Breaking
24 Feb 2025, Mon

බල්ලන් සහ පොලීසිය අතර ඇති වෙනස කුමක්ද?

ඊනියා යහපාලනයට රෙදි නැතිව කඩේ ගිය ලංකා ඊ නිවුස් දඩාවතේ යන පිස්සු පොලීසිය පිලිබද පුවතක් පල කර ඇත. පොලීසියේ අව කල් ක්‍රියාව පිලිබද විශ්‍රාමික පොලිස් නිලධාරින් පිරිසක් විසින් ජනාධිපතිවරයාට යවූ ලිපියක පිටපතක්ද ඊට අමුනා ඇත. ඊනියා යහපාලන ආන්ඩුවේ දේශපාලන පලිගැනීම් ව්‍යාපෘතියේ අලුගෝසුවන් ලෙස යොදා ගත්තේ පොලීසියයි . හමුදා කදවුරු වලට බලහත් කාරයෙන් ඇතුලු වී පිස්සු කෙලීමට ඔවුන්ට අවසර ලැබිනි.කොටි ඩයස්පෝරාවේ ඉල්ලිම ඉ‍ටුකීරීමට රට වෙනුවෙන් අපරිමිත මෙහෙයක් කල විරුවන් පාවා දුන්හ.ඔවුන් තලා පෙලා දැමිමට නොනිල බලපත්‍රයක් ලබා දුන්නේය . ඔවුන් සිර කිරීමට දිවා රෑ නොබලා බොරු සාක්ෂි නිර්මානය කරමින් සිටියි .

වෙහෙරක් ගිල්ල යකාට අග්ගලාව කජ්ජක්ද කීවා සේ අද ඔවුන් අහිංසක පුරවැසියන් ද ගොදුරු කර ගනිමින් සිටියි , අහිංසක පුරවැසින් ගේ ලේ සමග සෙල්ලම් කරයි.බඩ දරු අම්ම්ලාට සිය ආදරනීය ස්වාමිපුරුෂයන් අහිමි කර ඇත, හෙට ලොව එලිය දකින බිලිදා පිය සෙනෙහස ලබන්නේ කවරෙක්ගෙන්ද ? ඔවුන් තාත්තා කියා බහ ‍තෝරන්නේ කෙසේද ? අසරන දරුවන් පිය සෙනෙහස අහිමි වීම කෙසේ දරා ගන්නද ?

ජරාව කෑම , හපා කෑම බල්ලාගේ ගතියයි. ඒ සදහා සදහා නොනිල බලපත්‍රයක් බල්ලා සතුය.ජරාව කෑවා , හපා කෑවා කියා කිසි දිනක බල්ලන්ට නඩු දමන්නේ නැත. හපා කෑමෙන් කෙනෙක් මිය ගියද ඌට ගැටලුවක් නැත.උගේ ගැලවුමට ස්වාමියා සිටියි . ලංකාවේ පොලීසියේ පැටිකිරියද බල්ලාගේ පැටිකිරිය මෙනි. ජරාව කෑම ,පහර දීම පොලීසියේ ගතියයි .ඒ සදහා නොනිල බලපත්‍රයක් පොලීසිය සතුය.ජරාව කෑවා , පහර දුන්නා කියා පොලීසියට නඩු වැටෙන්නේ නැත .පහර දීමෙන් කෙනෙක් කෙනෙක් මිය ගියද ඌට ගැටලුවක් නැත. උන්ගේ ගැලවුමට මහ එකා සිටියි . කරුනු එසේ හෙයින් බල්ලන් සහ පොලීසිය අතර ඇති වෙනස කුමක්ද ? කකුල් ගනන පමනද ?

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

පොලීසියේ බලු වැඩ පිලිබද අප පුවතක් පල කරේ ජනවාරි 10 දිනය. කියවන්න මෙතනින්…
ගෝඨාභයගෙ කාලේ නම් පොලිස් බල්ලො හිටියේ බැදල දාලා. බල්ල හිටියේ බල්ලගෙ තැන. දැං කොහෙද, දංවැල් කඩාගෙන ඉබාගාතේ යනවා. ජරාව කාල හත් පොලේ රෙනව
http://www.lankanewsweb.today/archives/7772

ඊනියා යහපාලනයට කඩේ ගිය ලංකා ඊ නිවුස් පොලීසිය පිලිබද පලකල පුවත කියවන්න මෙතනින්….
එදා ප්‍රා.සභා මන්ත්‍රීවරුන්ගෙන් පවා ගුටිකමින් වලිගය දෙපරහැන්දේ ගසා සිටි පොලිසිය අද ලයිෂන් චන්ඩි වී අහිංසක රටවැසියන් මරද්දී පොලිස්පති අපරාධකරුවන් බේරනවා: ක්ෂනිකව මැදිහත් වන්න
http://lankaenews.com/news/3395/si

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.