Breaking
18 Apr 2025, Fri

බරපතල වංචා හා දුෂණ විමර්ෂණ කොමිසමට පාර වරදී

 

බරපතල වංචා හා දුෂණ විමර්ෂණ කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැදවීම

ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතල වංචා හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කැදවීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අද දින එම කොමිසම ඉදිරියේ පෙනී සිටියේය. මෙකී කොමිසම විසින් එතුමා වෙත එවන ලද ලිපියේ විමර්ෂණයට තුඩු දී ඇති කාරණා පහක් සදහන් කර තිබුණි.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති පළමු කාරණය වන්නේ පුරප්පාඩුවක් නොමැති අවස්ථාවක අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනයේ සභාපති / ප්‍ර‍ධාන විධායක නිලධාරී වශයෙන් පත් කිරීම යන්නයි. එම පත් කිරීම විධිමත් ලෙස සිදු කරනු ලබන්නේ ජනාධිපතිතුමා නොව ස්වාධීන රෑපවාහිනී සමාගමේ කොටස් අයිතිය තිබෙන මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා විසිනි. එමෙන්ම අදාල පත් කිරීම කර තිබුණේ කළින් එම තනතුරේ සිටි සභාපතිතුමා ඉවත් වීමෙන් පසුවය.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති දෙවන කාරණය වන්නේ ජනාධිපතිවරණ කාල සීමාව තුළදී “මීඩියා ෆැක්ටරි” ආයතනය මගින් දැන්වීම් පල කිරීම සම්බන්ධව අය විය යුතු මුදල් නොගෙවීම තුලින් සිදු වී ඇතැයි කියන මූල්‍යමය පාඩුවයි. මෙකී මුදල අයකර ගැනීමට ස්වාධීන රෑපවාහිනී සේවය විසින් මීඩියා ෆැක්ටරි ආයතනය වෙත 2015 ජනවාරී 27 වන දා ලිපියක් යොමුකර තිබූ අතර එකී ලිපියේ සදහන් පරිදි අය විය යුතු මුළු මුදල මීඩියා ෆැක්ටරි ආයතන විසින් ගෙවා ඇත.එකී මුදල් භාරගත් බවට ස්වාධීන රෑපවාහිනී ආයතනය විසින් අත්සන් කොට පිළිගෙන ඇත.

එම මැතිවරණ කාල සීමාව තුලම “ස්පෙෂල් සොලුයුෂන්” ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ජාලය හරහා විකාශය කළ දැන්වීම් සදහා රු. ලක්‍ෂ 24 ක මුදලක් නොගෙවීම තුළින් මුල්‍යමය පාඩුවක් සිදු වී තිබෙන බව තුන්වන කාරණය වේ. මෙම මුදලද අදාල දැන්වීම් ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනය වෙත ගෙවා අවසන් කර ඇති බව අප වෙත වාර්තාවී ඇත. දැන්වීම් විශාල ප්‍රමාණයක් දමන විට ඒවායින් යම් ප්‍රතිශතයක් නොමිලේ ලබා දීම ද සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම කරන වෙළද ප්‍රවර්ධන කටයුත්තක් බවද මෙහිදී සැලකිය යුතුය.

2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍ර‍චාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍ර‍චාරය නොකර ලබා ගත් මුදලින් රු. ලක්‍ෂ 86 ක් ආපසු දීම තුලින් ස්වාධීන රෑපවාහිනී ආයතනයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම කොමිසමේ ලිපියේ සදහන් සිවුවන කාරණය වේ. මෙය හුදෙක්ම ස්වාධින රෑපවාහිනී ආයතනයේ අභ්‍යයන්තර පරිපාලන කටයුත්තකි.

2015 ජනාධිපතිවරණයේ දී අපේක්‍ෂක‍ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක දැන්වීම් සදහා සම්මත මුදල මෙන් දෙගුණයක් අය කර එකම මැතිවරණයක දී සමාන අපේක්‍ෂකයන් දෙදෙනෙකුගෙන්, එක් අයකුගෙන් වැඩිපුර මුදලක් ලබා ගැනීමට කටයුතු කල බව කොමිසමේ ලිපියේ සදහන් පස්වන කාරණයයි. මෙයද ස්වාධීන රෑපවාහිනී සේවයේ අභ්‍යන්තර කටයුත්තකි.

2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයක් අතරතුර අපේක්‍ෂකයා වෙනුවෙන් ප්‍ර‍චාරක දැන්වීම් ලබා දෙන්නේ කුමන මාධ්‍ය ආයතනවලටද, එවැනි දැන්වීම් කීයක් දමනවාද, වැනි කාරණා අධීක්‍ෂණය කිරීම ඡන්ද අපේක්‍ෂකයෙකුට ප්‍රායෝගිකව කළ නොහැක. එමෙන්ම ප්‍ර‍චාරක දැන්වීම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන්නේ ඡන්ද අපේක්‍ෂකයා නොව ඔහු නියෝජනය කරන දේශපාලන සංධානය හෝ පක්‍ෂය විසින් ප්‍ර‍චාරක දැන්වීම් නිර්මාණය කිරීමට භාර දී ඇති ප්‍ර‍චාරක (ඇඩ්වටයිසින්) ආයතන විසිනි. අපේක්‍ෂකයා හෝ ඔහුගේ දේශපාලන පක්‍ෂයවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග ඍජු ලෙස සම්බන්ධ වන්නේ නැත.

කෙසේ වෙතත් යම් කිසි ජනාධිපතිවරණයකදී දේශපාලන පක්‍ෂයකින් / සංධානයකින් තරග කරනු ලබන අපේක්‍ෂකයකුගේ දැන්වීම් ප්‍ර‍චාරය ඇතුලු කටයුතු සිදු කරනු ලබන්නේ අදාල පක්‍ෂයේ / සංධානයේ මෙහෙය වීම මතය. ඒ අනුව එම සියලු කරණු අපේක්‍ෂකයාගේ වගකීමක් නොව අදාල පක්‍ෂයේ / සංධානයේ වගකීමකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෙවන වරටත් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කල යුතු බවට යෝජනාව ශ්‍රී ලංකා නිහස් පක්‍ෂය තුල ඉදිරිපත් වූ අවස්ථාවේ දී අදාල යෝජනාව ස්ථිර කරනු ලැබුවේද පක්‍ෂයේ වර්තමාන සභාපතිතුමාමය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම ඉදිරියට කැදවා කුමක් හෝ වරදක් කර තිබෙනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීම තුළින් දේශපාලන  වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රත්‍යක්‍ෂ වන කරුණකි.

රොහාන් වැලිවිට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 

මාධ්‍ය ලේකම්

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.