළ ගබඩා කළයුතුය. ගබඩා කිරීම සඳහා භාවිතා කරණ වී කලකට පසු බොල් වේ. ප්‍රබල විෂ ඉවත් වනුයේ ඉන් පසුවය. දිය පහර තුළදී ඉතිරි විෂ ඉවත්වේ. නිෂ්පාදනයේදී යම් දෝෂයක් සිදුවීනම් මේ පානය මහත් අනතුරුදායකය.

පසුගිය තායිලන්ත සංචාරයේදී සිරිසේන මහතා සහ ඔහුගේ ආරක්ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා පැය කිහිපයකට අතුරුදන්ව සිටි බවට පළමුවෙන්ම වාර්තා කළේ සිරිසේන මහතා බලයට පත්කිරීමට කැපවූ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි. සිරිසේන මහතා හට ඇමති අවදියේදී සිට අනවශ්‍ය ආහාරපාන වලින් වැළකී සිටීමට දැඩි ලෙස අවවාද කර තිබුණේ සිරිසේන මහතාගේ රෝගය මුලින්ම හඳුනාගත් අභාවප්‍රාප්ත මහාචාර්ය දයාසිරි ප්‍රනාන්දු මහතාය.

මේ අතර වෛද්‍ය විශේෂඥ කණ්ඩායමේ සිටින ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් වන යසස් අබේවික්‍රම සහ තුෂාන් බෙනරගම යන මහත්වරුන් අවධානය යොමුකර ඇත්තේ සිරිසේන මහතා හිසකෙස් සිටුවීම සඳහා කළ ප්ලාස්ටික් සැත්කමේදී භාවිතා කළ ඖෂධ පිලිබඳවය.

වෛද්‍ය විශේෂඥ කණ්ඩායමේ අවසන් තීරණය වී ඇත්තේ සිරිසේන මහතාගේ වෛද්‍ය වාර්තා, ලේ, මල සහ මුත්‍ර සාම්පල් ගුවන් මගින් ඔස්ට්‍රේලියාවට යවා වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් AC, FRACP, FRS, FAA, DSc යටතේ පරීක්ෂා කරවීමටය. වෛද්‍ය විශේෂඥ බැරී ජේම්ස් මාර්ෂල් මහතා උදරගත ආසාදන පිළිබඳව ලෝක ප්‍රකට විද්වතෙකු වන අතර භෞතවේදය (physiology) පිළිබඳව වසර 2005 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
එසේම සිරිසේන මහතාගේ එළඹෙන ජර්මන් සංචාරයේදී පිළිකා රෝගී තත්වය සම්බන්ධයෙන් “නීපර් ප්‍රතිකාර ක්‍රමය” (Nieper Treatment) නමින් හැඳින්වෙන විකල්ප වෛද්‍යවිද්‍යා ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබාදීමට නියමිතය. මේ ක්‍රමය ලොවට හඳුන්වාදෙනු ලැබුවේ හිටපු ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පිළිකා රෝගයට ප්‍රතිකාර කළ අභාවප්‍රාප්ත ජර්මානු වෛද්‍ය හෑන්ස් ඇල්ෆ්රෙඩ් නීපර් (Hans Alfred Nieper ) විසිනි.

Top