LNN SPY

“බය නැති අගමැති හිටියට ….බය නැති ජනපති නෑ” ….සුසිල්, සෙනෙවිරත්න මහින්දට කියයි…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණයට තනිවම තරග කිරිමට දැඩි ලෙස බියකින් සිටින බැවින් ඉදහිට මාධ්‍යයට කරන ප්‍රකාශයන් පිළිබඳව සැලකිලිමත් නොවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ඊයේ (22)කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී හමුවි ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව ඒකාබද්ධ විපක්ෂයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන ලිඛිත යෝජනාවලිය අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට භාර දි තිබේ.

එහිදි හිටපු ජනාධිපතිවරයා සිනාසේමින් අමාත්‍යවරුන් දෙදෙනාගෙන් පසුගියදා ජනාධිපතිවරයා එජාප ජ්‍යෙෂ්ඨයන් සමග කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසා ඇති අතර එයට පිළිතුරු දෙමින් සුසිල් පවසා ඇත්තේ “ජනාධිපති මාධ්‍යයට විවිධ කතා කිව්වාට මැතිවරණයට තනියම එන්න බයයි…” “බය නැති අගමැති හිටියට ….බය නැති ජනපති නෑ”  යනුවෙන්ද පවසා තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමේදී 50ට 50 අපේක්ෂකයන් යොදාගෙන නාම යෝජනා සකස් කිරීම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිඛිතව ඉදිරිපත් කර තිබෙන කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

වත්මන් ජාතික ආණ්ඩුවේ කොටස්කාරයන් ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන තුරු කිසිදු කරුණක් පදනම් කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා නොකිරීමටද මෙහිදී තීරණය කළ බවයි ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ.

Top