Breaking
24 Feb 2025, Mon

බත් ඔතන්නවත් ජනතාව නොගන්නා “දිනමිණ” පච පුවත ගැන ප‍්‍රසන්නගෙන් සැර පිළිතුරක්

යන එන මං නොමැතිව කුජීතව සිටින සිරිසේන -රනිල් අවජාතක ආණ්ඩුවේ පොලවට සමතලා විම් වලක්වා ගැනිම සදහා රාජපක්ෂලා වැට්ටවිම සදහා මෙලෝරහක් නැති 2.50හේ පුවත් ගසා බත් ඔතන්නවත් ජනතාවට පාවිච්චියට ගත නොහැකි “දිනමිණ” අද පලකර තිබේන අතේ රෝලක් පිළිබඳව ඒකාබද්ධ මන්ත්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිදු දෙදරීමක් නෑ. දෙදරීම ඇත්තේ ආණ්ඩුවේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ දෙදරීමක් ඇතැයි පවසමින් ජනතාව නොමග යැවීම සදහා ආණ්ඩුව තමන් සතු මාධ්‍ය උපයෝගී කර ගනිමින් පුඵල් ප‍්‍රචාරක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ අනුව අද(06) දිනමින පුවත් පතේ ප‍්‍රධාන පුවත ලෙස එවැනි පුවතක් පල කර ඇත. එහි සදහන් වන්නේ පසුගිය 04 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙඵම් පොකුණ මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති. ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමකදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ක‍්‍රියාමාර්ග ඵීවේචනයට ලක් වීමෙන් පසු එම කණ්ඩායම දෙදරා ගොස් ඇති බවයි.

මෙම පුවත සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා සාවද්‍ය පුවතකි. පසුගිය ඉරිදා (04) නෙඵම් මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේදී හෝ වෙනත් ස්ථානයකදී ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමක් නොපැවැත්වුණු බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ලෙස ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි. එමෙන්ම එදින මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සිටියේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වැඩ සටහන් කිහිපයකට සම්බන්ධ වෙමිනිි. ඒ නිසා එතුමාගේ ප‍්‍රධානත්වයෙන් එවැනි රැස්වීමක් පැවැත්වූ බවට පල කර ඇති තොරතුරුද වැරදිය.

ආණ්ඩුව මෙවැනි පුවත් මවන්නේ ඒකාබද්ධ විපක්‍ෂයට ඇති බිය නිසාය. දෙදරා යමින් ඇත්තේ. ඒකාබද්ධ විපක්‍ෂය නොවේ ආණ්ඩුවයි. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි එකා වන්ව ආණ්ඩු විරෝධී ක‍්‍රියාමාර්ග වල නිරතව සිටිමු. ඒකාබද්ධ විපක්‍ෂයේ අපිට ඇත්තේ එක අරමුණකි. ඒ මේ වත්මන් යම පාලන ආණ්ඩුව ගෙදර යැදීමේ අරමුණයි. ඒ පිළිබ`දව අපට මතබේද නැත. ඒ නිසා අපි ඒ අරගලයේ එකාවන්ව නිරතව සිටිමු.

වත්මන් යමපාලන ආණ්ඩුව ගෙදර යැවීම සදහා ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමේ සාකච්ඡුා අප දැනටමත් ආරම්භ කර තිබේ. විවිධ හේතු මත කලකිරී සිටින ආණ්ඩුවේ ඇතමුන්සමග අප පවත්වමින් සිටින සාකච්ඡ ඉතා සාර්ථක බවත්, සුදුසුම මොහොතේදි ඔවුන් අපට එක් වීමට කැමැත්තෙන් සිටින බව පමණක් මෙහිදී අවධාරණය කරමි.

දිනෙන් දින ආණ්ඩුවට එරෙහිව රට තුල පැතිරෙමින් තිබෙන ජනතා විරෝධය නිසාත්, ඒකාබද්ධ විපක්‍ෂයට ලැබෙන ජනතා ප‍්‍රසාදය නිසාත් කලබලයට පත්ව සිටින ආණ්ඩුවෙන් ගැත්තෝ උත්සාහ දරන්නේ. බොරු ගොතමින් ජනතාව අතර, අප පිළිබද ඇති මතවාදයන් වෙනස් කිරීමටය. බොරු ප‍්‍රවෘත්ති මැවීම එහි එක් උප්පරවැට්ටියකි. මෙවැනි උප්පරවැට්ටි වලින් ආණ්ඩුව රැකගත නොහැකි බවත්, මෙවැනි උප්පරවැට්ටි වලට තවදුරටත් ජනතාව රැුවටිය නොහැකි බවත්, දැඩි ලෙස අවධාරණය කරමි.

ප‍්‍රසන්න රණතුංග (පා.ම.)
ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු

සිරිසේනගේ පිංපි වැඩ කරන ලේක්හවුස් පලකර ඇති අසත්‍ය පුවත පහටහින් දැක්වේ….

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (4දා) බත්තරමුල්ල නෙළුම් පොකුණ මාවතේ සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාමාර්ග විවේචනයට ලක්වීමෙන් පසුව එම කණ්ඩායම දෙදරා ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. (නව පක්ෂයක් පිහිටුවා බැසිල් රාජපක්ෂ මහතා කරගෙන යන ක්‍රියාවලිය එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති අතර එම ක්‍රියාමාර්ග වෙනස් කිරීමට බැසිල් පාර්ශ්වය එකඟ නොවීම නිසා මෙම දෙදරා යාම සිදුවී තිබේ.

ජී. එල්. පීරිස් මහතා ඉදිරියට දමාගෙන නව පක්ෂයක් පිහිටුවා එයට ශ්‍රීලනිප පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී පිරිසක්ද සම්බන්ධ කර ගනිමින් පක්ෂය දෙකඩ කිරීමට බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාකිරීම තමන්ට අවාසිදායක බවත් එය වහාම නැවැත්විය යුතු බවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ. එබඳු ක්‍රියා මඟින් තමන්පක්ෂය කැඩීමේ චෝදනාවට ලක්වන බව එම පිරිස පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් නව පක්ෂයේ වැඩ කටයුතු නවතා දැමීමට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එකඟ වී නැති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහයද හිමිව ඇත්තේ එම කණ්ඩායමට බව ආරංචි මාර්ග කියයි.

නව පක්ෂයට තමන් කිසිසේත් සම්බන්ධ නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගොස් අනාථවීමට තමන් කිසිසේත් සූදානම් නැති බවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ප්‍රකාශ කොට ඇත. එබැවින් මෙම කණ්ඩායමේ දෙදරීම අනිවාර්ය වී ඇති බව ආරංචිමාර්ග කියයි. ඒකාබද්ධ විපක්ෂය ලෙස ක්‍රියාකිරීමට එක් වූ මන්ත්‍රී කණ්ඩායම තුළ සිටි ප්‍රබල පිරිසක් මුලසිටම බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව සිටියහ. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයකට පොළඹවා ඔහුව පරාජය කිරීමට මුල්වූයේ බැසිල් රාජපක්ෂ මහතා බවට පිරිසක් එළිපිටම බැසිල්ට චෝදනා කළහ. ඔහුගේ ක්‍රියා නිසා රාජපක්ෂ පාලනයද අප්‍රසාදයට පත්වු බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම ක්‍රියාත්මක වූයේ බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමටය. මෙය නැවතත් පවුල්වාදය ඉස්මතුවීමක් ලෙස දැන් චෝදනා නැගී ඇත.

පක්ෂයේ තම අනුගාමිකයන්ගේ හඬට කන්නොදී මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා ආරක්ෂා කරමින් ඔහුගේ ක්‍රියාවන්ට ආධාර කිරීම නිසා එම කණ්ඩායමේ දෙදරා යාම නොවැළැක්විය හැකි තත්ත්වයට පත්ව තිබේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.