Breaking
24 Feb 2025, Mon

බලු ගුනේගේ මන්ත්‍රීකම ගත්ත වෙල්විදානේට කෙළවෙන ලකුණු

ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය තමා සතු කර ගැනීමට වෙල් විදානේ ෆෝන්සේකා ගිනී පෙලෙල්ල වතුරේ ඔබා රනිල්ගේ සිරිකොත ගුබ්බැයමට රිංගා ගත්තද දැන් වැඩෙ කෙලවෙන ගානට පැමිනෙන බව අප අනාවරණය කළේ ෆොනී මන්ත්‍රීකම ගන්නත් පෙරය.

ඒ අනුව එජාප ජාතික ලැයිස්තුව මාර්ගයෙන් පාර්ලිමේන්තුවට පත් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පත්වීම හා එම තනතුරේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රනිල්ගේ යුධ විරෝධී කණ්ඩායමේ මෙන්ම චන්ද්‍රිකාගේ සුරතෙලෙකු වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු යෝජනා නාමාවලියේ නොසිටි සරත් ෆොන්සේකා පත් කිරීමෙන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝණය වීමක් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 අ වගන්තීන් උල්ලංඝණය වීමක් සිදුවී ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

එහි වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, කථානායකවරයා, මැතිවරණ කොමිසමේ සභාපති, පාර්ලිමේන්තුවේ මහලේකම්, නීතිපතිවරයා ඇතුළු අට දෙනෙක් නම් කර තිබේ.

අපි කියු දෙයක් වැරදිලා නෑ 

[box type=”success” ]එවිට විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසියම් කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතාවයක් ගොනු කිරිමට කටයුතු කලහොත් වැඩේ ගොඩ බවය. එහිදි රනිල් පවසා ඇත්තේ..”විජේදාස ….සරත් රට වටේම ගිහින් ගත්තේ ඡන්ද 25000ක් විතරයි……ඊට වඩා මේ කොළඹ මනාප ගත්ත අය ඉන්නවා පාර්ලිමේන්තුවට යන්න විදියක් නැතුව…..ඒ කට්ටිය හෙට අනිද්දාට ගානට වැඩේ දෙයි යනුවෙනි…”[/box]

සම්පුර්ණ කතාව කියවන්න –පාර්ලිමේන්තු යන්න ගිය ෆොනී සිරිකොත අගුපිලේ -ෆොනී නැසු කුමන්ත්‍රණය මෙන්න

[box type=”success” ]ෆොන්සේකාගේ විරුද්ධවාදින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (01)(10) Article 91 (1)(xi) අනුව ෆොන්සේකාට තනතුරක් දැරිමට නොහැකි බවයි….පහත දැක්වෙන්නේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ දැක්විමයි….[/box]

සම්පුර්ණ කතාව කියවන්න-ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් අත්හරි!

[box type=”success” ]ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එ.ජා. පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල තීරණයක් නොව කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් බව හිටපු නියෝජ්‍ය ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය අනාවරණය කර තිබේ.[/box]

සම්පුර්ණ කතාව කියවන්න- කලවැද්දාට මන්ත්‍රීකම දුන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නොවේ-මෙන්න ඇත්ත

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.